English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යාපනයේ හමුදා බලය 2009 මට්ටමෙන් අඩුකර නැහැ! ආඥාපති ජෙනරල් මහේශ් සේනානායක

උතුරු පළාත බාර ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

යාපනයෙහි හමුදා බලය තවමත් 2009 මට්ටමෙහිම පවත්නා බව එහි අඥාපති ජෙනරල් මහේශ් සේනානායක ආණ්ඩුව විසින් පාලනය කරන දිනමිණ පුවත්පත සමඟ සාකච්චජාවනට එක්වෙමින් කියා තිබේ.

ඔහු විසින් මෙසේ කියා තිබේ:

‘‘උතුරේ හමුදාව සීමාසහිත කරල කියලා චෝදනාවක් දකුණේ තියෙනව?

සීමාසහිත කරලා නෑ. යුද්ධය පැවති වකවානුව තුළ මෙන්ම මේ ප්‍රදේශවල සේනාංක 03ක් තවමත් ස්ථානගත කර තිබෙනවා. ඒවා යොදවා තිබෙන තැන් තමයි මාරු වෙලා තියෙන්නේ. මාරුවෙලා කියන්නේ ඉඩම් අතඇරල කියන එක නෙවෙයි, භට පිරිස් අඩුවෙලා කියන එකත් නෙවෙයි. යුද්ධයක් තියෙන අවස්ථාවකට වැඩිය අඩුවෙන් වුණ ත් යුද්ධයක් යළි ඇති වුවහොත් ඒ සඳහා ඉදිරියට යා හැකි අයුරින් හමුදාව ස්ථානගත කරල තිබෙනවා.‍‍‘‘

එම සාකච්ජාව පහත පළවේ:

දකුණේ සමහරුන් යාපනයේ ආරක්ෂාව දුර්වලයි කියල චෝදනාවක් කරනවා. උතුරේ ආරක්ෂාව බාර ප්‍රධාන නිලධාරියා හැටියට මේ චෝදනාවට දෙන පිළිතුර කුමක් ද?

ඇතැම් පුද්ගලයන් පිරිසක් විසින් උත්සාහයක යෙදෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නේ, මේක දකුණට බලපානවා, නැවත යුද්ධයක් ඇති වෙන්නට පුළුවන්, ලබාගත් ජයග්‍රහණය නැති වෙන්නයි යන්නේ, රණවිරුවන්ගේ ආත්මශක්තිය නැතිවෙන්නයි යන්නේ කියන මතයක් හදන්න. ඇත්තෙන්ම එහෙම තත්ත්වයක් මෙතන නෑ. කිසිම කලබල තත්ත්වයක් නෑ. අවිවාදයෙන්ම ඔවුන් දේශපාලන වාසි ලබාගැනීම උදෙසා මෙවැනි උත්සාහයක යෙදෙන බව මම සඳහන් කරනවා.

චාවකච්චේරිය ප්‍රදේශයේදී පසුගියදා හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය සම්බන්ධ සිද්ධිය පිටුපස හමුදා සාමාජික සහ දේශපාලනය සම්බන්ධයක් තිබෙනවා ද?

මම දකින්නේ යුද හමුදාවක් හැටියට, මොන රජයක්,මොන පක්ෂයක් බලයේ හිටියත් හමුදාවටවත් එන නිලධාරීන්ටවත් බලපාන්නේ නෑ. අපේ පරම රාජකාරිය ජාතික ආරක්ෂාව. ඒ සඳහා රජය කාගෙද? අගමැති කවුද? ජනාධිපති කවුද? කියන එක නෙමෙයි ප්‍රශ්නය, එතන දී අපේ වගකීම අපි ඉටු කරනවා.

එතකොට කවුරු හරි යෝජනා කරනවනම්, දේශපාලන හේතුවක් උඩ යම් පක්ෂයක අවශ්‍යතාවයක් මත මේ සිද්ධිය ඒක වුණා කියලා. එහෙමමයි කියල මට කියන්න බෑ මොක ද මේ සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය දීර්ඝ වශයෙන්ම පරීක්ෂණයක් සිදු කරමින් ඉන්නවා.

ඒ පරීක්ෂණවලදී දැනට 15කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් එනකන් අපිට ඒ පිළිබඳව කියන්න බෑ.

යම් අවස්ථාවක නැගී සිටීමකට දේශපාලන ප්‍රවාහයක් හෝ වෙනත් පාර්ශවයක් විසින් උත්සාහයක යෙදුනහොත්, කුමන පියවරක් ද ගන්නේ?

