English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගාල්ලට මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථානයක් - නවකයින් පුහුණු කෙරේ!

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් හදුන්වා දෙන ලබන මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන සංකල්පය දිවයින පුරා දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි ස්ථාපිත වෙමින් පවතින බවත් ගාල්ල මධ්‍යස්ථානය සඳහා ආධුනීක මානව හිමිකම් ආරක්‍ෂකයින් පුහුණු කිරීම පසුගිය දා ආරම්භ කළ බවත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන නව සංකල්පයේ දෙවන අදියර වශයෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදි ගාල්ල සහ බදුල්ල , මොණරාගල යන දිස්ත‍්‍රික්කවලදී එකී මධ්‍යස්ථාන ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වෙයි.

මෙහි පළමු අදියර ගම්පහ මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල ආරම්භ කර ඇති බව ද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.



ප‍්‍රාදේශීය වශයෙන් මිනිසුන් මුහුණ දෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ගැටළු සඳහා කඩිනමින් මැදිහත් වී ඒවා විසඳා ගැනීමට අවශ්‍ය මූලික සහයෝගය ලබාදීමත් ඔවුන් ආරක්‍ෂා කිරීමත් රජයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ යාන්ත‍්‍රණය වෙත විධිමත්ව වින්දිතයින් යොමු කිරීමත් එම යාන්ත‍්‍රණය අධීක්‍ෂණය කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලබන තමන්ගේ මෙන්ම අනෙකාගේද මානව හිමිකම් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් බිහිකිරීම මෙම නව සංකල්පයේ අරමුණ බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ් විධායක ලේකම් පිලිප් දිසානායක ප‍්‍රකාශ කරයි.

දෙසැම්බර් මාසයේ සිට ක‍්‍රියාත්මක කිරිමට නියමිත ගාලූ මධ්‍යස්ථානය සඳහා මානව හිමිකම් ක‍්‍රියාධරයින් පුහුණු කිරීමේ පළමු වැඩමුළුව ගාල්ල සමුපාකාර මන්දිර ශාලාවේදි ඔක්තෝබර් මස 02වෙනිදා පැවැත් වු බව පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.


 

ඡායාරූප -  රයිට් ටු ලයිෆ් මා හි ම

-    මෙලනි




2016-10-04
Advertisement

Find us on Facebook