English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගාසා තීරයේ ඛේදවාචකය සහ ශ්‍රී ලංකාවේ යුද්ධය


දෙදහසකට ආසන්න ජනයාට මසක් වැනි කෙටි කාලයක් තුළ මරු කැඳවූ ගාසා තීරයේ යුද්ධය තාවකාලික විරාමයකට පැමිණ තිබේ.  යුද්ධයෙන් මියයන දරුවන්ගේ සිරුරු දෑත්හි හොවා කදුලෙන් නැහැවූ මාපියන්ගේ වේදනා, ජීවිත කාලයක ගොඩ නැගිම එක් මෙහොතකින් දැවී යනු දුටු පරම්පරාවක සුසුම් සහ මරණ‍යේ බියතුරුළු කොටගෙන දිවා රුය ගෙවූ ගාසාහි ජනායාගේ යුද බිය නතර කරන්නට හැකි වීම කොතරම් වාසානාවක් ද?

යුද්ධය පැවැති කෙටි කාලය තුළ එළෙස මිය ගියේ  ගාසා තීරයේ ජීවත්වන පලස්තීනුවන් ය.  හරියටම ගනන 1,876 යැයි ගාසා තීරයේ නිලධාරීහු කියති. තවත් 9,000ක් තුවාල ලැබූහ.  බෝම්බ සහ මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශ වූ පලස්තීන නිවාස දහස ඉක්මවයි.

2007 වර්ශයේ දී පලස්තීන විමුක්ති සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අල්ලා ගත්තේ යග හමාස් යනු ඊජිප්තුවේ ජනතා නැගිටීමෙන් පසු බලයට පැමිණි .මුස්ලිම් සහෝදරත්වය. ව්‍යාපාරයේ පලස්තීන අනුවර්ථනය යි.  

හමාස් සටන්කරුවන් ඊශ්‍රාල එල්ල කර විදින රොකට් ප්‍රහාර නතර කිරීමට යැයි කියා ගසා තීරය ආකුමණය කළ ඊශ්‍රාල‍ හමුදා එක්සත් ජාතීන්ගේ සරනාගත මධ්‍යස්ථාන ගණනාවකට ම ද පහර දී ආරක්ෂාව පතා රුදී සිටි ජනයා පවා මරා දැමූහ. ගසා තීරයේ විදුලි ජනක  සහ ජලසැපයුම් පද්දති පුපරුවා හැරියහ‍. අත දරුවන් ඝාතනය කළහ. ඊශ්‍රාල හමුදාවන්හි මෙම සැහැසි ප්‍රහාර විය යුතු පරිදිම ලොව පුරා හෙළා දැකීමට ලක් විය.

එසේ නමුත් ගාසා තීරයට එරෙහිව ඊශ්‍රාලය දියත් කළ බිය ජනක ආක්‍රමණය පලස්තීනයට ගොස්  පදක්කමක් ලබා ගෙන පැමිණි ජනාධිපති රාජපක්ෂ හෝ ඔහුගේ ආන්ඩුව විසින් හෝ එක් එල්ලේ ම හෙළා දැක්කේ නැත.  ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේ ගාසා හි පාලනය පවත්වා ගෙන යන හමාස් සංවිධානය ඊශ්‍රාලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.  

ශ්‍රී ලංකාන්ඩුන්ඩුවේ හිටපු තානාපතිවරයකු වන දයාන් ජයතිලක ගාසා යුද්ධය ගැන කතා කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්‍ෂක අමාත්‍යංශය ඊශ්‍රාල රජය වෙනුවෙන් කටයුතු කරන බව ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ පසු, උතුරේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන්ල ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කමිටුව  ඊශ්‍රාලයෙන් උපදෙස් අනුව කටයුතු කරන බවත් ය.

ඊශ්‍රාලය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ මර්දන යන්ත්‍රයේ හවුල් කරුවෙකි. අද උතුරු නැගෙනහිර පවත්වා ගැනෙන යුද කරණය ඊශ්‍රාලයෙන් පිටපත් කර ගන්නා ලද මූලෝපායකි.

