English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පාසැලට ඇතුලත්කර නොගැනීමේ පරීක්‍ෂණ ආරාම්භ කරයි !

2015 වසර සඳහා හලාවත ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය යුතුව සිටි, හලාවත ආනන්ද මාවතෙහි පදිංචි යු එල් සහීරා නිර්මලී යන අයගේ පිරිමි දරුවා පාසැලට ඇතුලත්කර නොගැනීම පිළිබඳ පැමිණිල්ල ඔක් 03දා, කොළඹ මානව හිමිකම් කොමිසමේ කාමර අංක 01දි පරික්‍ෂණයට ලක්කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ යුතුව තිබු විමර්ශන වාර්තාව නොතිබීම හේතුවෙන් සති තුනක් ඇතුලත එම වාර්තාව ලබා දිමට නියම කෙරිණි.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරි එන් එල් ඒ කලාම් විසින් පැමිණිලි අංක එච් ආර් සී /2228/16/1-17 අංකය දරණ මෙම පැමිණිල්ල මෙහෙයවනු ලැබු අතර, පැමිණිලිකාර පාර්ශවය වන හලාවත ආනන්ද මාවතේ පදිංචි යු එල් සහීරා නිර්මලී (කතෝලික) ය න අය සමඟ වගඋත්තරකරුවන් වන හලාවත ආනන්ද විදුහලේ විදුහල්පති ජේ ඒ ඞී වික‍්‍රම , නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලේ විදුහල්පති ඞී සුමතිපාල සිල්වා , නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැලේ නියෝජ්‍ය විදුහල්පති අනිල් පුෂ්පකුමාර , අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙනුවෙන් එම් ආර් එම් ඉර්ෂාන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නීති නිළධාරිනි සුරනි පෙරේරා යන අය සහභාගි වුහ.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත්කර ඇති චක‍්‍රලේඛණයේ නීති රිතිවලට පටහැනිව,  පාසැලේ සිට කිලෝ මිටර 4ත් 5ත් අතර දුර ප‍්‍රමාණයක, එනම් හලාවත සුදුවැල්ල ප‍්‍රදේශයේ පදිංචි දරුවෙකු (පොලිස් නිළධාරියෙකුගේ දියණියක්) 2015 වසරේ පළමු වසරට ඇතුලත්කර ගැනීම හේතුවෙන් මීටර 75ක් තරම් අවම දුරකින් (පැසැල ඉදිරිපිට පාරේ) පදිංචි තමන්ගේ දරුවාට හලාවත ආනන්ද විද්‍යාලය අහිමි වු බව පැමිණිලිකාර යු එල් සහීරා නිර්මලී යන කතෝලික බැතිමතිය, මානව හිමිකම් කොමිෂන් සභා පරීක්‍ෂණයේ දි ප‍්‍රකාශ කළේය.  

පැමිණිළිකාරිනිය තවදුරටත් කියා සිටියේ සුදුවැල්ලේ සිට ආනන්ද විද්‍යාලය දක්වා පාසැල් 04ක් තිබෙන බවත් චක‍්‍රලේඛණයට අනුකූලව පාසැලකට ලකුණු 05 බැගින් අඩුවන අවස්ථාවේදි සුදුවැල්ල දරුවාට ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට ඇති ඉඩ අහිමිවන බවයි.

එහෙත්, තෙවන වගඋත්තරකරු වන නියෝජ්‍ය විදුහල්පති අනිල් පුෂ්පකුමාර ප‍්‍රකාශ කළේ පැමිණිලිකාරිනියගේ ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි. ඊට හේතුව වශයෙන් පෙන්වා දුන්නේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට පෙර සම්මුඛ පරීක්‍ෂණවලදි ලකුණු ලබාදෙන පිළිවෙළ පිළිබඳව සාකච්ඡ කරන බවත් අදාළ චක‍්‍රලේඛණය ද පදනම්කරගෙන විශේෂ කමිටුවක් හරහා ගනු ලබන තීරණ සම්මුඛ පරීක්‍ෂණවලදි අනුගමනය කරන බවත්ය.

එහෙත් මෙම පැමිණිල්ලේ ප‍්‍රධාන වගඋත්තරකරුවන මෙකි නියෝජ්‍ය විදුහල්පති විසින් ප‍්‍රකාශකළ කරුණු පැමිණිල්ලට සෘජුව සැපයුණු පිළිතුරු නොවන බව ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත්කර ඇති චක‍්‍රලේඛණයට පිටුපා සුදුවැල්ලේ දරුවා (පොලිස් නිළධාරි පියාගේ දියණිය) ආන්නද පාසැලට ඇතුලත්කර ගෙන ඇතිබවත් පාසැල ඉදිරිපිට පදිංචි දරුවාට එම පාසැල අහිමිකර ඇතිබවත් ඉතා හොදීන් නිරික්‍ෂණය කළ හැක.



ඔහුගේ මානාපය පරිදි විශේෂ කමිටුපත්කර ගිනිමින් එම කමිටු තීරණවලට අනුව ළමුන් පාසැලට ඇතුලත් කරගන්නේ නම්, අධ්‍යාපන අමාත්‍යංශයකින් නිකුත්කරන චක‍්‍රලේඛණ කා සඳහා ද ? අධ්‍යාපන ඇමතිතුමා මීට කරුණු විමසිය යුතුය.
 
පැමිණිලිකාර යු එල් සහීරා නිර්මලී ද සිය ස්වාමිපුරුෂයා වන ජේ කේ නිලන්ත පෙරේරා සහ අදාළ දරුවා ද මෙදින මානව හිමකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියහ.

සටහන හා ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2016-10-04
Advertisement

Find us on Facebook