English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු ලබාදීමට ඔබ බියද ?
"තොරුතරු ලබා දිය නොහැකි අවස්ථා ගැන තොරතුරු දැනගැනීමේ පනතේ වගන්ති කිහිපයක් සඳහන් වෙනවා. එම වගන්තිවල කුමක් සඳහන් වුවත් මහජන යහපත සඳහා වන  තොරතුරක් නම් කුමන සීමා කිරීම් තිබුණත් ලබා දිය හැකියි. ඒ කියන්නේ ලබා දීම සීමා කර ඇති තොරතුරු වුවත් මහජන යහපත සඳහා නම් ලබා දිය යුතුයි. පනතේ ඒ බව සඳහන් වෙනවා. ජනමාධ්‍යයටත්, පුරවැසියන්ටත් එයින් උපරිම ප්‍රයෝජන ගත හැකියි." යැයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා මහතා පැවසීය.



    ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා
නීතිඥ එස් ජී පුංචිහේවා මෙසේ ප‍්‍රකාශ කළේ තොරතුරු දෙන්න තවම බයද ? යන මැයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවැත්වූ විවෘත සංවාදයක් ආමන්ත‍්‍රණය කරමිනි.

එහිදි තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“ජනමාධ්‍යවේදීන්ට නඩු දැමිය හැකි අවස්ථා දෙකක් තිබුණා. දණ්ඩනීති සංග්‍රහයේ නීතියක් තිබුණා. එය 2001දී පමණ ඉවත් කළා. මාධ්‍යයේ යම් දෙයක් පළ වුණාම අපහාසයක් වුණා කියා නඩු දාන්න නීතිපතිට බාර දෙනවා. රජයේ වියදමින් නීතිපති තමයි නඩු දාන්නේ. දැන් ඒ නීතිය නෑ. දැන් තිබෙන්නේ වන්දි ඉල්ලා සිවිල් නඩු දානවා. පුද්ගලයෙක් වශයෙන් තමන්ට අපහාස වූ බව කියමින් නඩු දමනවා. කීර්තියක් කියා නමට තිබුණත් එය නීතිය බාර ගන්නවා. ඒ අනුව මාධ්‍යවේදීන්ට නඩු දානවා. ඉන් බේරෙන්න තිබෙන දේ තමයි මහජන යහපත සදහා එය හෙළි කළාය කියන කරුණ. දූෂණ කළා, වංචා කළා යැයි හෙළි කළ අවස්ථාවක ඔහු නඩු දානවා නම් අදාළ පුද්ගලයා ඔප්පු කළ යුතුයි තමා එවැනි වංචාවක් නොකළ  බව.

තමන්ගේ ආයතනයේ තොරතුරු ආයතනයේ අවසරයක් නැතිව පිටට දෙන්න බැහැ කියා ආයතන සංග්‍රහයේ තිබෙනවා. තොරතුරු පිට කිරීම වැරදි බව ආයතන සංග්‍රහයේ තිබෙනවා. ආයතනයේ පුද්ගලයන්ගේ වැරදි ආයතනික වැරදි ලෙස හෙළිදරව් කරන්න බැහැ කියා සංස්කෘතියක් හැදිලා තියෙනවා.

නිල රාජ්‍ය රහස් පනත සියලු දෙපාර්තමේන්තුවලට අදාලයි කියා මතයත් තිබෙනවා. එය අදාළ වෙන්නේ ත්‍රිවිධ හමුදාවලට සහ පොලිසියේ අපරාධ අංශවලට පමණයි. හමුදාමය කටයුතු සම්බන්ධ තොරතුරු පමණයි එයින් දෙන්න බැරි. හමුදා කණ්ඩායමක බාහිර දූෂණ සිදුවුනොත් ඒවා හමුදාවේ දේවල් විදියට සලකන සංස්කෘතියක් තිබුණා. ඒ පමණක් නොවෙයි අනෙක් සියලුම දෙපාර්තමේන්තු මෙය අනුගමනය කළා. නිල රාජ්‍ය රහස් පනතේ නීති  මේකට අදාළ නෑ. නමුත් භාවිතයෙන් පාවිච්චි කරනවා. ඊට ලොකුම ගැම්මක් කර ගත්තේ ආයන සංග්‍රහයේ වගන්ති. ඒ නිසා නිලධාරීන් තොරතුරු දෙන්නේ නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබෙනවා. මේ නඩු තීන්දුවෙන් අපූරු දෙයක් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිති උල්ලංඝනය කරන්න ආයතන සංග්‍රහයේ මේ නීතියට පුළුවන් කමක් නෑ. ඒ බව මේ නඩු තීන්දුවේ විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. තමන්ගේ දුක්ගැනවිල්ලක් මාධ්‍යයට කියන්න බාධාවක් නෑ. මේ නඩුවේ විත්ති වාචක ලෙස විත්තිකරුවන් පාවිච්චි කළේ ආයතන සංග්‍රහේ ඇති මාධ්‍යයට තොරතුරු දීම පිළිබඳ වගන්ති. මෙවැනි දෙයක් විත්ති වාචකයක් ලෙස කියන්න හේතු වී තිබෙන්නේම ගුරුවරියට ඇය කියන ප්‍රශ්න සිදුවීම බව විනිසුරු සඳහන් කර තිබෙනවා. මේ දැනුම රජයේ සේවකයන් අතරට ගෙන යා යුතුයි.”  යැයි එස් ජී පුංචිහේවා ප‍්‍රකාශ කළේය.

ඡායාරූප -  අන්තර්ජාලයෙන්

-    මෙලනි



2016-10-06
Advertisement

Find us on Facebook