English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහජන ව්‍යවස්ථාවක් උදෙසා අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත පාගමනින් ගොස් භාර දුන් ලිපිය !
මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වය විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත පාගමනින් ගොස් භාර දුන් ලිපිය පහත දැක්වෙයි.


      පිංතුර මෙලනි මානෙල් පෙරේරා
  
මහජන ව්‍යවස්ථාවක් සදහා ක‍්‍රියාකාරිත්වය
සමානාත්මතාවය ඳ ගරුත්වය ඳආර්ථික සාධාරණත්වය


සංදේශය

ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,
අග‍්‍රාමාත්‍ය සහ ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සභාපති,

මහජන ව්‍යවස්ථාවක් උදෙසා ක‍්‍රියාකාරිත්වය යනු සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති, සහ කාන්තා, ජනවාර්ගික, ගොවි, ධිවර, කම්කරු, ආබාධිත පුද්ගලයින්, ලිංගික සුළුතරයින් හා පරිසර අයිතින් ආරක්ෂා කිරිමට කටයුතු කරන සංවිධාන සහ විද්වතුන්, නීතිඥයින්, ගුරුවරුන්, සමාජ ක‍්‍රියාකාරින්, ලේඛකයින්, මානව හිමිකම් ක‍්‍රියාධරයින්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින්ගෙන් සැදුම් ලත් එකතුවකි

යුක්තිය සහිත සාමයක් සහ දේශපාලන හා ආර්ථික සමානාත්මතාවය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බලය බෙදා හැරිමක් සදහා නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ඓතිහාසික අවස්ථාවක් සපයා ඇත. ජනකොටස් අතරත්ල කලාපීය වශයෙනුත් ආර්ථික අසමානතාවයන් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. සෞඛ්‍ය සේවාවන්ල අධ්‍යාපනය සහ සමාජ සුභසාධන සේවා දුර්වල වෙමින් පවතින අතර ස්වාභාවික සම්පත් විනාශ වෙමින් පවතී. මෙය දුප්පත්කමත්, ජනතාවගේ පීිඩාවනුත් වැඩි කිරිමට හේතු වන අතර, ඒ නිසාම අපගේ යහපැවැත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාමය අනතුරේ හෙලා ඇත. ප‍්‍රාග්ධනය නොව ජනතාව උදෙසා වන ආර්ථිකයක් නිර්මාණය කිරිමටත්, ආර්ථික හා සමාජ සාධාරණත්වය වර්ධනය කරලීමටත් නව ව්‍යවස්ථාව ජනතාව බලසතුු කළ යුතුය.

එබැවින්ම, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සදහා වන මහජන නියෝජිත කමිටුවට ජනතාව විසින් ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති බොහෝ යෝජනා අනුවත්, එම කමිටුවේ නිර්දේශත් අනුව යමින් ව්‍යවස්ථාව සදහා පහත යෝජනා අපි ඉදිිරිපත් කරමු.

