English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"පොලිස් අවම බලය යනු කුමක් ද ?"



ශ‍්‍රි ලංකා සමාජය තුළ සාමය හා ආරක්‍ෂාව රැකීම සඳහා වන ඉහළම සේවාව සැපයිය යුතු වන ‘ශ‍්‍රි ලංකා පොලිසිය විසින් අවම බලය පාවිච්චි කිරිම’ සම්බන්ධව සාකච්ඡ කෙරෙන මහජන විනිශ්චය සභාවක් පැවැත්වීමට, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය කටයුතු සංවිධානයකර ඇත.

හෙට, එනම් - අගෝස්තු මස 07 වන දා පස්වරු 3.00 සිට 5.30 දක්වා කොළඹ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදි මෙම විනිශ්චය සභාව පැවැත්වෙන අතර, මහජන විනිශ්චය සභාව ආමන්ත‍්‍රණය කිරිම සඳහා දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් මංගල සමරවීර, එම්. එ්. සුමන්තිරන්, මනෝ ගනේෂන් යන මන්ත‍්‍රිවරුන් ද රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා ද සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, නීතිඥ උදුල් පේ‍්‍රමරත්න හා පිලිප් දිසානායක යන මහත්ම මහත්මීන් අදහස් දක්වනවා ඇත.

මෙහිදි වින්දිතයින් තිදෙනෙකු විසින් ද සිය අත්දැකීම් ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම අවස්ථාව ආවරණය කිරිම සඳහා ජනමාධ්‍යටද ආරාධනා කරන අතර බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ද ආරාධනාකර ඇත.  

"පොලිස් අවම බලය යනු කුමක් ද ? " සංවාධය,  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිවිල් පුරවැසියන් දැනුවත් කිරීම සඳහා කරනු ලබන වැඩසටහන් මාලාවක තවත් එක් පියවරකි.




2014-08-06
Advertisement

Find us on Facebook