English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


කැලුම් සුබසිංහ නඩුව කල් යයි!

පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් 22 හැවිරිදි කැලුම් සුබසිංහ තරුණයාගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (08) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවූ අතර නීතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෝසමක් මඟින් නඩු ගොනුවට ඇතුලත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ලබන ඔක්තෝබර් 10 වන දිනට නඩුව කල් දමන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්තාවේදී පෙත්සම්කාර පාර්ශවය වන ලීලා පතිරත්න මහත්මිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මානව හිමිකම් කොමිසම නිකුත් කළ අදාළ පැමිණිල්ල පිලිබඳ වර්තමාන තත්වය සම්බන්ධව එම කොමිසමේ පරීක්ෂණ වාර්තාව පෙත්සම් කාර පාර්ශවය වෙත ප්‍රමාද වී ලැබීම හේතු කොට ගෙන එය මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි. ඒ අනුව විවෘත අධිකරණය ඉදිරියේ එම වාර්තාවේ පිට පතක් ඉදිරිපත් කිරීමට තමන් සුදානම් බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඊයේ දිනයේදී විවෘත අධිකරනයයෙදී එම වාර්තාවේ පිටපතක් අධිකරණ අවසරය යටතේ ඉදිරිපත් කරන ලදී.  

නීතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වරයා කියා සිටියේ තමන් හට පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෝසමක් මඟින් නඩු ගොනුවට ඇතුලත් කිරීමට ප්‍රමාදවී තිබෙන බැවින් ඒ සඳහා නැවත කාලය ලබා දෙන ලෙසයි. අධිකරණය විසින් ඊට අවසර ලබා දුන් අතර මීළඟ නඩු වාරය 2016 ඔක්තෝබර් 10 වන දින කැඳවීමට නියෝග කරන ලදී.


                      උපුටා ගැනීම - Reform - http://www.right2lifelanka.org/new/

                                                                 -  මෙලනි





2016-09-09
Advertisement

Find us on Facebook