English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනය යටතේත් මෙසේ විය හැකි ද ?
ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු වන රුක්ෂාන් ප‍්‍රනාන්දු නොහොත් රුකී ප‍්‍රනාන්දු ඊයේ (ඔක් 01) දහවල් පෞද්ගලික රාජකාරියක් වෙනුවෙන් විදෙස් ගතවන්නට කටුණායක ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදි බලාපොරොත්තු නොවු ආකාරයේ ප‍්‍රශ්න කිරීමකට ලක්වු බවත් එය, තවදුරටත් බිය උපදවන රඳවා තබාගැනීමේ සහ ප‍්‍රශ්න කිරීමේ  අත්දැකීමක් වු බව ඔහු විසින් ම ඉංග‍්‍රිසි බසින් සටහන් කර අප වෙත එවන්නට වු  විද්යුත් තැපැල් පණිවුඩයේ සඳහන් විය. මේ පිළිබඳව, කැෆේ සංවිධානය හා ශ‍්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩි කනස්සල්ල පලකරමින් සිදුවිම හෙළාදකියි. මානව හිමිකම් ක‍්‍රියාධරයින් මර්දනය කිරිම වහා නවතා දමන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.


 රුකී ප‍්‍රනාන්දු-ඡායාරූපය - මෙලනි මානෙල් පෙරේරා

ගුවන්තොටුපොලේදි තාවකාලික රඳවාතබාගැනීමක් සහ ප‍්‍රශ්න කිරිමක් යන මැයෙන් රුකී විසින් එවනු ලැබු එම සටහනේ සංක්‍ෂිප්තය මෙසේය.

ලංඩනය බලා ගමන් කිරීමට මා කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදි එහි ආගමන කවුළුවෙහි නිළධාරියෙකු විසින් ත‍්‍රස්ත විමර්ශන කටයුතු දේපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙතින් මාගේ ගමන පිළිබඳ යම්කිසි නිරවුල් කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දැනුම් දුන්නා. එම කාර්යාලය ආගමන කවුළු ආසන්නයේම පිහිටා තිබුණා.

මෙම කාර්යාලය තුළදි මා ප‍්‍රශ්න කිරීමට ලක්කරමින්, මා හට තීන්දු ලැබීමට නියමිත නඩු තිබේද ? මා යන්නේ කොහේද ? කුමක් සඳහාද? මා විසින් කරණු ලබන කාර්යයන් හා මාගේ පෞද්ගලීක තොරතුරු ද ලිපිනය හා දුරකථන අංකය ද පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු ද විමසා සිටියා.
 
එක් නිළධාරියෙකු විසින් මා සැපයු පිළිතුරු සටහන්කර ගත් නමුත් ඒ කිසිවක් මාහට නිරික්‍ෂණය කිරිමටවත් කිසිදු ලියවිල්ලකට මාගේ අත්සන ලබාගත්තේවත් නැත. මාගේ ගමන් ලියකියවිලිවල ඡයා පිටපත් ගත් අතර ඔවුන් සතුව තිබු ලිපිගොණුවක් පරික්‍ෂා කරනු දුටිමි.

මා ප‍්‍රශ්න කිරීමට ලක්කරමින් සිටි අතරතුර තවත් නිළධාරින් විසින් කොළඹ පිහිටි ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු මුලස්ථානය හා සම්බන්ධ වෙමින් මාගේ ගුවන් ගමනට අවසර දිය යුතු ද නැති ද යන්න පිළිබඳව විමසමින් සිටී බව මා නිරික්‍ෂණය කළා. එමෙන්ම මගේ් ගුවන්යානය මගහැරිමෙන් වළකනු වස් යුහුසුළුව ප‍්‍රශ්න කිරිම් අවසන් කිරිමට ක‍්‍රියාකළ බව ද මම නිරීක්‍ෂණය කළා.

