English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාව: වින්දිතයන් යුක්තියෙහි, සත්‍යය හා හානි පූරණයේ කේන්ද්‍රයෙහි තැබිය යුතුය – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

(ජයාරූපය - පවුලෙහි සය දෙනෙකු යුද්ධය විසින් ගිලගත් මවක් තවම අතුරුදහන් වූ පුතු අපේක්ෂාවෙන් පසුවෙයි. 2016 අගොස්තු - ජයාරූපය ©සුනන්ද දේශප්‍රිය)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 33 වන සැසියට ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ලිඛිත ප‍්‍රකාශය (2016 සැප්තැම්බර්)

2015 ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයේ 30/1 ශ්‍රී* ලංකාවේ ප‍්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය යෝජනාව සම-අනුග‍්‍රහය දැක්වීය. එතැන් සිට විශේෂ පටිපාටීන් හා කටයුතු කිරීමේ විවෘත භාවයේ වැඩිවීම් ඇතුළත් සාධනීය වර්ධනයන් ඇති වී තිබේ. කෙසේ වුවද උන්නතිකාමී න්‍යාය පත‍්‍රයක විවිධ පාර්ශවයන් ලඟා කර ගැනීමේ දී මන්දගාමී ප‍්‍රගතිය හා ඈඳුණු විනිවිද භාවයේ ඇති අඩුව නිසා සමහර වින්දිතයන් හා මානව හිමිකම් රක්ෂකයන්ට සිය ඉච්ඡුා භංගත්වය ප‍්‍රකාශ කිරීමට සිදුව තිබේ.

2009 අවසන් වූ, රජයේ හමුදා හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර ඇතිවූ දිග්ගැස්සුණු සන්නද්ධ ගැටුම ට පෙර, ඒ අතරතුර හා ඉන්පසු සිදුකළා යයි සැළකෙන ජාත්‍යන්තර නීතියට යටත් වන බොහෝ අපරාධ තවමත් විමර්ශණය නොකර, දණ්ඩනයට යටත් නොකර පවතී. ඉහත යෝජනා සම්මතයේ සම-අනුග‍්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාව යුක්තිය ලබාදීමට, සත්‍යය සෙවීමට, හානි පුරණය ට, පුනරාවර්තනය වැළැක්වීම සහතික වීමට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශණය පිළිබඳ මහා කොමසාරිස් වරයාගේ කාර්යාලය (ධෂීඛ* විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ අනුකුලව යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමට පොරොන්දු වී ඇත. එම පොරොන්දු අනුව පහත කරුණු අන්තර්ගත විය යුතුය:

x මානව හිමිකම් උල්ලංඝනය හා අයථා භාවිතය සේම ජාත්‍යන්තර මානුෂික නීතින් උල්ලංඝනය ද විමර්ශණයට විශේෂ උපදේශකයෙක් සහිත අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපනය.

x යුක්තිය ලබාදීම, සත්‍යය සෙවීම, හානි පුරණය හා පුනරාවර්තනය වැළැක්වීම සඳහා කොමිසමක් පත් කිරීම.

x අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයයක් පිහිටුවීම

x හානි-පූරණය සඳහා කාර්යාලයයක් පිහිටුවීම

මෙහිලා ප‍්‍රගතියක් අත්කරගෙන ඇති නමුත් තව දුරටත් කිරීමට බොහෝ දේ ඇත:

මහජන උපදේශනයන්

ශ්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳ කි‍්‍රයාවලීන් ගොඩනැගීමේදී පාදක මුලධර්මය ලෙස සැළකිය යුතු

මහජන උපදේශනයන් ඇතිකිරීම දැනටමත් ඇරඹී ඇත. කෙසේ වෙතත්, ජාතිකව සියලූ අගතියට පත් ප‍්‍රජාවන්ගේ දැනුම පිණිස එය ප‍්‍රසිද්ධ කිරීම, සහ ඵලදායී ලෙස වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල් වලට ආරක්ෂිතව හා ආත්මවිශ්වාසයෙන් සහහාගී විය හැකි ආරක්ෂාව සපයන යාන්ත‍්‍රණයන් සම්පාදනය කිරීම, සහ එම ක‍්‍රියාවලිය දියත් කිරීම රාජ්‍ය සම්පත් හිඟකම මත ප‍්‍රමාද වී ඇත. මේ අඩුපාඩු කල්ගත නොකර ආමන්ත‍්‍රණය කළ යුතුය.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයය

අගෝස්තු මස, පාර්ලිමේන්තුව අතුරුදහන් වූ ආදරවන්තයන් සොයා යන පවුල් වලට සහය වීමට අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කළේය. කෙටුම්පත් කෙරෙන සමයේ එම පනතේ අවසාන කෙටුම්පත මහජනයා වෙත නිකුත් කළේ නැත. ඇම්නස්ටි ජාත්‍යන්තරය එහි ඉතා වැදගත් වගන්ති ඇතුළත් ව ඇති බව අවබෝධ කරගනී: එයට ජාතික නීති බලාධිකාරිය හා සමායෝජනයෙන් විමර්ශණ දියත් නිකුත් කිරීම, විමර්ශණ පිළිබඳව වින්දිතයන් හා පවුල් වෙත තොරතුරු ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන,

එම කාර්යාලයයේ අධිකාරිය අවමානයට ලක් කිරීමට එරෙහි වරදකාරිත්වය පිළිබඳ නීති ස්ථාපනය, වින්දිතයන්ට පුනරාවර්තනය නොවෙන බවට වන සහතිකය හා හානි පූරණය සඳහා නිර්දේශ නිකුත් කිරීමට අවශ්‍ය වරය.

එම කාර්යාලයය සතුව චෝදක බලයක් නැති නමුත්, අතුරුදහන් වීම් පිළිබඳ පුද්ගලික අපරාධ වගකීම සම්බන්ධයෙන්, පැහැර ගැනීම් හා වෙනත් අපරාධ පිළිබඳ සියලූ සාක්ෂි යෝජිත අධිකරණ යාන්ත‍්‍රණය ඇතුළත්ව අපරාධ පරීක්ෂණය උදෙසා යෝග්‍ය අධිකාරියක් වෙත ඉදිරිපත් කිරීමට ඊට හැකිය. එබඳු යොමුකිරීම් සඳහා නීතිය ඉඩ සළසා ඇත.

ඵලදායි වීම සඳහා, එම කාර්යාලයය විසින් සිය ආදරණියයන්ට සිදුවූ දේ සත්‍යය එම පවුල් වෙත සම්පාදනය කළ යුතුය. මෑතදී ශ්‍රී ලංකාවේ ආඥා ගත කෙරුණු තොරතුරු අයිතිය සඳහා වන පනත විසින් මෙම කාර්යාලයය

වෙත ලැබෙන රහසිගත තොරතුරු ආවරණය නොවෙන බැවින් සත්‍යයට ඇති අයිතිය අර්බුදයට ලක්වනු ඇති බවට බොහෝ දෙනෙකු බිය පළ කරති. එම කාර්යාලයය (ධඵඡු* සිය ආදරණියයන්ට සිදුවූ දේ හෝ ඔවුන්ගේ ඉරණම ගැන සත්‍යය සොයන අයට සත්‍යය පැහැරහරින හෝ ඔවුන්ගේ යුක්තියට ඇති ප‍්‍රවේශය අවුරන කිසිදු රහස්‍ය භාවයකට එකඟ නොවිය යුතුය.