ගසා හි  යුද්ධ ඛේදවාචකය  සම්පූර්ණයෙන් ම නැතත් යම් දුරකට ශ්‍රී ලංකාවේ යුද්ධයට සමානකම් දක්වයි. එම සමීකරණයෙහි බොහෝ අවස්ථාවන්හි දී  රාජපක්ෂ ආන්ඩුව වැ‍ටන්නේ පීඩිත පලස්තීනුවන්ගේ පැත්තට නොව ආක්‍රමණික ඊශ්‍රාලයේ පැත්තට ය‍‍.

ගාසා හි දිර්ඝතම දේශසිමාව ඇත්තේ ඊශ්‍රාලය සමඟ ය‍ග ගාසාහි විදුලි සැපයුමෙන් සියයට 30ක් ලැබුනේ ඊශ්‍රාලයෙනි. ගාසාහි ආර්ථිකය ද ඊශ්‍රාලයට සම්බන්ධ ය‍.

වන්නි යුද්ධයේ සහ ගාසා හි යුද්ධයේ  ප්‍රධාන සමානත්වයක් නම් යුද්ධයේ විපාකයක් වශයෙන් සාමාන්‍ය ජනයාට විදින්නට සිදු වූ දැවැන්ත ඛේදවාචකයයි. ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි දී ශ්‍රී ලංකාන්ඩුවේ යුද්ධ ප්‍රහාරයන්  මගින් සාමන්‍ය ජනයා දහස් ගණනින් විපතට පත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින බව අපි දනිමු. එළෙසම  ගාසා තීරයේ දී ඊශ්‍රාලය යුද අපරාධ තරම් දුර යා හැකි තරමට සාමාන්‍ය ජනයා යුද්ධයේ ඉලක්කයක් ලෙස සැළකා ප්‍රහාර එල්ල කල බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

ශ්‍රී ලංකාවෙහි යුද්ධයේ දී සිදු වූ බවට චෝදනා කැරෙන මිනිස්කමට එරෙහි අපරාධ සොයා බැලීම පිණිස ජිනීවාහි මානව හිමිකම් කොමිසම පරීක්ෂනයක් දියත්  කළ පරිදිම ගාසා තිරයේ යුද අපරාධ සොයා බැලීම පිණිස ද පරීක්ෂන කමිටුවක් පත් කර තිබේ.

එසේ නමුත් ගාසා සම්බන්ධ අන්තර් ජාතික පරික්ෂණයට හමාස් සංවිධානයට එ‍රෙහිව එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංගන චෝදනා පරීක්ෂා කිරීමට අවසර නැත. ඊට හේතුව වූයේ එම යෝජනාව ගෙන ආ පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල් හමාස් දෙපාර්ශවයේ ම මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කළ යුතුය යන සංසෝධනයට එකඟ නොවූ නිසා ය. එම සංසෝධනය යෝජනා කරන ලද්දේ යුරෝපා සංගමය විසිනි. එය බිහිවූ දිනයේ සිටම ඊශ්‍රාලය පලස්තීන ජනයාගේ අයිතීන් යුද්ධ සපත්තුවට පාගා ගෙන සිටීග එය පලස්තීන ජනයා සමානයින් ලෙස සළකන්නේ නැතග එය ආක්‍රමණික යුද්ධ රාජ්‍යකි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී එල්ටීටීඊය සිංහල ප්‍රදේශයන්හි බස් බෝම්බ  පුපුරැවා හරිමින් සාමාන්‍ය ජනයා ඝාතනය කළේ ය.  එමෙන් ම එල්ටීටීඊ ය සාමනය ජනයා අතර මෙන්ම රෝහල් අසළ ද සිය කාල තුවක්කු ස්ථාන ගත කර වක්‍රාකාර‍යෙන් ජනයා සිය යුද්ධ පළිහක් වශයෙන් යොදා ගත්තේ ය.

ගාසා තීරයේ සන්නද්ධ සංවිධානය වන හමාස් නිරන්තරයෙන් ම ඊශ්‍රාලයේ සාමන්‍ය ජනයා ඉලක්ක කැරෙන රොකට් ප්‍රහාරයන්හි යෙදෙයි. එමෙන්ම ඊශ්‍රාලයේ ගම්මාන කරා පැමිණ ඝාතනයන්හි යෙදීම පිනිස සංකිර්ණ එය උමං මාර්ග පද්දතියක් ගොඩ නගා ගෙන තිබුණි. හමාස් සංවිධානය සිය ප්‍රහාරක අවි සිය සරණාගත කඳවුරු තුළ සඟවා තිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කළේ ය.

