English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාවාදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා .....
පුරවැසි සමානාත්මතාවය ද ගරුත්වය ද ආර්ථීක සාධාරණත්වය ද ආරක්‍ෂාවන මහජන ව්‍යවස්ථාවක් බිහිකර ගැනීම සඳහා ආයාචනා කරන සහ බලකර සිටින මහජන රැළියක් හෙට දහවල් 1.00 ට (2016.09.20) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදි පැවැත්වෙන බවත් ඉන් අනතුරුව අගමැති සහ ජනාධිපතිවරයා වෙත එම ඉල්ලීම් භාරදීම සිදුකෙරෙන බවත් මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වය දන්වා සිටියි.



ජාතික ධනය හා ස්වභාවික සම්පත් සඳහා ජනතාවට වැඩි පාලනයක් හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා පෙළ ගැසීම අත්‍යවශ්‍ය කාර්යයක් යැයි සඳහන් කරන එම ජනතා ක‍්‍රියාකාරිත්වය, ආර්ථික සාධාරණත්වය හා දේශපාලන නිදහස තහවුරු කරන මෙන් ම සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කරන, සියල්ලන්ට සමාන අවස්ථා නිර්මාණය කරන හා සියලූ ජනතාවට හා කලාපයන්ට සමානව සම්පත් බෙදීයන ආර්ථික ප‍්‍රතිපත්තින් උදෙසා බලපෑම් කළ හැකිවන පරිදි පුරවැසියන් බලසතු කරන ව්‍යවස්ථාවක් අවශ්‍යය යැයි අවධාරණය කරයි.

ජනතාවගේ පීඩාවන්, ආර්ථික අසාධාරණකම් සහ අසමානතාවයන් ආමන්ත‍්‍රණය කිරිමට සමත් සැබෑ සාමයේ හා සාධාරණත්වයේ පදනම වන ව්‍යවස්ථාවක් බිහිකර ගැනීම වෙනුවෙන් ඔවුන් හා එක්වන්නැයි ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.  

මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වය, ආර්ථික සාධාරණත්වය, සමානාත්මතාවය, අනත්ර්ග‍්‍රහණය හා පරිසරය පිළිබඳ සැලකිලිමත් සමාජ ව්‍යාපාර, ජාලයන්, සංවිධාන හා පුද්ගලයින්ගෙන් සැදුම්ලත් එකතුවක් යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වය වැඩිදුරටත්  සඳහන් කරයි.

පිංතුර -  මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වය ෆේස්බුක්

-    මෙලනි





2016-09-19
Advertisement

Find us on Facebook