English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බඩු මිළ වහා අඩුකරන්න - ජනපතිට පණිවුඩ
"අයීතින් උදෙසා කාන්තාවෝ” සංවිධානය විසින් අද (අගෝස්තු 12) පස්වරුවෙිදි කොටුව දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. වැඩිවන ජීවන වියදමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර එහි ස්වභාවය පෙන්නුමි කරන විදී නාට්‍ය සංදර්ශනයක් ද ඉදිරිපත් කළේය.

"ජනතාවට කොකා පෙන්වමින් මෝඩයින් බවට පත්කරවමින් යමි යමි අවස්ථාවලදී මෙි ආණ්ඩුව පෙර නොසිදු ආකාරවලින් එදිනෙදා භාවිතයට ගන්නා ආර්ථික භාණ්ඩවල මිළ ඉහළ පහළ දමනවා. ආණ්ඩුවට කිසිම වගකිමක් නැහැ මෙි රටෙි ජීවත්වන මිනිස්සු ගැන. මිනිස්සු ජීවත් වෙන්නේ රැකියාවක් කරලා උපයාගන්නා සොචිචමෙන් මිසක් ආණ්ඩුවෙි ඇතැමි මැති ඇමති ගොල්ල සොයාගන්නවා වගේ කොමිස් මුදල් ,වංචා මුදල් , දූෂිත මුදල් වගේ මුදල් කුටිටිවලින් නොවෙයි. මෙික මහා විහිළුවක් රටෙි මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලං කිරීම. ජනාධිපති තුමා කියනවා මිනිස්සුන්ගේ දුක දන්නවා  කියලා නමුත් දුක දන්නවා වුනාට ඒ දුක තේරෙන්නේ නැද්ද කොහෙද එහෙම නැත්නම් මෙි වගේ හිතු හිතු වෙලාවට හිතු හිතු විධියට බඩු මිළ ඉහළ දමන්න ඉඩ දී බලා සිටිනවාද ?" යනුවෙන් එම කාන්තාවෝ සිය හඬ නැංවීය.

"අපි ඉල්ලා සිටින්නේ මෙි රටෙි මිනිස්සුන්ට මොනවා නැති වුනත් පෙරේතකමට නොවෙයි බඩගින්නට කාලා බීලා ඉන්න, අධ්‍යාපනයක් කරගන්නට, ගරුත්වයක් ඇතිව ජීවත්වෙන්නට අවශ්‍යකරන පරිසරය ගොඩනගා දෙන්න කියලයි." කීවෙිය.

මෙම විරෝධතාවය අදට යෙදෙන හර්තාල් දිනයට සමගාමීව සිදුකළ බවද ”අයීතින් උදෙසා කාන්තාවෝ” සංවිධානය සඳහන් කළේය.

සියලු ඡයාරූප ලංකා ටෘත් වෙබි අඩවියෙනි.
-MMP




වීදිනාට්‍ය සංදර්ශනයේ අවස්ථාවන්








2014-08-12
Advertisement

Find us on Facebook