x    දුප්පත්කම නැති කරලීමට, සමානාත්මතාවය වර්ධනයට හ සියලූ කලාප හා ජනකොටස් අතර සමානව ආර්ථික අවස්ථාවන් හා ධනය බෙදීයාම තහවුරු කරලීමට වගකීමක් රජයට පැවරීම. මෙහි දී විශේෂ අවධානයක් යුද්ධයෙන් හානියට පත් වූ හා වතුකරයේ දමිල ජනකොටස් ඇතුලූ විශේෂිත අවදානම්වලට ලක්වූ හා ඓතිහාසිකව පීඩාවට පත්වූ ජනකොටස්වලටත්, දැඩි ලෙස දිළිදුභාවය ගොදුරු වූ මොණරාගල , පුත්තලම වැනි ප‍්‍රදේශවලටත් යොමු කළ යුතුය.
x    කාන්තාවන් මෙන්ම තමන්ගේ පංතිය, කුලය, ජනවර්ගය, වයස, ආගම, භාෂාව, ලිංගික අනන්‍යතාවය හෝ මානසික හෝ ශාරිරික දුබලතාවයන් හේතුවෙන් කොන්වීමට හෝ වෙනස් කොට සැලකීමට භාජනය වී සිටින සියලූ දෙනාගේ අවශ්‍යතාවයන් හා සහභාගිත්වය ආර්ථික ප‍්‍රතිපත්තීන් මගින් ආරක්ෂා කෙරෙන බවට සහතික කිරිම
x    පාලනය සදහා ජනතා සහභාගිත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර, ජලය, ප‍්‍රමාණවත් නිවාස, සමාජ ආරක්ෂණය, කාන්තාවන්ට හා පිරිමින්ට සමාන හා ජීවත්වීමට සරිලන වැටුපක්, ආරක්ෂිත හා ගෞරවාන්විත වෘත්තියක්, බලහත්කාරයෙන් ඉවත් කිරිමට ලක් නොවී සිටිම මෙන්ම ආරක්ෂිත, පිරිසදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් මූලික අයිතිවාසිකම් තුලින් තහවුරු කිරිම
x    රටේ ඉඩම් හා ස්වාභාවික සම්පත්, එම සම්පත් ආශ‍්‍රිතව ජීවත්වන ප‍්‍රජාවගේ අයිතීන් හා උවමනාවන් ආරක්ෂා කිරිම කෙරෙහි ප‍්‍රමඛතාවය ලබා දෙමින්, තිරසාර හා සියලූදෙනාගේ සහභාගිත්වය සහිතව පාලනය කිරිම
x    උසාවි, ස්වාධින කොමිෂන්, ඔම්බුඞ්ස්වරුන් හා අනෙකුත් ව්‍යුහයන් තුළින් තමන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට හා තහවුරු කර ගැනීමට අවස්ථාව ජනතාව වෙත ලබා දීම
x    විශේෂයෙන්ම පහත සදහන් ක‍්‍රියාමාර්ග ඔස්සේ ජාතික ධනය සමාන ලෙස බෙදී යාම හා නිසි ලෙස භාවිතාවීම තහවුරු කිරිම
x    රජයේ සියලූ මට්ටම් තුල සහභාගිත්ව, පාරදෘෂ්‍ය හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීතාවය සහිත අයවැය සකස් කිරිම
x    ස්වාධීන හා බලය සහිත මූල්‍ය කොමිසමක් හා විගණනාධිපති කාර්යාලයක් පිහිටුවිම
x    පළාත් හා ප‍්‍රාදේශීය බලාධිකාරින් සමග උපරිම හා කාර්යක්ෂම ආදායම් බෙදී යාමක්

x    විදේශ ණය ලබා ගැනීමේ දී, අනෙකුත් රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වෙළෙද ආයතන සමග මූල්‍ය හා වෙළෙද ගිවිසුම්වලට එළඹීමේ දී විධායකය සතු බලතල සදහා වඩා ඵලදායී පාලනයන් ඇති කිරිම

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තුල පාරදෘෂ්‍යභාවය හා තොරතුරු බෙදීයාම තහවුරු කරන මෙන් ද, ව්‍යවස්ථා සංශෝධනය සදහා වන මහජන නියෝජිත කමිටුවේ නිර්දේශ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුල ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡවට භාජනය කරන මෙන් ද අපි ඉල්ලා සිටිමු.

චින්තක රාජපක්ෂ, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, කොළඹ
හර්මන් කුමාර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, මීගමුව
කුමුදුනි සැමුවෙල්ස්, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, කොළඹ
ලීනස් ජයතිලක, එක්සත් කම්කරු සම්මේලනය, කොළඹ
මේනහා කන්දසාමි, ලංකා සේවක රතු කොඩි සංගමය, මහනුවර
සදුන් තුඩුගල, නීතිය හා සමාජ භාරය, කොළඹ
සරලා එම්මානුවෙල්, සූර්යා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, මඩකළපුව

මහජන ව්‍යවස්ථාවක් සදහා ක‍්‍රියාකාරිත්වය
සමානාත්මතාවය , ගරුත්වය , ආර්ථික සාධාරණත්වය

215/59 ඒ, මොරගස්මුල්ල පාර, ඔබේසේකරපුර, රාජගිරිය
076 6568663



2016-09-21
Advertisement

Find us on Facebook