English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්තගේ සිරුර ගොඩගැනීමට අවසර !

නාදුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කරනු ලැබු සන්ඬේ ලීඩර් හිටපු කතෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අධිකරණය අද (08) අවසර ලබා දුණි.

මේ අනුව , ඝාතනයට ලක්වු ලසන්තගේ මිහිදන් සිරුර මේ මස 27 වෙනිදා යළි ගොඩගන්නට නියමිතය. දේහය ගොඩගන්නා තෙක් පොලිස් ආරක්‍ෂාව යෙදිමට ද නියම විය.

මෙම නඩුව අද, එනම් සැප් 08 වෙනිදා දහවල් කැඳවු අවස්ථාවේදි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබු කරුණු දැක්වීම්ක් සැලකිල්ලට ගෙන ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය මෙම අවසරය ලබා දුණිි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගෙන් ද ප‍්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බැව් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දීමෙදී ඒ සඳහා ද අවශ්‍ය මහේස්ත‍්‍රාත් අවසරය ලබා දුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සැරයෙන්වරයෙකද ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

-මෙලනි



2016-09-08
Advertisement

Find us on Facebook