English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත ඝාතන පරීක්‍ෂණය වාර්තා කිරීමට ඉඩ නොදීම ගැන පරීක්‍ෂණයක් කරන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලසන්ත වික‍්‍රමතුංග ඝාතන පරීක්‍ෂණ සඳහා ඔහුගේ මෘත දේහය ගොඩගත් අවස්ථාවේදි එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා කරමින් පොලීසිය අත්තනෝමතික ලෙසට හැසුරුණු බවත් ඊට සිය විරෝධය පළකර සිටින බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප‍්‍රකාශ කරයි.
 
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව හා ස්වාධීනව කර ගෙන යන ලෙස ඉල්ලා සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එහි ඉතා වැදගත් පරීක්‍ෂණයක් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට තිබූ අයිතියට බාධා කරමින් අද ඔහුගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදි පොලීසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.



සන්ඬේ ලීඩර් පුවත්පතේ කතුවරයාව සිටි ලසන්ත වික‍්‍රමතුංග ගේ ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණ සඳහා ඔහුගේ මෘතදේහය යළි ගොඩගැනීමේ කටයුතු සිදු වූ අද දින, එනම් සැප්තැම්බර් 27 වෙනිදා කිසිදු හේතු දැක්වීමකින් තොරව, පොලීසිය විසින්, මාධ්‍යවේදීන්ට එම අවස්ථාව වාර්තා කිරීමට ඉඩ ලබා දී නොමැත.

නිිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී සහ ලේකම් එස් දොඩාවත්ත යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති උක්ත මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.

2009 වසරේ ජනවාරි 8 වැනි දා ඝාතනයට ලක් වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාට යුක්තිය ඉටු කිරීම සඳහා වර්තමාන පාලනය යටතේ පරීක්‍ෂණ ඇරඹීම සම්බන්ධයෙන් සතුටට පත් වූ මාධ්‍ය ප‍්‍රජාවට මෙය සුවිශේෂ අවස්ථාවකි. මේ සිදුවීම ඔස්සේ පරීක්‍ෂණ ඉදිරියට යන ආකාරය දෙස බලා සිටින්නේ මේ රටේ මාධ්‍යවේදීන් පමණක් නොවේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ද මේ සම්බන්ධයෙන් බලා සිටී.

එහෙයින් ජාත්‍යන්තරව වැදගත් සිදුවීමක් වන මෙම පුවත වාර්තා කිරීම සඳහා කිසිදු හේතු දැක්වීමකින් තොරව පොලීසිය විසින් මාධ්‍යවේදීන්ට බාධා කිරීම කණගාටුවට කරුණකි. මහේස්ත‍්‍රාත් නියෝගයක් ලැබී ඇත්නම් එය පෙන්වන ලෙස මාධ්‍යවේදීන් පොලීසියෙන් ඉල්ලා ඇති අතර එවැනි දෙයක් නොදන්නා බව ප‍්‍රකාශ කර ඇත. අදාල පරීක්‍ෂණ සිදු කරන කොළඹ, බොරැුල්ල කනත්තට ඇතුලූ වන සියලූ දොරටු වසා විශාල පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇති අතර, මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පමණක් ඇතුල් කර ගත් බව ද වාර්තා වේ. මෙයින් පෙනී යන්නේ මහේස්ත‍්‍රාත් නියෝගයක් හෝ සමාන ප‍්‍රතිපත්තියක් හෝ නොමැතිව ලෝකයේ ම අවධානය ලැබී ඇති පුවතක් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතියට බාධා කරමින්, පොලීසිය අත්තනෝමතික ලෙස කි‍්‍රයා කර ඇති බවයි.

-  මෙලනි




2016-09-27
Advertisement

Find us on Facebook