එම කාර්යාලයයට අතුරුදහන් වුවන් පිළිබඳ තොරතුරු පරීක්ෂණය කළ ජනාධිපති කොමිසම (පරණගම කොමිසම) හි තොරතුරු මත සිය කාර්යය ආරම්භ කළ හැකිය. එයට එම සිද්ධීන් පිළිබඳ ව ඉතා ඉක්මණින්, ගැඹුරට හා ඵලදායීව පරීක්ෂණ අරඹනු පිණිස අවශ්‍ය සම්පත් ලබා දිය යුතුය. බලහත්කාර අතුරුදහන් කිරීම් වල වින්දිතයන්ගේ විය හැකි ශේෂයන් යයි සිතන සාක්ෂි හමුවූ, සමුහ මිනීවළවල් හා අනෙකුත් වළලා දැමු ස්ථාන ගැන සළකා එම කාර්යාලයය  සතුව සුසාන බිම් විමර්ශනයට, ඒවායේ කැධෑම් අධීක්ෂණයට හා ශේෂයන් හඳුනාගැනීමට අවශ්‍ය වන විශේෂඥ දැනුම තිබිය යුතුයයි ප‍්‍රකාශ කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  හා ඇම්නස්ටි ජාත්‍යන්තරය එකඟ වෙයි.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයය ට අදාළ නීති සම්පාදන කාර්යයෙදී ඇති වූ අඩුපාඩු ශ්‍රී ලංකා රජය අනෙකුත් යාන්ත‍්‍රණයන් වර්ධනය කිරීමේදී වැදගත් පාඩම් සපයයි. මහජන උපදේශන ලබා ගැනීම මගහැරීම හා පාර්ලිමේන්තු විවාදයක් නොපැවැත්වීම නිසා මහජන අවිශ්වාසය හා අනවබෝධය ඇති වී තිබේ. අවසාන මොහොතේ තෝරාගත් කුඩා ‘පාර්ශවකරුවන්’ කණ්ඩායමක්, තත්පර තිහක කවුන්සිල් සැසියකට පෙර සම්බන්ධ කර ගැනීමට තැත් කිරීම ක‍්‍රියාකාරීන් හා අතුරුදහන් වුවන් ගේ පවුල් වල අයගේ විවේචනයට හේතු වූ අතර, එය ශ්‍රී ලංකාවේ උපදේශන බලකායේ අන්තර්වාර වාර්තාවේ අන්තර්ගත කර ඇත.

අතුරුදහන් වුවන්ගේ පවුල් වල අය, ක‍්‍රියාකාරීන් හා වෙනත් ශ්‍රී ලාංකිකයින් පවසන අන්දමට රජය එහි ප‍්‍රතිසංස්කරණ න්‍යායපත‍්‍රය ප‍්‍රමාණවත්ව පැහැදිළිකර හෝ අන්තර්වාර සහන ප‍්‍රතිපත්තියක් පිළිබඳ ඉල්ලීම් වලට අනුව ක‍්‍රියා කර නැත. බලහත්කාර අතුරුදහන් කිරීම් වලට එරෙහිව ක‍්‍රියාකාරීව බලපෑම් කළ වින්දිතයන්ගේ පවුල් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයය ට ඔවුන් නියෝජනය කරන එම පවුල් වල අය වඩා යහපත් මහජන සම්බන්ධයක් උදෙසා පත් කිරීමට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාව සංක‍්‍රාන්තික යුක්තියේ බලකණු හතරේම ප‍්‍රගතිය පෙන්විය යුතුය, ඒ අතර ශ්‍රී ලංකා රජය එම කි‍්‍රයාවලිය කෙරේ මහජන විශ්වාසය දිනාගැනීම සඳහා පියවර ගණනාවක් අනුගමනය කළ යුතුය:

ඉදිරි ප‍්‍රගතිය උදෙසා ප‍්‍රමුඛතා

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම

ජුනි මාසයේ ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ (්‍යඍක්‍ීඛ* 2016 මැයි 16 දින දරණ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව හා අනෙකුත් හදිසි නීති හා රෙගුලාසි මත අත්අඩංගුවට ගන්න අය ආරක්ෂා කිරීම පිණිස සකස් කළ ආඥාවන්ට අනුකුලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියට හා සන්නද්ධ හමුදාවන්ට නියෝග කළේය. එම නියෝග මගින් අපහරණයට ලක් කිරීමට හේතු වීය හැකි ක‍්‍රියාමාර්ග උවසන් කිරීමට අපේක්ෂිතය. අත්අඩංගුවට ගන්නා නිලධාරින් තමන් හඳුන්වා දීමට අසමත් වීම, සළකුණු නොකළ වාහන තුළ සැකකරුවන් ප‍්‍රවාහනය, රඳවා ගැනීම සඳහා හඳුනා නොගත් ස්ථාන යොදා ගැනීම ඒ අතර වෙයි.

