English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එක්සත් ආණ්ඩුවක් පිහිටුවීම ගැන ඉන්දියාවේ සතුට !

අගමැති රනිල් වික‍්‍රමසිංහ ඔක්තෝබර් 05 වෙනිදා නිල සංචාරයක් සිදුකරමින් ඉන්දියාවේ දේශපාලන චරිත කිහිපයක්ම හමුවු බව වාර්තා වෙයි. එහිදි ඉන්දියාවේ හිටපු අගමැති මනමෝහන් සිං , ඉන්දිය ජාතික කොන්ග‍්‍රසයේ් සභාපතිනි සෝනියා ගාන්ධි ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සමග සාකච්ඡා පවත්වා ඇත.

ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් ඒකරාශි වෙමින් ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ අවිරෝධයෙන් යුතුව කටයුතු කිරීමට ශක්තියක් ලැබෙන බවත් එය ආණ්ඩුවේ විශාල ජයග‍්‍රහණයක් බවත් හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප‍්‍රකාශ කර ඇත.

ශ‍්‍රි ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සෝනියා ගාන්ධි හමුවු අවස්ථාවේදි මේ බව ප‍්‍රකාශ කර ඇති මන්මෝහන් සිං, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා  නැවත වරක් ශ‍්‍රි ලංකාවේ ආර්ථීක සංවර්ධන ක‍්‍රියාවලියට සම්බන්ධවීම ඔවුන්ගේ සතුටක් බව ද ප‍්‍රකාශර ඇත.

රට තුළ නව සංවර්ධන උන්නතිය හා කළාපීය සම්බන්ධතාවය පිළිබඳව සෝනියා ගාන්ධි රනිල් වික‍්‍රමසිංහ හා සාකච්
ඡා පැවැත්වු අතර ඉන්දීය හිටපු වෙළෙඳ සහ කර්මාන්ත ඇමති ආනන්ද් ෂර්මා විසින් යෝජිත එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.



දෙපාර්ශවයන් විසින් රනිල් වික‍්‍රමසිංහගේ දකුණු ඉන්දියා-ශ‍්‍රි ලංකා කළාපිය ආර්ථීක සංකල්පය සම්බන්ධයෙන් ද සාකච්ඡා  පවත්වා ඇත.  

-මෙලනි



2016-10-06
Advertisement

Find us on Facebook