English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දුමින්ද සිල්වාට තීන්දුව - හිරුණිකාට යුක්තිය!
වසර පහකට පසුව නීතියේ ස්වාධිනත්ව්‍ය තහවුරු කරමින් හිටපු දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ජනාධිපති රාජපක්‍ෂගේ වෘත්තීය සමිත උපදේශකයෙකු වු භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කිරීමේ වරදට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි මෙන්ම කොලොන්නාව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක දුමින්ද සිල්වා ඇතුළු පස්-පුද්ගල කණ්ඩායමට අද, සැප් 08 වෙනිදා මරණ තීන්දුව හිමි විය.



2011 වසරේ ඔක්තෝබර් මස 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේදි  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වු භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්  වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි  දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩනය හිමි විය. මෙම නඩු විභාගය වසර දෙක හමාරක් පුරා විභාගකර ඇත.  

ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් නඩු විභාගය මෙහෙයවු අතර එහි සභාපතිත්වය දැරු විනිසුරු ශිරාන් ගුණරත්න විසින්, විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් විත්තිකරුවන් 11 දෙනා ම නිදහස් කොට නිදහස් කළ යුතු බවට තීන්දු කළේය.

එහෙත් විනිසුරු මඬුල්ලේ ඉතිරි සාමාජීකයින් දෙදෙනා වු පද්මිණි එන් රණවක සහ එම් කේ ඞී මොරායස් විනිසුරුවන් විසින් තීන්දු කරනු ලැබුවේ දුමින්ද සිල්වා ඇතුළු    විත්තිකරුවන් පස්දෙනා භාරත ලක්‍ෂමන් ගේ ඝාතනයට වරදකරුවන් බවයි.

එමෙන්ම, මෙම ඝාතනය හා චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරුන් තීන්දු කළහ.


තීන්දුව ප‍්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ඝාතනයට ලක්වු භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ නව ජනාධිපතිවරයෙකු යටතේ නීතියේ ස්වාධිපත්‍ය ආරක්‍ෂා වීම හේතුවෙන් මෙවැනි නඩු තින්දුවක් ලැබුණු බවයි.



ආණ්ඩුව වෙනස් නොවුනා නම්, වෙනස් නඩු තීන්දුවක් ලැබෙන්නට ඉඩ තිබුණු බව ද සඳහන් කළ ඇය, තව කෙනෙකුට සිදුවන කරදරයක් දෙස බලා සතුටුවන්නට තරම් ඔවුන් අමානුෂීක නැති බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, අසාධාරණ ලෙසට ඝාතනයට ලක්වී සිටින  මාධ්‍යවේදි ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගිත් එක්නැළිගොඩ, තාජුඩින් යන අයගේ පවුල්වලට ද සාධාරණයක් විය යුතු බව පැවසීය.

මෙම තීන්දුව  සම්බන්ධයෙන් දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් ක්‍ෂණික ප‍්‍රකාශයක් නැති අතර , ඔහුගේ නීතිඥයින් කියා සිටියේ ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

-මෙලනි



2016-09-08
Advertisement

Find us on Facebook