English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තමන්ට නැවතත් මරණීය තර්ජන එල්ලවී ඇතැයි නවගත්තේගම ගුරුවරිය කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රිවරයෙකු ලෙසට කටයුතු කල ආනන්ද සරත් කුමාර විසින් පසුගිය වසරේදි දණගස්සවනු ලබමින් මහත් කලබැගෑනියකට යොමුකළ නවගත්තේගම නවෝද්‍යා පාසැලේ සුසිලා හේරත්  ගුරුවරියට නැවත වරක් ජීවිත තර්ජන එල්ලවමින් පවතින බව ඇය ප‍්‍රකාශ කරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනිම මරණ තර්ජන එල්ලවු බවත් ඊයේ එනම් අඟහරුවාදා(05) දින තැපැල් මඟින් ද ලිපියක් එවමින් තමන් ඇතුළු පවුලේ සියලූම දෙනා වෙත මරණ තර්ජන එල්ලකර ඇති බව සුසිලා හේරත් මහත්මිය පවසයි.

"සාක්‍ෂිකරුවවත් මැරුවා. උඹවත් ඇඳුම් ගලවලා, දුෂණය කරලා, මරලා, නවගත්තේගම පාසලේ ල්ලනවා. මෙහෙම නොකොළොත්, මම .......... නෙවෙයි.(නමක් සඳහන් කර ඇත.) පවුලේ අයටත් මේ ටිකම තමයි. පොලීසිවලට කිව්වට වැඩක් නැහැ.  ඕනෑම පොලීසියකට කියන්න. මට උදව්කරන්න......., ......., ...... ඇමතිවරු ඉන්නවා,” යැයි එකී නිර්නාමික ලිපිය මගින් සිදුකළ මරන තර්ජනයේ සඳහන් වන බව ඇය පවසයි.

"එ් ලිපිය ගැහැණු ළමයෙකුගේ අකුරු හා සමාන අකුරුවලින් ලියා තිබුණේ. මෙච්චර කාලයක් මානසීකත්වය හදාගන්න උත්සාහා කළා. එ්ක සමතයකට පත්වුනත් එක්කම අපේ මානසීකත්වය ව්‍යාකූල කරන්න උත්සාහා ගන්නේ කවුද මේ ? මෙය සොයා ගන්නට  ඕනේ" අපේක්‍ෂා කරයි.

සුසිලා ගුරුවරිය නවගත්තේගම  නවෝධ්‍ය විදුහලේ විනය භාර ගුරුවරිය ලෙස සේවයේ නිරතව සිටියදී එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටි ආනන්ද සරත් කුමාර මහතාගේ දියණියගේ ගවුමේ වාටිය දික් කරන ලද බව පවසමින් මන්ත්රීවරයා විසින් සුසිලා ගුරුවරිය  විදුහල් භුමියේ දන ගැස්වූ  අතර මෙයට පුත්තලම මහාධිකරණය විසින් ආනන්ද හිටපු මන්ත්‍රීවරයට දඩුවම් කරන ලදී .

පසුගිය සතියේදි මෙම නඩුවේ ප‍්‍රබල සාක්‍ෂිකරුවෙකු වු පුන්න්‍යසෝම යන අය අභිරහස් ලෙස ඝාතනයකට ලක්වී, මළළ සිරුර අතහැරදමා  තිිබු ළිඳක තිබී සොයා ගන්නා ලදී.

-MMP



2014-08-06
Advertisement

Find us on Facebook