English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඡන්ද බලයේ අයිතිය මෙන්ම නැවත පදිංචිවීමේ අයිතිය ද සුරැකින්න - කඳවුරු වැසියෝ

සිවිල් යුද්ධය හේතුවෙන් අවතැන්වී කඳවුරුගතවී සිටින උතුරු නැගෙනහිර සියලූම පුරවැසියන් ඡන්ද හිමි නාමලේඛණයට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගනිමින් සිටින බව පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ප‍්‍රකාශ  කළේය.  

එහෙත් උතුරේ ඇතැම් කඳවුරු වැසියන් ප‍්‍රකාශ කරන්නේ, ඔවුන් මේ වන විට ඡන්දය පාවිච්චි කරන්නන් බවයි. අති බහුතරයක් ඡන්ද හිිමියන් බවයි.

"ඒ නිසා තමයි එදි මෛත‍්‍රි මහත්තයාව අපි තෝරා ගත්තේ අපේ රටේ නායකා විධියට අපේ මේ ප‍්‍රශ්න විසඳා ගන්න. ඊටත් පස්සේ මහ ආණ්ඩුව පත්කර ගන්නකොටත් අපි ඡන්දෙ දුන්නා, අපේ මේ අවතැන් ප‍්‍රශ්නය විසඳලා දෙයි කියල හිතාගෙන. අපි ඡන්දෙ දුන්නා. ඒ ගොල්ල දින්නා. නමුත් අපි තාමත් කඳවුරුවල අපා දුක්විඳිනවා." යැයි ඔව්හු පවසති.

උතුරේ කඳවුරුවල ජීවත්වන දමිළ යුධ අනාථයින් කිහිප දෙනෙකු තවදුරටත් කියා සිටියේ , දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන බලය තහවුරුකර ගැනීම සඳහා මෙන්ම දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය මත තමන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් මෙසේ පියවර ගත්ත ද තම නැවත පදිංචිවීම් සම්බන්ධයෙන් නම් මෙවැනි උනන්දුවකින් ක‍්‍රියා නොකරන බවය.
 
"දේශපාලනඥයින් අපි ගැන සැබෑම කැක්කුමකින් වැඩකළානම් අපි තාමත් මේ කඳවුරුවල ජීවිත ගෙවන්න  ඕනේ නැහැ. ඔවුන්ට අපිව මතක් වෙන්නේ ඔවුන්ගේ දේශපාලනයට හය්යක් ලබාගන්න  ඕනේ වෙනකොට විතරයි." යැයි කියති.
 
ඡන්ද බලය පාවිච්චි කළ හැකි පුද්ගලයෙකු බවට හිමි "අයිතිය නැතහොත් සහතිකය" ලබාදීමට මත්තෙන් ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය , සිය මුල් වාසභූමියේ පදිංචි වීමේ අයිතිය නැතහොත් ඊට සරිලන භූමියක නැවත ඔවුන්ගේ ජීවිත ආරම්භ කිරීමේ අයිතිය කඩිනමින් ලබාදීම සඳහා උත්සුක වීමේ කාලින වගකීමෙන් වගකිව යුුතු කිසිඳු පාර්ශවයකට මිදිය නොහැක, මන්ද ඉදිරියට පැමිණෙන්නේ වර්ෂා කාලයයි. එකී වර්ෂාවට , වර්ෂාව සමඟ ආරම්භකරන ගංවතුර තර්ජනයට, සුළං කුණාටුවලට මුහුණ දෙන්නට දැන් මෙම අනාථ කඳවුරුවලට ශක්තියක් නැත. කඳවුරු වැසියන් ආරක්‍ෂාකර ගන්නට කඳවුරුවල පහසුකම් තබා මුලික පහසුකම් ද ක්‍ෂය වී ගොසිනි.  එසේ වනවිට ඔවුන් කොහේ යන්න ද ?

-    මෙලනි



2016-09-18
Advertisement

Find us on Facebook