English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මන්නාරම රදගුරු හිමිපාණෝ රජයේ කොමිසම පිළිකෙව් කරයි !


යුද්ධය අවසන් වීමෙන් පසුව මේ රජය විසින් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරණ ලද සියලුම යෝජනා,ව්යාපෘති ජනතාවට ප්රයෝජනයක් නොලැබෙන මුදල් කාබාසිනියා කෙරෙන වැඩසටහන් ලෙස පෙනීගියා සේ ජනාධිපතිවරයා විසින් යුදසමයේදී අතුරුදහන් වූවන් ගැන සොයා බැලීමට පත්කළ කොමිසමද එවැන්නක් බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පැවසූහ.


ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ කොමිසම ඉරිදා උදෑසන මන්නාරම ප්රාදේශීය ලේකම් කාර්යලයේදී රැස්වූ අවස්ථාවේදී කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි රදගුරු හිමිපාණෝ ඉන් අනතුරුව මාධ්යවේදීන් අමතා මේ බව ප්රකාශ කළේ.

කොමිසම හමුවේ මේ වන විට මන්නාරමේ වැසියන් 178 දෙනෙකු සාක්කිදී ඇති අතර තවත් 45 දෙනෙකු කොමිසමේ අවසන් දිනය වන සදුදා සාක්කි දීමට නියමිතයි.

කොමිසම විසින් ලිපි නොයවන ලද මන්නාරමේ අලුතින් ලියාපදිංචි වූ තවත් 150 ක් පමණ කොමිසම යළි රැස්වූ දිනක සාක්කි දීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිවු.ගුණදාස පැවසුවේ.

කොමිසම හමුවේ ඉදිරිපත් කළ කරුණු මොනවාදයි මාධ්යවේදීන් මන්නාරම රදගුරු හිමිපාණන්ගෙන් තවදුරටත් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ, යුද සමයේදී සිදු වූ අපරාධ,පැහැරගෙනයාම්,අතුරුහන් කරවීම් ඇතුලු සිද්ධීන් 14 ක් සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට මෙතෙක් කිසිදු පිළිතුරක් පවා නොමැති හෙයින් එම ලිපියේ පිටපතක් කොමිසමට බාරදුන් බවයි.

කොමිසම ඉදිරියේදී තමන් මෙම කරුණු ඉදිරිපත් කළද කොමිසම ගැන හෝ ඉන් සිදුවන පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නැති බව කී උන්වහන්සේ ජනතාව සාක්කි දීමට පැමිණ සිටියද ඔවුන්ගේ තත්ත්වයද එලෙසම බව වැටහෙන බවයි ප්රකාශ කළේ. තම ඥාතීන් අතුරුදහන්වීම පිළිබදව වසර ගණනාවක්ම කනස්සල්ලෙන් සිටින ඔවුන්ට තම දුක කීමට යළි අවස්ථාවක් පමණක් උදාවන තැනක් ලෙසයි රදගුරුහිමිපාණෝ මෙම කොමිසම ගැන අර්ථ දක්වීම් කළේ.

මන්නාරම රදගුරු හිමිපාණෝ ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කොමිසම ඉදිරියේ සාක්කි දෙන ලද්දේ යුද්ධය පැවති මුලු කාලයේදීම උතුරු නැගෙනහිර පුද්ගලයින් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ අතුරුදහන් වූ බවට ජනාධිපතිවරයාට ලිඛිත ප්රකාශයක්ද ඉදිරිපත් කොට තිබුණු පසුබිමක් මතයි.එම ප්රකාශය සම්බන්ධයෙන් උන්වහන්සේට අවස්ථා කීපයක්ම රහස් පොලීසිය හමුවේ කට උත්තර දීමටද සිදු වුණා.

විශේෂ ස්තුතිය : සටහන සහ ඡයාරූප -  දිනසේන රතුගමගේ
-MMP




2014-08-10
Advertisement

Find us on Facebook