English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නොබෙල් සාම ත්‍යාගය කොළඹට නොව, කොළොම්බියාවටයි !
මෙවර, 2016 වසරේ දී පිරිනමන නොබෙල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සන්තෝෂ් වෙත පිරිිනමා ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කළේය. ඊට පාදක වී ඇත්තේ වසර පනක දීර්ඝ ඉතිහාසයක් තුළ පැවති ගරිල්ලා සටන් නවතා දමා සාමයේ මාවතකට අවතීර්න වන්නට එරට ජනාධිපති රැුගෙන ඇති  උත්සාහයයි.

දෙමළ කොටි ත‍්‍රස්තවාදින් පරාජය කළ ශ‍්‍රි ලංකාවේ හිටපු ජනාධිපති පර්සි මහින්ද රාජපක්‍ෂව ද මීට පෙර වසරවලදී නොබෙල් සාම ත්‍යාගය සඳහා කතිකාවකට යොමු විය. එහෙත් එම කතිකාවන් වැඩිදුරටත් කරළියේ නොරැුදුණි. මන්ද දශක තුනක් තුළ ක‍්‍රියාත්මක වු දමිළ ගරිල්ලා ව්‍යාපාරය නැවැත්වු ආකාරයත් ඉන් අනතුරුව සිවිල් යුද්ධයේ සුන්බුන්වලට හා නටඹුන් වු ජන ජීවිත ගොඩනැගීමේ යාන්ත‍්‍රණය හෙවත් ඊට ප‍්‍රතිඋත්තර දීමේ ක‍්‍රියාවලිය ලොවට දිස් වු ආකාරය අනුවය. 

තමන් වෙත පිරිනැමු නොබෙල් සාම ත්‍යාගය පිළිබඳව සතුටට පත්වන බව ප‍්‍රකාශ කර ඇති ජනාධිපති මැනුවෙල් සන්තෝෂ් මෙම සාම ත්‍යාගය ජනතාවට අයිති එකක් යැයි ද ප‍්‍රකාශ කළේ යැයි වාර්තා වෙයි.



මෙම ඡායාරුපයෙහි සිටින ජනාධිපති හුවාන් මැනුවෙල් සන්තෝෂ් ගේ දකුණතෙහි අත්ලෙහි යම්කිසි අකුරු තුනක සංකේතයක් ඇත. එනම් අත්ලෙහි සටහන් කර ඇත්තේ ච්‘ එනම් ”සාමය” යන්න බව මෙම ඡායාරූපය ගෙන ඇති රොයිටර් පුවත් සේවයෙහි ඡායාරූප ශිල්පි ජෝස් මිගෙල් ගෝමස් විසින් සටහන් කර ඇත.

(අපේ රටේ හිටපු ජනාධිපති මෙන් වශී බෝල , නැව් බදින කඹ මෙන් නූල් තොග, විවිධ ගල් ඇල්ලූ මුදු තට්ටු සහ විවිධ වු හැඩැති ඇට බෝලසහිත වළලූ පළදාගෙන නොවෙයි)
 
තවද මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ලතින් ඇමරිකානු වාමාංශික ගරිල්ලන් සමඟ වසර 52ක් මුළුල්ලේ පැවති සටන් නිමාකිරීම අරමුණු කරමින් ජනාධිපති සන්තෝෂ් විසින් ආරම්භ කළ සාම ගනුදෙණුව තවදුරටත් කි‍්‍රයාත්මක කරලිම සඳහා කොළොම්බියානු ජනතාව විසින් ජනාධිපති සන්තෝෂ් දෙවන වරටත් තෝරා පත්කර ගැනීමේ මැතිවරණ ජයග‍්‍රහණයේ දී බැව් ද ගාඩියන් පුවතෙහි සටහන් කර තිබිණි.
 
වසර හතරක් මුළුල්ලේ පැවති සාකච්ඡාවලින් අනතුරුව කොළොම්බියා ආණ්ඩුව අගොස්තු මස අවසන් දිනවලදී ෆාක් කැරළිකරුවන් සමග සාම ගිවිසුමකට එළඹිට තීරණය කළ අතර එම ගිවිසුමට අත්සන් තැබුවේ සැප්තැම්බර් 26 වෙනිදා දිනදීය.