89 දි වගේ නෙවෙයි මෙහි සිටින ආරක්ෂක අංශ,බල ඇණි, බලසේනා පැහැදිලිවම ස්ථාන ගත කරල තියෙන්නේ. මර්මස්ථාන සියල්ලක්ම ආවරණය වන පරිදියි.

එහෙම තියෙද්දි යම් කිසි සිදුවීමක් වෙනව නම් අවශ්‍ය පියවර ගන්න මේ හමුදාවට පුහුණුව තියෙනවා. සූදානම් වෙලත් ඉන්නවා. ඒක නිසා සිද්ධියක් වුණා කියලා වෙනත් සේනාංකයක් මේ ප්‍රදේශයට එන්න අවශ්‍ය නෑ.

උතුරේ හමුදාව සීමාසහිත කරල කියලා චෝදනාවක් දකුණේ තියෙනව?

සීමාසහිත කරලා නෑ. යුද්ධය පැවති වකවානුව තුළ මෙන්ම මේ ප්‍රදේශවල සේනාංක 03ක් තවමත් ස්ථානගත කර තිබෙනවා. ඒවා යොදවා තිබෙන තැන් තමයි මාරු වෙලා තියෙන්නේ. මාරුවෙලා කියන්නේ ඉඩම් අතඇරල කියන එක නෙවෙයි, භට පිරිස් අඩුවෙලා කියන එකත් නෙවෙයි.

යුද්ධයක් තියෙන අවස්ථාවකට වැඩිය අඩුවෙන් වුණ ත් යුද්ධයක් යළි ඇති වුවහොත් ඒ සඳහා ඉදිරියට යා හැකි අයුරින් හමුදාව ස්ථානගත කරල තිබෙනවා.

යම් පුද්ගල කොට්ඨාසයක හෝ වෙනත් පාර්ශ්වයක ඉල්ලීමක් අනුව යුද හමුදාව බැරැක්කවලට සීමා කරල තිබෙනව ද?

අද රටේ පවතින තත්ත්වය අනුව හමුදාව යෙදවිය යුතු වාතාවරණයක් නිර්මාණය වෙලා නෑ. හදිසි නීතිය,ත්‍රස්තවාදය මැඬලීමේ නීතිය නැහැ. ශ්‍රී ලංකා පොලිසිය, නීතිය , සාමය ආරක්ෂා කරනවා. යම් සටනක් උද්ගත වන අවස්ථාවක පොලිසියට පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදා වුවහොත් තෙවන පාර්ශ්වය හැටියට යුද්ධ හමුදාව සහය දැක්වීමට සූදානමින් ඉන්නවා.

වර්තමානයේ සිදුවන ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය නිසා ආරක්ෂක හමුදාවන්ට යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව ද?

පැහැදිලිවම නෑ. 2009 වසරේ දී යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ පමණක් අක්කර 27,000ක ස්ථානගත වෙලා හිටියා. නමුත් අද වන විට පියවර 11 කදී යුද්ධ හමුදාව සතුව පැවති අක්කර 21,000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ජනතාවට ලබාදීලා තිබෙනවා.

ඒ අනුව දැනට අප සතුව තියෙන්නේ, අක්කර 6000කට ආසන්න ප්‍රමාණයක්, ඒ යාපනය අර්ධද්වීපයෙ සම්පූර්ණ භූමි කොටසින් 2.14 කයි ඉන්නේ. මේ ප්‍රමාණය අඩු වුවත් යුද හමුදාව ප්‍රමාණවත් රාජකාරි ඉටු කරමින් ඉන්නවා.

අක්කර ගණන් නෙවෙයි අවශ්‍ය , අක්කර සියයක් තියෙන ඉඩමක ළිඳක් නැත්නම් ඒ ඉඩමෙන් වැඩක් නෑ. ඒ නිසා ඉඩමේ කඩුල්ල දාන තැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. භූමියේ ඉන්න යුද හමුදාව තීරණය කරන්නේ ඒ කඩුල්ල දාන තැන තමයි. ඒකේ සියයට පනහක් ජනතාව පදිංචි වුණාට කඩුල්ල රකින එක තමයි අපේ රාජකාරිය.

යුද හමුදාව සිදු කරන සංවර්ධනමය හෝ වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උතුරේ මාධ්‍යයන්හි ප්‍රතිචාරය කොහොම ද?

උතුරේ ජනමාධ්‍ය පසුගිය මාස 06 ඇතුළත හමුදාවට ඉඳුරාම එල්ල කරන චෝදනාවලින් බැහැරවෙලා තියෙනවා. හමුදාවන්ගේ විනය ගැන හැසිරීම ගැන ප්‍රකාශ නිකුත් කරන්නැත්තේ, එහෙම දෙයක් කියන්න නැති නිසා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්.

