English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැනගැනීමේ අයිතිය රටක සියලූ අංශවලට තිබිය යුතුයි - ජනාධිපති

ශ‍්‍රි ලංකාවේ ක‍්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරිත්වය තමන් ලියාපදිංචි වී ඇති කාරණයෙන් බැහැර වීම රාජ්‍යයට අනිසි බලපෑමක් වන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි. රජයක් ලෙසට රාජ්‍ය නොවන සංවිධානවල වැදගත්කම පිළිඅරගෙන තිබෙනවා මෙන්ම ලෝකයේ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලින්  ඇතිවන යහපත්කම වගේම රාජ්‍ය කළමණාකාරිත්වයට මෙන්ම පැවැත්මට ද ඇතැම් අවස්ථාවලදි ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලින් අභියෝග එල්ලවී ඇතැයි ජනාධිපතිවරයා පැවසිය.

රාජ්‍යයේ තොරතුර දැනගැනීමේ අයිතිය මෙන්ම, ජනතාවට සහ රජයේ සියලූ අංශවලට රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුත් දැනගැනීමේ අයිතිය ඉතා වැදගත් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස මානව අයිතිවාසිකම් යන සියල්ල පෝෂණය කරන සහ සුරක්‍ෂිත කරන රටක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ සියලූ අංශවලට තිබිය යුතු යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ "ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය" නිමිත්තෙන්  ඊයේ, එනම් සැප් 28 දා පෙරවරුවේදි කොළඹ දී පැවති ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර් ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක උළෙල අමතමිනි.

"අපේ රටෙත්  රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කිරීමේදි අපි කටයුතු කරන්නේ, මේ විෂය ක්‍ෂේත‍්‍රය කියලයි ලියාපදිංචි වෙන්නෙ. නමුත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකරන්නේ ඒ ලියාපදිංචිය ලබාගත්ත කාරණාවට නොවෙයි. වෙනත් වෙනත් කාරණාවනුයි." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.



රජයේ වැඩකටයුතු සඳහා පොදුජනතාවගේ මුදල් භාවිතයේදී හා කළමනාකරණයේදී සිදුවන අවභාවිතයන් සහ වැරදි මුල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ පොදු ජනතාවට සිදුවන අසාධාරණය සහ රටේ ඉදිරි ගමනට ඇතිවන බාධාවන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමත් සමග ඉවත්ව යන බවද ජනාධිපතිවරයා පැවසීය.

නිදහස් මාධ්‍ය පිළිබඳ නීතිය, ව්‍යවස්ථාව හා අයිතිය කොතෙක් තහවුරු කළද අද බහුතරයක් මාධ්‍ය ආයතනවල හැසීරීම සිදුවන්නේ එහි හිමිකාරිත්වයේ හා කළමනාකාරිත්වයේ සිතුම් පැතුම් අනුව බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා , නිදහස් මාධ්‍ය අයිතිය සඳහා ඉඩ කඩ ලබා දීම දේශපාලනඥයාගේ වගකීම වන බවත්, රාජ්‍ය නිලධාරියා විසින් එය නියාමනය කරනු ඇති අතරම රටේ පොදු ජනතාව වෙනුවෙන් නිදහස් මාධ්‍ය භාවිතයක නිරතවීම සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වගකීමක් බවත් කියා සිටියේය.


පිංතුර -  ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
-    මෙලනි




2016-09-29
Advertisement

Find us on Facebook