ජනාධිපති මැනුවෙල් සන්තෝෂ් විසින් ෆාක් කැරළිකරුවන් සමග එවැනි සාම ගිවිසුමකට එළඹීම පිළිබඳව නොබෙල් සාම ත්‍යාග කමිටුව ජනාධිපතිවරයා වෙත සිය සතුට ප‍්‍රකාශ කර ඇත.


ජනාධිපති මැනුවෙල් සන්තෝෂ් හා වත්මන් ෆාක් වාමාංශික ගරිල්ලා නායක රොඞ්රිගෝ ලොන්දෝනෝ හෙවත් තිමචෙන්කෝ (දකුණු පස) සමඟ සාම ගිවිසුමට අත්සන් තැබූ දින  ඡායාරූපයක් පහතින් දැක්වෙයි.

ශ‍්‍රි ලංකාවේ ද, ජීවිත හානි සහ දේපොළ හානි සිදුකරමින් දශක තුනක් පුරා ඇදුණු සිවිල් යුද්ධය මෙසේ නිමවෙමින් දෙපාර්ශවයන් සුභවාදි මාර්ගයකට අවතීර්ණ වෙමින් දමිළ සටන්කාමින්ගේ ජවය, බුද්ධිය හා කැපවීම සමස්ත ශ‍්‍රී ලංකාවේ ම උන්නතිය වෙනුවෙන් යොදවා ගන්නට එවකට හිටි රාජ්‍ය නායකයින් සමත් වූයේ නම් කෙතරම් භාග්‍යයක් ද ? එසේ වුයේ නම් ජනාධිපති හුවාන් මැනුවෙල් සන්තෝෂ්ට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෝ මහින්ද රාජපක්‍ෂ නාමය නොබෙල් සාම ත්‍යාගය ශ‍්‍රි ලංකාවට ලබාගන්නට මාවත විවෘත කර දෙනු ඇත. ඒ සඳහා ශ‍්‍රි ලංකාවට තවමත් අවකාශය ඇත. ඒ, වත්මන් නායකත්වයන්, ඞීල් පසෙකලා, දේශපාලනය පසෙකලා, රටේ දැවැන්ත පීඩාවේ ගොදුරු බවට පත්වී සිටින මනුෂ්‍යත්වයට මූලිකත්වය දී, සිදුවී ඇති සහ සිදුවෙමින් පවති අයුක්තියට අසාධාරණයට පිළිතුරු ලබාදී, ඒ මනුෂ්‍යත්වයට උරුමව ඇති ගරුත්වයෙන් යුතුව ජීවත්වන්නට අවකාශය ලබාදෙන්නේ නම් ය.

කොළොම්බියා සිවිල් යුද්ධයට වසර 50කට අධික ඉතිහාසයක් ඇති බවත් සමස්ත කාලපරිච්ඡ්දය පුරා රජයේ හමුදාව සහ ගරිල්ලා ප‍්‍රහාර මගින් දෙලක්‍ෂ හැටදහසකට අධික  පුද්ගල ජීවිත විනාශ වී ඇතැයි ඇස්තමේන්තු කර ඇතිබවත් දශලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමිවී ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒහෙත් සාම ගිවිසුම අත්සන් කරමින් වත්මන් ගරිල්ලා නායක රොඞ්රිගෝ ප‍්‍රකාශකර ඇත්තේ, ඉතිහාසය පුරාවටම සිය විප්ලවීය කැරැල්ල තුළ පීඩාවිදී සමස්ත ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි. තම සංවිධානය දැන් සම්පූර්ණයෙන්ම රටේ සාමය වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් කැපවෙන බවයි.
 
මුලාශ‍්‍ර සහ ඡායාරූප - විදෙස් පුවත්
-    මෙලනි මානෙල් පෙරේරා



2016-10-07
Advertisement

Find us on Facebook