මේ අතරම, නීතිපති දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත කටයුතු විමර්ශන මූලස්ථානය මගේ නිතීඥවරු විසින් සම්බන්ධ කරගෙන ගෙන තිබුණා. මින් එක් නිතිඥවරියක් විදෙස්ගතවන්නට සුදානමින් විගමන කටයුතු නිමවී ගුවන්තොටුපොල පරිශ‍්‍රයේම සිටි අතර කාර්‍යාලය තුළ ප්‍රශ්න කිරීමකට ලක් වෙමින් සිටි මා සහ එම නිළධාරීන් හා කතා කිරීම සදහා කාර්‍යාලයට ඇතුලු වීමට අවසර ඉල්ලා සිටි නමුත් ඇයට එම අවසරය නොලැබුනු අතර, මා ප්‍රශ්න කිරීමට ලක්වූ මුලු කාලය පුරා ඇයට කාර්‍යාලයෙන් පිටත සිටින්නට සිදුවුණා.

මෙය ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ  සැකකරුවන් දිරිමත් කිරීම සදහා නීතීඥවරු සම්බන්ධ කරගැනීමේ ප්‍රවේශය උල්ලංඝනය කිරීමක් ලෙස පෙනී යන අතර විශේෂයෙන් කට උත්තරය ලබා ගැනීමට පෙර නීතීඥ ප්‍රවේශය ලබා ගැනීමේ අය්තිය උල්ලංඝනය කිරීමක් ලෙස පෙනෙයි.
 
අවසානයේදි මගේ ගුවන් ගමන සඳහා අවසර ඇති බවට මා හට දැනුම් දුන් අතර මා රඳවා තබාගනිමින් ප‍්‍රශ්න කරනු ලැබුවේ ඇයිද යන්න, කාර්ය භාර ප‍්‍රධාන නිළධාරියාගෙන් මා විමසා සිටි විට, ඔහු පැවැසුවේ මාගේ ගුවන් යානයට සීමිත වේලාවක් ඇති බැවින් ප‍්‍රශ්න කිරිමට වඩා ගුවන් යානය වෙත යෑම නුවණට හුරු බවයි . පසුව මගේ නීතිඥවරිය සමඟ මම මගින් ගුවන් යානයට යොමුකරන දොරටුව වෙත පැමිණියා.

නිළධාරින් විසින් මා ආචාරශිලි ලෙස ප‍්‍රශ්න කළ අතර කිසිදු ශාරිරික හිංසනයක් හෝ තර්ජනයක් සිදුකළේ නැත. නමුත්, මෙය තවදුරටත් බිය උපදවන රඳවා තබාගැනීමේ සහ ප‍්‍රශ්න කිරීමේ  අත්දැකීමක් විය. මාගේ අතීත රඳවා තබාගැනීම් , ප‍්‍රශ්න කිරිම් හා තර්ජනය කිරීම් හා සම්බන්ධ අමිහිරි අත්දැකිම් යළිත් සිහි ගැන්වීමක් විය.

එමෙන්ම , මා තවදුරටත් ආරක්‍ෂක අංශවල සියුම් පරික්‍ෂාවේ සිටින බවත් හිරිහැර කිරීම් හා තැතිගැන්වීමකින් තොරව මානව හිමිකම් කටයුතු සඳහා විදෙස් ගතවන්නට මා හට අවකාශ නොමැති බව වටහා ගතිමි.  ආතතියෙන් පිරුණු දිගු ගුවන් ගමනකින් පසුව මම ලංඩනයට පැමිණ සිටිමි.


කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක රන්ජිත් තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින්, ඉන්ෆොම් සහ ෆෝරම් ඒෂියා ආයතනයන් හි සේවය කරන රුකී ප්‍රනාන්දු වෙත නැවත මර්ධනයේ හස්තය දිගු කිරීම ,  මෙසේ ප‍්‍රශ්න කිරිමට බදුන් කිරීම පිළිබඳව, කැෆේ සංවිධානය හා ශ‍්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩි කනස්සල්ල පලකරන අතර සිදුවීම දැඩි සේ හෙළා දකින බව පවසයි.

එමෙන්ම, ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම නාමයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම වහා නවතා දමන ලෙස රජයෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.

-  මෙලනි





2016-10-02
Advertisement

Find us on Facebook