යුද්ධය ආරම්භ වූ  ජූලි මුල් සතියේ සිට හමාස් සටන්කරුවෝ රොකට් 3000කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රාලයේ ජනයා ඉලක්ක කර මුදා හැරියහ. : මෙම රොකට් මහා ජනයා ජීවත්වන ප්‍රදේශවලට පැමිනෙන්නේ නම් ඒවා අහසේ දීම විනාශ කැරෙන අධික වියදම් සහිත .අයෝමය වැස්ම. නම් ප්‍රති-රොකට් පද්දතියක් ඊශ්‍රාලය සතු ය. එම එක් ප්‍රති- රොකට්ටුවක වැය ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂයකි.

ශ්‍රී ලංකාන්ඩුව මෙන්ම ඊශ්‍රාලය ද තම යුද්ධ ප්‍රහාර මගින් සාමන්‍ය ජනයාට එල්ල වන බව පිළි ගත්තේ නැත. එවැනි අවස්ථා පිළිබඳ සාධක ඉදිරිපත් වු අවස්ථාවන්හි දී එය කියා සිටියේ එම ජනයා ජීවත් වූයේ හමාස් සටන්කරුවන්ට සහාය දුන් ප්‍රදේශයක බැවින් තමන්ට කරන්නට වෙන දෙයක් නොතිබූ බවයි. හරියට මුලතිව් හි ජිවත් වු ජනයා එල්ටීටීඊ මූලස්ථාන පෙදෙසක ජිවත් වු නිසා මිය යන්නට ඇතැයි කීවා වැනි ය. ඊශ්‍රාල බෝම්බ ප්‍රහාර මගින් සිය සරණාගත කඳවුරු විනාශ වී ජනයා මිය ගිය බවට එක්සත් ජාතින්ගේ සංවිධනය සහ බැන් කී-මූන් පවා ප්‍රකාශ කළ විට ඊශ්‍රාලය ය කියා සිටියේ එම බෝම්බ එන්නට ඇත්තේ හමාස් සටන්කරුවන්ගෙන් බවයි. හරියට ම ශ්‍රී ලංකාන්ඩුවෙන් ඉගෙන ගත්තා වැනි ය.

ඊශ්‍රාල ප්‍රහාර නිසා පලස්තීන ජනයා පමණක් නොව එක්සත් ජාතීන්ගේ සරණාගත ක‍ටයුතු බාර නිලධාරීහු 11 දෙනෙක් ද මිය ගියහග ශ්‍රී ලංකාවේ මුතූර් හිදී  .ඇක්ෂන් එගේන්ස්ට් හන්ගර්. සංවිධානයේ සහන සේවකයින් 13 දෙනෛකු එක තැන මරා දැමූ පරිදි යග තවද යුද්ධ ප්‍රහාරයන්ගෙන් ගාසාහි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිලි 90 ක් විනාශ වූ සරණාගත පාසැල් 06කට බෝම්බ පතිත විය.  

එල්ටීටීය දෙමළ ජනයාගෙන් අධික බදු අයකල පරිද්දෙන්ම  හමාස් සංවිධානය ද ඊශ්‍රාලය විසින් පවත්වා ගෙන ගිය තහංචි නිසා පීඩා විඳි ගසාහි ජනයා උමං හරහා හොර  රහසේ ඊජිප්තුවෙන් ගෙන ආ භාන්ඩවලට බදු පණවා තිබුණි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් නම් කර තිබු අතර මැද පෙරදිග රාජ්‍යන්ගෙන් එයට ඍජු සාහායක් ලබා දෙන්නේ කටාර් පමණකි. :ප්‍රභාකරන් මෙන් නොව හමාස් නායකයා ජීවත් වන්නේ ද ගාසා තීරයේ නොවේග කටාර්හි ය.