අපි මේ කරන දෙය හොඳ නම් දැනට ‍යම් තත්ත්වයක් තිෙබනවා නම් ඒකත් සුබවාදි වෙයි. එකම දේ එකම බොරුව හැමදාම කියන්න බෑනේ. ඒ මාධ්‍ය පිළිගන්නැති තත්ත්වයට එනවා. ඒක විහිළුවක් වෙනවා.

උතුරේ මහ ඇමැතිවරයාගේ ඇතැම් ප්‍රකාශ, ක්‍රියාදාම තුළ නැති ප්‍රශ්න ඇතිවෙලා කියන චෝදනාවක් එල්ල වෙනවා?

ඒ අය පක්ෂයක් හැටියට වෙනම ගමනක් යනව,නමුත් අප කරන්නේ වෙනම රාජකාරියක්. එතනදි පොඩි හිස් තැනක් තියෙනවා. ඒ තුළ එතුමා කරන සාකච්ඡා හෝ විවේචන පිළිබඳව ජනතාව තීරණයක් ගනීවි.

විදේශගතව සිටින ජනතාව හෝ ඩයස්පෝරාව සමඟ උතුරේ සංවර්ධනය බලාත්මක කළ හැකි වාතාවරණයක් පවතින අවදියක උතුරේ දේශපාලනඥයන් එය සිදු නොකිරීම පිළිබඳව දරන මතය කුමක් ද?

ඒක විශාල අඩුපාඩුවක් හැටියටයි මම දකින්නේ. මේ ගැන මම කථාකරල තියෙනවා. ඒ අයට වෙනත් අරමුණක් තියෙනවා. ඒ අරමුණ තුළ දී පළාත සංවර්ධනය නොවෙන එක තමයි ඒ අයගේ අවශ්‍යතාවය. රටේ සමහර පක්ෂ තියෙනවා දුළිඳුකම තියෙන එක තමයි ඒ පක්ෂවල පැවැත්ම, ඒ නිසා දිළිඳුකම නැතිවෙනවට ඒ අය කැමති නැහැ.

යුද හමුදාව විසින් අවතැන් වූවන් වෙනුවෙන් කීරමලේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව කිසියම් පාර්ශ්වයක් විසින් හෝ කණ්ඩායමක් විසින් මැදිහත්වීමක් හෝ නිරීක්ෂණයක් සිදු කෙරෙනව ද?

මේ නිවාස ව්‍යාපෘතිය කරන්නේ රජයේ ආධාර මත යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්. මීට අමතරව ඇතැම් අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ පුද්ගලයින්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් උදව් ලබාදීමට කැමැත්ත පළ කරල තිබෙනවා.

කාලයක් මේ පළාතේ ක්‍රියාත්මක වූ (ආවා) කල්ලියේ දැන් තත්ත්වය කොහොමද?

මිනිස්සුන් මේ ලැබුණ නිදහසත් එක්ක විනෝද වන අවස්ථාවලට කඩා වැදුණ ඔය අවා කල්ලිය නැත්නම් පිහි කල්ලිය පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ දක්ෂතාවය මත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරල තියෙනවා.

ඒකට හේතුව හැටියට මම දකින්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපට වැඩි වශයෙන් බැලීම.

ඔබතුමාට යුද හමුදාපතිධුරය ඉසිලීමට අවස්ථාවක් ලැබුණොත් මොන වගේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ?

භයානකම ප්‍රශ්නයක්නේ ඇහුව්වේ. මම දකින්නේ, මම නෙවෙයි කවුරු හමුදාපති ධුරයට පත්වුණත්, දේශපාලනයකින් තොරව මේ රටට විය යුතු සේවය ඒ හමුදාපති කරන්න ඕන. මේ රටේ නැති දෙයක් තමයි විනය. ඒත් යුද්ධ හමුදාවේ විනය තිබෙනවා. ඒක පාවිච්චි කරල, මිනිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම්, ඒ හමුදාපති සාර්ථක සහ අමතක නොවෙන හමුදාපතිවරයෙක් වෙයි කියල මම හිතනවා

මුලි ලිබියේ මැය: යාපනයේ ආරක්ෂාව ගැන බොරු කියලා වාසි ගන්න හදනවා /දිනමිණ

උපුටා ගැනීම -  ශ‍්‍රි ලංකා බි‍්‍රෆ්

-  මෙලනි



2016-09-18
Advertisement

Find us on Facebook