English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පක්‍ෂයෙන් කළ සේවය ගැන ආඩම්බර වනවා සේම කළ වැරදිවලට සමාව අයදිනවා - අගමැති වික‍්‍රමසිංහ
වර්තමාන අගමැති මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ඉතා ඉතා වැදගත් මෙන්ම සමබර කථාවක් පවත්වමින් මෙපමණ කාලයක් තුළ තමන්ගේ පක්‍ෂය විසින් එනම් එක්සත් ජාතික පක්‍ෂයෙන් රටට සිදුකළ සේවය පිළිබඳව තමන් ආඩම්බර වනවා මෙන්ම පක්‍ෂය අතින් සිදුවුණු වැරදි වලට සමාව අයැද සිටිනවා යැයි ද ප‍්‍රකාශ කළේය.

ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ, කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ හැත්තෑවන සංවත්සර උළෙල අමතමිනි.  

එමෙන්ම, මැතිවරණ ජයග‍්‍රහණය කරන්නට හෝ තමන් බලයට පත්වීමට කිසිවිටෙකත් එල්ටීටීඊ සංවිධානය සමඟ ගිවිසුම් නොගැසු බව ද දේශද්‍රෝහි නොවුණු බව ද ඔහු කීවේය.



"මම කිසිවිටෙකත් ජනාධිපතිවරණයක් දිනන්න එල්ටීටීඊ හෝ වෙනත් ත‍්‍රස්ත කණ්ඩායමක් එක්ක ගිවිසුම් ගහලා නැහැ. ඊට වඩා මට පරාජය හොඳයි. අපි කිසිවිටෙක දේශද්‍රෝහි වැඩ කරලා නැහැ."
 
ඇතැමුන් විසින් හදුන්වාදී ඇති පරිදි, එල්ටීටීඊ සංවිධානය සමඟ ගිවිසුම්වලට එළඹීම දේශපේ‍්‍රමීත්වයක් නම් එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතුවී රට ඉදිරියට ගෙනයාම දේශද්‍රෝහි ක‍්‍රියාවක් ලෙසට ඇතැමුන් විසින් විග‍්‍රහා කරනු ලැබීම කෙතරම් සාධාරණ දැයි අගමැතිවරයා ප‍්‍රශ්න කළේය.

ජාතික සමගිය ගොඩනැගීම සඳහා වර්තමාන ආණ්ඩුව කැපවී සිටින්නේ යැයි සඳහන් කළ අගමැතිවරයා, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක් නොවුණේ නම් එම ඉලක්කය ජයගත නොහැකිවන්නේ යැයි කීවේය.

වර්තමාන ශ‍්‍රි ලංකාව දේශපාලන විසඳුමක් කරා ගමන්කරමින් සිටින අතර යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති කරුණු සම්බන්ධයෙන් තවමත් සාකච්ඡ කරමින් සිටින බව ද මෙහි දි අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.  

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පොදුවේ වැරදිවලට සමාව අයැද සිටිනවා කියා ප‍්‍රකාශ කරනු වෙනුවට, එක්සත් ජාතික පක්‍ෂ පාලන කාලය තුළ ඔවුන් අතින් සිදුවු අසවල් වැරදි සඳහා සමාව අයැදින්නේ යැයි අගමැතිවරයා විසින් ප‍්‍රකාශ කළේ නම් එය ඉතාම වටිනා ප‍්‍රකාශයක් වනු ඇත! සංහිඳියාව යන්නට මහඟු අර්ථයක් එක්කරනු ඇත !

මූලාශ‍්‍රය හා ඡායාරූපය -  බීබීසි සංදේශය
-    මෙලනි



2016-09-12
Advertisement

Find us on Facebook