සහමුලින්ම හමාස්හි යුද බලය අහෝසි කරන තුරු යුද්ධය නොනවත්වමියි ඊශ්‍රාල අගමැති නෙතන්යාහුගේ කාහළ නාදය බවට පත්ව තිබුණි. කවර විනාශයක් වුවත් අවසානයක් නොකර නතර නොවෙමියි ඔහු වහසි බස් දෙඩුවේ ය. අන්තර් ජාතික වශයෙන් දරුණු විවේචනයකට හසු වෙත් දී රට තුළ නෙතන්යාහුගේ ජනප්‍රියත්වය මුදුනටම ළගා වියග ජනාධිපති රාජපක්ෂ මුහුණ දෙන තත්වයේ  සමාන්තරයක් වැන්න.

ගාසාහි යුද්ධය විවිධ දෘෂ්ඨි කෝණයන්ගෙන් සාධාරණ කරනු දැක්ක හැකි යග ඒ කෙසේ වෙතත් අවසානයේ දී මුලු තැනට පැමිණියේ යුද්ධයෙන් ගාසාහි ජනායාට සිදු වෙමින් පැවති මහා විපත ය‍‍ග මනුෂ්‍යත්වයේ වටිනාකම යුද්ධයේ තර්ක විතර්කවලට වඩා ඉහළ තැනක් අල්ලා ගත්තේ ය. හදිසිම අවශ්‍යතාවය වූයේ මහා ජනයාට සෙත සැළසීම යිග යුද්ධ විරාමයකට බල කැරුණේ අන්න ඒ නිසා ය.

වන්නි යුද්ධයේ දකුණේ සිංහලයින් නොදුටු පසුකාලීනව පමණක් ප්‍රසිද්ධියට පැමිණි රෑපමය සාක්ෂි මගින් පෙන්වන ඛේදවාචකය ගාසාහි ඛේදවාචකයට නොදෙවෙනි ය. නැත්නම් ඊටත් වඩා බිය ජනක ය. එසේ නමුත් ලෝකය ඒ ඛේදවාචකය ඒ අවස්ථාවේ දැක්කේ නැත.
 
මේ සියළු සමානකම් තිබිය දී එක් මූලික වෙනස්කමක් වන්නි යුද්ධයේ සහ ගාසා යුද්ධයේ තිබුණිග එනම් යුද්ධ භූමිය තුල දෙපරේශවය විසින් ම ජනමාධ්‍යවේදීන්ට සිය කටයුතු කරගෙන යෑමට දී තිබූ අවකාශය යි. ගාසාහි ඛේදවාචකය ලෝකය පුරා  රූපවාහිනී තිරය මත සජීවීව පතිත විය‍ග දෙපාර්ශවයට ම සටන් විරාමයකට පැමිණ සාකච්ජා මේසයට කරා පැමිණීමට බල කෙරුණු සාධක ගොඩ නැගීමට යුද්ධයේ ජනමාධ්‍ය වාර්තාකරනය රඟපෑ භුමිකාව අති මහත් විය. එසේ ‍නොවන්නට තවමත් ගාසාහි දරුවන් ද ගැහැණුන් ද පිරිමින් ද අභාග්‍ය සම්පන්න ලෙස  මිය යමින් තිබෙන්නට ඉඩ තිබූණි.

යුද්ධයෙන් ජයගත් නමුත් ජනාධිපති රාජපක්ෂ දෙමළ ජනයාගෙන් පැරදුණි. එමෙන්ම අන්තර් ජාතික තලයෙන් ද පැරදුණිග අවසානයේ දී ශ්‍රී ලංකාව තුල ද පරදිනු නියත ය.

සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය දීර්ඝ කාලීන වශයෙන් යහපත් වන්නේ යැයි කියන්නේ එනිසා ය. ශ්‍රී ලංකාවේ යුද්ධය දෙස් විදෙස් ජනමාධ්‍යට විවර වූයේ ජනාධිපති රාජපක්ෂට පමණක් නොව  එල්ටීටීඊයට පවා තෙරපුමක් ඇති වන්නට ඉඩ තිබූ අතර වඩා මානුෂික විසඳුමක් කරා යාමට අවස්ථාව විවර වන්නට තිබුණි.

කල් පසුවී නමුත් ගාසා යුද්ධයෙන් අපට ඉගෙන ගත හැති එක් පාඩමක් එය යි.



සුනන්ද දේශප්‍රිය

ඡයාරූප අන්තර්ජාලයෙන්




2014-08-10
Advertisement

Find us on Facebook