English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මුළු රටට ම හඬගාලා කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා - ජනාධිපති
"ධර්මපාලතුමා එදා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලයි. මම අද ජනාධිපතිවරයා වගේම, මේ රටේ ජනතාවගේ සේවකයා විධියට මම මුළු රටට ම හඬගාලා කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා." යනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නොබෝදා දේශපාලන උත්සව සභාවකදි ප‍්‍රකාශ කළේය.


සැප්තැම්බර් මස 04 වෙනිදා කුරුණෑගල පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 65වන සංවත්සරය සැමරීමේ මහජන උත්සවය ආමන්ත‍්‍රණය කරමින් ජනාධිපතිවරයා මෙසේ ද ප‍්‍රකාශ කළේය. "ඔය සමහර අය කියන විධියට, ඔය සමහර අය අර්ත විග‍්‍රහා කරන විධියට මේ රට කිසිඳු විදේශිය බලවේගයකට යටත්කරන්න මම ඉඩදෙන්නෙ නැහැ කිසි දවසක. කිසිදු විදේශීය අතපෙවීමකට ඉඩ දෙන්නෙ නැහැ. කිසිදු විදේශිය තර්ජනයක් නැහැ. එවැනි තර්ජනයක් ආවොත් ඒ තර්ජනවලට මම ඔලූව පාත් කරන්නෙත් නැහැ මාතෘ භුමිය වෙනුවෙන් , ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම පෙනී සිටිනවා. "

"රට, ජනතාව ඒ සියල්ලත් එක්ක අද අපි යන සම්මුතිවාදි ආණ්ඩුව තුළ තිබෙන මූලික ප‍්‍රශ්න විසඳා ගැනීමට සියලූ දෙනාගේම සහයෝගය අරගෙන කෝටි නවලක්‍ෂයක ණය බරින් මිදෙන්න තමුන්නාන්සේලා අපි එකතු වෙන්න  ඕනේ. රටේ සියලූ දෙනා එකතු වෙන්න  ඕනේ. මේ කෝටි නවලක්‍ෂයක ණය බර අත්හරින්නද කියන්නේ ? ඒ ප‍්‍රශ්නයෙන් මිදෙන්න  ඕනේ. ඒක එක පක්‍ෂයකට භාරදීලා බැහැ. එක ජාතියකට භාර දීලා බැහැ. එක පන්තියකට භාරදීලා බැහැ. එක්කෝටි නවලක්‍ෂයක නැත්නම් බිලියන නවදාහක ණය බරින් අපි නිදහස් වෙන්න  ඕනේ." යැයි කීහ.

වැඩිදුරටත් කථාකරමින්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා ඇවිත් තිබෙන යෝජනා තමන් බලයට පත්වීමත් සමඟම එහි තිබුණු බරපතළ තත්ත්වය ඉතාම සරළ වුවත් ඒ යෝජනා ජයග‍්‍රහණය කරන්නට සියලූම දෙනා එකාවන්ව මුහුණ දිය යුතු යැයි ප‍්‍රකාශ කළේය.

පිංතුරය අන්තර්ජාලයෙන්

-මෙලනි  




2016-09-07
Advertisement

Find us on Facebook