අගෝස්තු මාසයේ හිංසනයට එරෙහි එ ජා සම්මුතියේ 22 වගන්තිය අනුව ශ්‍රී ලංකාව ප‍්‍රකාශනයක් නිකුත් කළේය,

එමගින් පුද්ගලික සන්නිවේදනයන් සඳහා එම කමිටුවේ නිසි බලධාරිත්වය පැහැදිලි ලෙස හඳුනාගන්නා ලදී.

ඒවා රැුඳවියන් ආරක්ෂා කිරීමට ගන්නා ධනාත්මක පියවර වන නමුත්, රජය අත්තනෝමතික රඳවා ගැනීම්, වධහිංසා කිරීම්, හා බලහත්කාර අතුරුදහන්කිරීම් හා බැඳුනු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ඇති කැපවීම ඉදිරියට ගෙන යා යුතුය එසේම එම නිතිය භාවිතය වහා නවත්වා දැමිය යුතුය.

මහජන ආරක්ෂක පනත සංශෝධනය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අගෝස්තු මාසයේ දී හදිසි නීති රෙගුලාසි බලාත්මක කරන මහජන ආරක්ෂක පනත, අන්තර්ජාතික සම්මත අනුව සමාලෝචනය කරන මෙන් අධිකාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

දැනට අහෝසි කර ඇති හදිසි තත්වය හා එහි ආනුෂංගික රෙගුලාසි මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එලෙසම, මහින්ද රාජපක්ෂ විසින් 2006 ජුලි මස නිකුත් කළ තීව‍්‍රතාවයෙන් අඩු නියෝග 2007 අපේ‍්‍රල් මස ආරක්ෂක හමුදා වෙත නැවත බෙදාහැරියද ඒවා ක‍්‍රියාත්මක නොකෙරුණි. මානව හිම්කම් කොමිසමේ නව නියෝග එකී පෙර නියෝග බලාත්මක කිරීම සඳහා ද ඒවා ජාත්‍යන්තර ප‍්‍රමිතිය ට ගෙන ඒමට කෙරෙන උත්සාහයන් වේ. එම නියෝගයන්ට අනුව අත්අඩංගුවට ගන්නා අයගේ පවුල් වලට අත්අඩංගුවට ගැනීමේ කුවිතාන්සියක් නිකුත් කළයුතුය, එහි අත්අඩංගුවට ගන්නා නිලධාරියා, අත්අඩංගුවට ගැනීමේ දිනය හා වෙලාව, හා රඳවා තබා ගන්නා ස්ථානය සටහන් කළ යුතුය. එම නියෝග මගින් සමාජ භාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම, රඳවා තබා ගන්නා ස්ථානයන්හි දරුවන්ගේ ආරක්ෂාව, වධදීම තහනම් කිරීම, රැුඳවියා ට ප‍්‍රශ්න කිරීම් අතර තුර ඔහුගේ හෝ ඇයගේ නීතිඥයා හමුවීමට ඉඩ ලබාදීම, රඳවා ගැනීම් නිල වශයෙන් හඳුනාගත් හා අධිකාරිත්වයෙන් අනුමත රඳවා ගැනීමේ ස්ථානයන්ට සිමා කිරීම. එම නියෝග මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සියලූ රඳවා ගැනීම්, මාරු කිරීම් පැය 48ක් ඇතුළත දැනුම් දීම හා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා  ඕනෑම අයෙකු කෙරේ,  ඕනෑම ස්ථානයක මානව හිමිකම් කොමිසමට බාධා රහිත ප‍්‍රවේශය තහවුරු කරයි. ඒවා මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පටු ලෙස ගොඩනැගිය යුතු බවටද, සාමාන්‍ය අපරාධයන්ට එරෙහිව භාවිතා නොකළ යුතු බවට ද අනතුරු අඟවයි.

තවද ඒවා මගින් මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ට එරෙහිව නීත්‍යානුකුල ව කටයුතු කරන බවද සියලූ පොලිස් හා හමුදා සාමාජිකයින්ට දැනුම් දෙයි.

