English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කඩවීමක දී - ප‍්‍රථමාධාර අත්‍යවශ්‍යයි !
පිලිප් දිසානායක

පුද්ගල මානව හිමිකම් කඩවු අවස්ථාවකදි එම සිද්ධිය ජනමාධ්‍ය වෙත දැනුම්දී බලාසිටිම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් එම සිද්ධිය හරහා ඔහුට හෝ ඇයට යම්කිසි සාධාරණයක් යුක්තියක් ඉටුකරවා ගත යුතු නම් වහා මානව හිමිකම් ප‍්‍රථමාධාර ලබාගත යුතු යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් පිලිප් දිසානායක පසුගියදා මීගමුව මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථානය විවෘත කරමින් ප‍්‍රකාශ කළේය.

ගම්පහා දිස්ත‍්‍රික් මානම හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථානය, මීගමුව-ජනාවබෝධ කේන්ද්‍රයේදි ආරම්භ කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පිලිප් දිසානායක මෙසේ ද පැවසීය.

"ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවීමක් හටගත්තහම ඊට අදාළව කළ යුත්ත කුමක්ද කියා එම පාර්ශවයන්ට අවබෝධයක් නැහැ. ඔවුන් සිතන්නේ එම සිද්ධිය පිළිබඳව යම් යම් මාධ්‍යවලට දන්වා සිටීම පමණක් ප‍්‍රමාණවත් කියලයි. මාධ්‍යවල ඒවා ප‍්‍රචාරය වෙනවා නමුත් ඉන් එහාට යමක් සිදුවන්නේ නැහැ. අපි යම්හෙයකින් ඒ සිද්ධිය පිළිබඳව පොලීසියෙන් විමසුවිට පොලිසිය පවා ඒ පිළිබඳව දැනීමක් නැතිව තිබෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා, ජනමාධ්‍යවල සහය ලබාගතයුතුවා සේම, සිද්ධිය පිළිබඳව මුලික පියවර ගැනීමට ඒ සඳහා නීතිමය විධියට විය යුතු දේවල් පිළිබඳව, මේ කියන මානව හිමිකම් ප‍්‍රථමාධාර ලබාගත යුතුයි." යැයි ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳව පිලිප් දිසානායක ප‍්‍රකාශකළ අදහස් පහත යොමුවෙන් අසන්න -



මුලාශ‍්‍රය රිෆෝම්-ශ‍්‍රි ලංකා
-මෙලනි



2016-09-23
Advertisement

Find us on Facebook