English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වුවන් පිළිබඳ රජයේ කොමිසම - මන්නාරම දී


යුධ පසුබිම තුළ අතුරුදහන්වුවන් පිළිබඳ පැමිණිළි විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විසින් පත්කළ කොමිසමෙහි පැමිණිළි සටහන්කර ගැනීම මෙවර උතුරු ප‍්‍රදේශයේ මන්නාරම දිස්ත‍්‍රික්කයේදි සිදුකෙරෙන බව තොරතුරු රජයේ අමාත්‍යංශය සඳහන් කරයි.

සයවන (06) වරට පවත්වනු ලබන මෙම විමර්ශන කටයුත්ත, අගෝස්තු 8වන දා සිට 11 වනදා තෙක් පුරා දින හතරක් ග‍්‍රාමසේවා නිළධාරි වසම් 47ක් ආවරණය කරමින් පැවැත්වෙන බව වාර්තා වෙයි.

අගෝස්තු 8 සහ 9 දෙදින මන්නාරම, මාන්තෙයි බටහිර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ද, අගෝස්තු 10 වන දින මන්නාරම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, අගෝස්තු 11 වෙනිදා මඩු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ද පැමිණිළි සටහන්කර ගැනීම සිදුවනු ඇත.

මේ වසරේ ජනවාරි මාසයේ සිට කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, මුලතිව් සහ නැවතත් මඩකළපුව යන දිස්ත‍්‍රික්කයන් හීදි ක‍්‍රියාත්මක වු කොමිසමට, පැමිණිලි 19284 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිළි 5000 ක් ආරක්‍ෂක සාමාජිකයින්ගෙන් ලැබි ඇති පැමිණිළි වන බව තොරතුරු අමාත්‍යංශය සඳහන් කරයි.     

-MMP




2014-08-06
Advertisement

Find us on Facebook