බොහෝ ප‍්‍රතිපාදනයන් නැවත නැවත යොදා ගත් අතර රඳවා ගැනීමේ කාල වකවානු දික් කිරීම සඳහා බොහෝ විට යොදාගන්නා ලදී.

සමාජ සංකේත බඳු මානව හිමිකම් සිද්ධි මත ප‍්‍රගතිය පෙන්වීම.

පරීක්ෂණයන්ගේ ප‍්‍රගතිය නැවත නැවත පොරොන්දු වූ නමුත්, බොහෝ සිද්ධීන්හිදී නීතියෙන් මුක්ත වීම පවතී.

2006 ජනවාරි ත‍්‍රිකුණාමලයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වල අය විසින් සිසුන් පස් දෙනෙකු නීතියට බාහිරව ඝාතනය, 2006 අගෝස්තුවේම (ඒසිඑෆ්) කුසගින්නට එරෙහි ක‍්‍රියාකාරිත්වය සංවිධානයේ සේවකයන් 17 දෙනෙකු වෙඩි තබා මරා දැමීම, මානව හිමිකම් ආරක්ෂකයෙකු වන ස්ටෙෆන් සුන්දර්රාජ් 2009 ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, 2010 ජනවාරි කාටුන් ශිල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම, දේශපාලන ක‍්‍රියාකාරිකයින් වූ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් දෙදෙනා 2011 දෙසැම්බර් යාපනයේ දී අවසාන වරට දුටුවාට පසු අතුරුදහන් වීම ඉන් සමහරකි. එම සිදුවීම් පිළිබඳ යුක්තිය හා සත්‍යය දැනගනු පිණිස ඔවුන්ගේ පවුල් වසර ගණනාවක් බලා සිටිති.

මානව හිමිකම් ආරක්ෂකයින් හා ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගැනීම මානව හිමිකම් ආරක්ෂකයින් හා ජනමාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන තවමත් පවතී. උදාහරණ ලෙස, ජුනි දෙවෙනිදා ෆ්‍රෙඞී ගමගේ ට මීගමුවේ දේශපාලකයෙකුගේ සහයකයින් කළ පහර දීම සැලවූ ඇම්නස්ටි ජාත්‍යන්තරය එයින් තැවුලට පත් විය. හිසේ ඇතිවූ තුවාල නිසා ගමගේ ව රෝහල්ගත කිරීම අවශ්‍ය විය. ඔහු දේශපාලකයාගේ දුෂිත ක‍්‍රියා ගැන හා සංවිධිත අපරාධ හා ඇති සබඳතා එළිදරව් හා චෝදනා කරමින් ලියූ ලිපි නිසා ඔහු තර්ජනයට ලක්විය. ඇම්නස්ටි ජාත්‍යන්තරයට අදහස් දැක්වූ ගමගේ කියා සිටියේ ඔහුට පහර දුන් එක

අයෙකු ඉන් පසුව ඔහු අධිකරණයේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී ඔහු විසින් හඳුනා ගත් පසුවද ඔහුට තර්ජනයකළ බවයි. රජය ඔහුගේ ආරක්ෂාව ගැන සහතික විය යුතුය.

ඉක්මන් සහය උවමනා වින්දිතයින්ට අන්තර්වාර හානි පූරණ සැපයීම.

වින්දිතයන් හා කෙරෙන පූර්ණ උපදේශනයකින් පසුව හානි පූරණ සැපයීම කල් ගතවන ක‍්‍රියාවකි. හදිසි අවශ්‍යතාවයන්ගෙන් පීඩනයට පත් වුවන්ට සහය හා සේවා සැපයීමට අන්තර්වාර උපක‍්‍රම යෙදීම අත්‍යවශ්‍ය කාරණයකි. පුනරුත්ථාපනය, වන්දි ගෙවීම, දේපළ හා ගැටුම් කාලයේ හමුදාව අත්පත් කරගත් ඉඩම් නැවත ලබා දීම එහි අන්තර්ගත විය යුතුය. ඇම්නස්ටි ජාත්‍යන්තරය, අමාත්‍ය මණ්ඩලය විසින් අගෝස්තු මාසයේ අනුමත කළ සන්නද්ධ ගැටුමෙන් අවතැන් වූ අයට දිගුකාලීන විසඳුම් ලබා දෙන ප‍්‍රතිපත්තිය අගය කරන අතර, එය ඉක්මණින් ක‍්‍රියාත්මක කර ආසන්න අවශ්‍යතා විසඳීමට දිරිමත් කරයි.

