English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හම්බන්තොට ගයාශාන් පොලිස් අත්අඩංගුවේදි නැතිවී, සම්බ වෙයි !
ජී ජී ගයාශාන්

හම්බන්තොට පොලීසියේ අත්අඩංගුවේ සිටියදි මීට දින 10යකට පෙර අතුරුදහන් වු බවට වාර්තා වුණු හම්බන්තොට ජී ජී ගයාශාන් අද දින දී සොයාගත් බව පොලීසිය නිවේදනය කරයි. තම ප‍්‍රදේශයේ සිදුවුණු බව කියවෙන වී සොරකමකට ගයාශාන් අත්අඩංගුවට පැමිණෙයි. පොලිසිය අතින් කිසිම ආකාරයක සාපරාධි ක‍්‍රියාවක් සිදුනොවුණු බවත්  නමුත් රාජකාරි කිරීමේදි පොලිසියට යම් අතපසුවීම් සිදුවී ඇති බවත් බස්නාහිර-උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කරයි. කෙසේවෙතත් පොලීසියට අනුව ගයාශාන් අතුරුදහන්වී ඇත්තේ ඔහුගේම උවමනාවට ය !


සැක කටයුතු සිද්ධියක් මත මීට දින කිහිපයකට පෙර හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු ජී ජී ගයාශාන් නැමැති තරුණයා,  පොලිස් අත්අඩංගුවේ සිටිය දී අතුරුදහන් වූ අතර, ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකරන ලෙසට ආසියානු මානව හිමිකම් සංවිධානය පොලිස්පති පූජි’ත ජයසුන්දරගෙන් පසුගිය දා ඉල්ලා සිටියේය. ඒ අතර පොලිස් අත්අඩංගුවේ සිටිය දී මෙවැනි අතුරුදහන්වීමක් සිදුවීම ගැන එකී පොලිස් ස්ථානයේ නිළධාරීන් වෙත සමාජයේ සිව් කොණින් විවේචන ගලා එන්නට විය.
 
අද උදෑසන මාතර දික්වැල්ල ප‍්‍රදේශයේ විද්‍යාතිලක පිරිවණේ ශාස්ත‍්‍රවේදි අඹකොළවැවේ බුද්ධික හිමි විසින් විසි හැවිරිදි මෙම තරුණයා කොළඹ පොලිස් මුලස්ථානයට භාරදෙන ලදි.

මෙසේ පොලිසියට භාරදීමෙන් අනතුරුව යළිත් වරක් ගයාශාන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණු අතර , මේ සිද්ධිය සම්බන්ධ සියලූ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන මුත් ඔහු පොලිස් අත්අඩංගුවෙන් පැනගියා යැයි කිසිඳු ආකාරයක නිතියට පරිබාහිර කටයුතු කිසිවක් සිදුනොකරන බවටත් වෘත්තීමය පොලීසියක් ලෙසට තවදුරටත් පොලීසිය කටයුතු කරන බවටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පැවති මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත් මාධ්‍යය හමුව අවසානයේදි නියෝජ්‍ය පොලිස්පතිවරයා හට මාධ්‍යය රටට කීමට යමක් ඇතැයි ප‍්‍රකාශ කළේය. එනම්,” යම්කිසි සිදුවීමක අවසාන නිගමනයකට එන්න ඉස්සෙල්ලා , යම් යම් මත ඇතිකරන්න එපා.” යන්නයි.

මෙම සිද්ධියට අදාළව හම්බන්තොට පොලීසියේ සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, අද යළිත් වරක් අත්අඩංගුවට ගනු ලැබූ ගයාශාන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ආරක්‍ෂාව ගැන සැකයක් බියක් තබාගත යුතු නැති ස්ථානයකදීම එනම් පුද්ගල ආරක්‍ෂාව අරඹයා පොලිස් නීති රීති ද, පොලිස් අවි ආම්පන්න ද, පොලිස් රථ වාහන ද, පොලිස්කරුවන් හා කාරිණියන් ද ඒ මද යැයි සිතන්නේ නම් පොලිස් බල්ලන් ද ස්ථානගත ව ඇති, බලයක් ඇති පොලිස් භාරයේ සිටියදී ම පොලිසියෙන් පැනයාමට කෙනෙකුට හැකිවීම පුදුම සහගතය.

අද පැවති මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශනය, ඬේලිමිරර් මගිනි.

http://www.dailymirror.lk/115882/Video-Youth-gone-missing-in-Hambantota-found

-    මෙලනි



2016-09-15
Advertisement

Find us on Facebook