English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාව නොමඟ නොයවන්න - ජනාධිපතිගෙන් ජනමාධ්‍යයට අවවාදයක් !


ශ‍්‍රි ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිනොවීමට වගබලා ගැනීම සියලූම දෙනාගේ වගකීම බව තරයේ කියා සිටී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇතැම් කණ්ඩායම් විසින් අසත්‍ය ප‍්‍රකාශ පළකරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවත් එවැනි අසත්‍ය ප‍්‍රකාශ පළ නොකරන ලෙසට සියලූම මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

 
"මට ඉතාමත් කණගාටුයි කියන්න හාමුරුවණේ, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අසත්‍ය වැරදි ප‍්‍රචාර ජනතාව අතරට යවනවා. ඇතැම් මාධ්‍ය ආයතන ඉතාමත් වැරදි සහගත වාර්තා පළකරනවා." යැයි පසුගිය දා පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ හැත්තෑවන සංවත්සර උළෙල අමතමින් ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

සැප්තැම්බර් 11 දා පිටවීමට නියමිතව තිබු ජාතික පුවත්පතක අන්තර්ගතය පිළිබඳව කථාකරමින් එම පුවත්පත සම්පුර්ණයෙන් අසත්‍යයෙන් පිරි ඇතැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, " මම සියලූම මාධ්‍යයන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තැන තැන කථාවෙන අසත්‍ය ප‍්‍රචාර ජනතාව නොමඟ යැවීම සඳහා ප‍්‍රචාරය කරන්න එපා කියා." ඉල්ලා සිටියේය.

මූලාශ‍්‍රය හා ඡායාරූපය -  බීබීසි සංදේශය
-  මෙලනි



2016-09-12
Advertisement

Find us on Facebook