අඛණ්ඩ ප‍්‍රගතිය ට සහයෝගය දක්වනු පිණිස, එක්සත් ජාතින් හා එහි සාමාජික රාජ්‍යයන් විසින්:

x ශ්‍රී ලංකාවේ රජයට අන්තර්ජාතික සම්මතයන්ට අනුකුල යුක්තිය, සත්‍යයය හා හානි පූරණ යාන්ත‍්‍රණයන් සඳහා සහ පුනරාවර්තනය වැළැක්වීම සඳහා උවමනා නීති සංශෝධනයට තාක්ෂණික සහය හා මුල්‍යමය උපකාරය සැපයීම.

x ඵලදායි ලෙස වින්දිතයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, විශේෂයෙන් කාන්තාවන්ට යුක්තිය,සත්‍යය හා හානි පූරණයට ප‍්‍රවේශය සැළසීම. එසේම විය හැකි පුනරාවර්තනයන් ඇති නොවීම සහතික කරන ස්ත‍්‍රී හා පුරුෂ සමාජභාවය පදනම් වූ හා අනෙකුත් වෙනකොට සැලකීම් හි මූලික හේතු ආමන්ත‍්‍රණය.

x යුක්තිය, සත්‍යය හා හානි පූරණයට ප‍්‍රවේශය සළසන හා එසේම පුනරාවර්තනයන් ඇති නොවීම සහතික කරන අන්දමින් ඇතිකරන සියලූ යාන්ත‍්‍රණයන් ඒ සඳහා තොරතුරු සමායෝජනය හා බෙදාහැරිම ගැන දැඩිව ඉල්ලා සිටීම.

x වින්දිත හා සාක්ෂිකාර සියල්ලන් ආරක්ෂා කරන, අන්තර්ජාතික සම්මත හා සරිලන ස්වාධින හා ඵලදායි යාන්ත‍්‍රණ ස්ථාපනයට සහය වීම.

x යුක්තිය, සත්‍යය හා හානි පූරණ යාන්ත‍්‍රණ සම්බන්ධයෙන් සිය ක‍්‍රියාකාරිත්වය නිසා බරපතල අවදානමකට මුහුණපා සිටින වින්දිතයින් හා සාක්ෂි කරුවන් තම රටවල ස්ථාන මාරු අවස්ථා සැපයීමට ශ්‍රී ලංකාව හා එකඟතාවන්ට එළඹීම.

x දේශීයව, නීතිය බලාත්මක කරන ආයතන හා ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් පිළිබඳ උග‍්‍ර පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට හා එක්සත් ජාතීන්ගේ සාම සාධක ක‍්‍රියාන්විතයන්ට, පුහුණු හෝ හුවමාරු වැඩසටහන් වලට සහභාගී වන සියලූ ශ්‍රී ලාංකික කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ මානව හිමිකම් පිළිබඳ අවබෝධය සහතික වීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම.

x ජාත්‍යන්තර නීතිය යටතේ ගැණෙන අපරාධ හා අනෙකුත් උග‍්‍ර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා සැකකරුවන් සේ සැළකෙන අය නීතිය අභිමුවට ගෙන ඒමට හා සාධාරණ යුක්තිය පසිඳලිමකට ද ඔවුනට මරණ දඬුවම පැනවීම වැළැක්වීමට ද සහයෝගය හා අන්‍යෝන්‍ය නීතිමය උපකාර සැපයීම.


උපුටා ගැනීම - ශ‍්‍රි ලංකා බි‍්‍රෆ් 

-  මෙලනි





2016-09-13
Advertisement

Find us on Facebook