English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඕ එම් පී කාර්යාලයට බලපෑම් එල්ල කිරිම විශාල පාප කර්මයක් !
අතුරුදහන්වුවන් වෙනුවෙන් ආරම්භ කරන නව කාර්යාලය, යුක්තිය ඉටුකරවා ගැනීම උදෙසා අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ දැස්වලින් ගලාගිය කඳුළුවලට ලැබුණු එක්තරා ආකාරයක සාධාරණයක් වන අතර, අතුරුදහන්වුවන් වෙනුවෙන් මේ රජය ගන්නා වු පියවර අධිරාජ්‍යවාධි කුමන්ත‍්‍රණයක් හැටියට කවුරුන් හෝ පෙන්වනවානම් ඒ, දෙවියන්ටත් මෙරට කාන්තාවන්ටත් එරෙහිව කරන්නාවු විශාල පාප කර්මයක් වෙනවා යැයි මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක් වන නිමල්කා ප‍්‍රනාන්දු පැවසීය.  

ඇය මේ බව කියා සිටියේ අගෝස්තු මස 30 වෙනිදා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, විදියේ විරෝදය සහ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරමින් ශ‍්‍රි ලංකා පදනම් ආයාතනයේදි පවත්වන්නට යෙදුණු අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමේදීය.


නිමල්කා ප‍්‍රනාන්දු

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නිමල්කා ප‍්‍රනාන්දු විසින් මෙසේ ද පැවසීය.
 

"යහපාලනය කියන්නේ හුදෙක් මැතිවරණයකින් බලය ඩැහැගත්තට පස්සේ තමන්ට අවැසි විධියට කටයුතු කිරීමේ අර්තකථනය නොවන බව මේ රජයේ දේශපාලන නායකයින් තේරුම් ගත්ත  නිසාම තමයි ඔබ ජයග‍්‍රහණය කරල තියෙන්නේ. ඒ ජයග‍්‍රහණයේ ඉතාමත්ම  සුළුම සංකේතය තමයි මේ අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පිහිටුවීම. විරුද්ධ දේශපාලන මත දරන්නට, විරුද්ධ අදහස් දරන්නට , ජනාධිපතිවරයාව පවා විවේචනය කරන්නට, ඔවුන්ට අභියෝග කරන්නට, මැති අමැතිවරුන්ව අභියෝග කරන්නට, අපේ ජාතිය, අපේ ආගම, අපේ වර්ගය හා කුලය වෙනුවෙන් වුවද  අපට වැඩකරන්න තිබෙන අයිතිය තමයි අතුරුදහන්කරවීම කියන ඒ භායනක රාක්‍ෂයා පෙන්වමින් බොහෝ වෙලාවට ආණ්ඩු පාලකයින් සහ විධායක බලධාරීන් උත්සාහා කරන්නේ.”

"මේ නිසාම තමයි ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉතාමත්ම නිශ්චිත ලෙස එය නිදහස් අදහස් දැරීමේ පුරවැසියාට තිබෙන්නාවු අයිතිය තහවුරු කිරීමේ කොටසක් හැටියට මේ අතුරුදහන්කිරිම් වලට එරෙහිව විවිධ ක‍්‍රියාමාර්ග රැගෙන එය යුධ අපරාධයක් යුධ අවස්ථාවලදී සිදුවුවහොත් එසේ නොවන අවස්ථාවකදි සිදුවුවහොත් එය ජාත්‍යන්තර අපරාධයක් ලෙසට මේ වන විට නිර්වචනය කරලා තිබෙන්නේ."

"එක් අතෙකින් අපි සන්තෝෂ වෙන්න  ඕනේ , 89 දි අපි පියවර ගත්තට වසර ගණනාවක් ම අපි දන්නවා දේශපාලන නායකයෝ , නායිකාවෝ මේ ප‍්‍රශ්නයට අත පොවන්න කැමති වුණේ නැහැ. නමුත් 2005 දී මේ රටේ ජනතාව ඇතිකරගත්තාවු ඒ මහත් අභිලාෂයේ, ඒ මහත් බලාපොරොත්තුවේ කොටසක් හැටියට එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ අපිට හැකියාවක් තිබුණා යෝජනාවක් සම්මත කරගන්න. ඒක ලෙහෙසි නැහැ. ඒ යෝජනාව සම්මත වුණේ ඔබගේ කඳුල මත, ඒ යෝජනාව සම්බන්ධවුණේ අධිරාජ්‍යවාදීනගේ කුමන්ත‍්‍රණයක් හැටියට නෙවෙයි. මේ යෝජනාව තුළ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව , සත්‍ය සෙවීම පිළිබඳව ඒ කරුණු කාරණා සියල්ලම රැදෙන්නේ දස දහසක් සිංහල දමිළ තරුණ තරුණියන්ගේ මිනී වළවල් උඩ, මිනී පෙට්ටි උඩ, කඳුලූ හෙලන අපේ අම්මලා තාත්තලා දුවා දරුවන්ගේ ජීවිත උඩ, අතුරුදහන්වුවන්ගේ කාර්යාලය අතුරුදහන්විම් වෙනුවෙන් මේ රජය ගන්නා වු පියවර අධිරාජ්‍යවාධි කුමන්ත‍්‍රණයක් හැටියට කවුරුන් හෝ පෙන්වනවානම් ඒ දෙවියන්ටත් මෙරට කාන්තාවන්ටත් එරෙහිව කරන්නාවු විශාල පාප කර්මයක් වෙනවා."
 
මුලාශ‍්‍රය හා ඡයාරූපය  රිෆෝම් - රයිට් ටු ලයිෆ්
 
-මෙලනි





2016-09-12
Advertisement

Find us on Facebook