English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගැටළු විසඳීමට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් මීගමුවටත්!

ප්‍රාදේශීය ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටළු සඳහා මුලික වශයෙන් අවශ්‍ය නීතිමය සහාය
, ආරක්ෂාව හා මඟ පෙන්වීම සඳහා වූ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන දිස්ත්‍රීක්ක මට්ටමින් ආරම්භ කිරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. මෙහිදී තුන්වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රීක්කයේ ආරම්භ කිරීමට තීරණය විය. ඒ අනුව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් මීගමුව ජනාවබෝදය කේන්ද්‍රයේදී සැප්තැම්බර් 17 වන දින පස්වරුවේ විවෘත කරනු ලැබීය.


මෙහිදී අදාල දිස්ත්‍රීක්කයන් තුලින්ම තෝරාගත් පුහුණුව ලත් පිරිස් මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරයි. ඒ අනුව මෙම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මඟින් කිසියම් රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරියකුගේ නීති විරෝධී ක්‍රියාවක් මත කඩවන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කඩිනමින් ගතයුතු පියවර පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදීම, දිව්රුම් ප්‍රකාශ හා ලිඛිත පැමිණිලි ඇතුළු ලිපි ලේඛණ සකසාදීම, අඩු ආදායම් ලාභීන් සඳහා නීති ආධාර ලබා දීම, එම සිද්ධීන් සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කිරීම හා එම ආයතන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අධීක්ෂණය, මානව හිමිකම් පිළිබඳව දැනුම අවබෝධය ලභාදීම.ආරක්ෂාව හා මඟ පෙන්වීම, සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදීම යන කාරණා සම්බන්ධයෙන් මුලික වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙම උත්සව අවස්ථාව සඳහා නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු හා පිලිප් දිසානායක යන මහත්වරුන් සහභාගී වූ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ පැරණිම මානව හිමිකම් ක්‍රියාකාරිණියකු අතින් මෙම මධ්‍යස්ථානය විවෘත විය.

                                                                                                                   


සැප්තැතැම්බර් 17 වන දින පස්වරුවේ දී  මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී ආරම්භ  ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ හා පෝස්ටර් ප්‍රචාරක වැඩසටහනක්  ද එදින  උදැසන ගම්පහ නගරයෙ  පැවැත්විණි.



උපුටා ගැනීම - 
Reform - http://www.right2lifelanka.org
-  මෙලනි




2016-09-19
Advertisement

Find us on Facebook