English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එජා මහලේකම් මානව හිමිකම් යෝජනාව ගැන ජනපති සමග කතා කර නෑ !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාව අඩු නැතිව ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස බල කරමින් යුද පීඩිත දෙමළ ජනතාව යාපනයේ උද්ඝෝෂණය කරද්දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා එම යෝජනාව සම්බන්ධයෙන් කිසිත් සාකච්ඡා නොකළ බව ජනාධිපතිවරයා පවසයි.

“පැයක් තිස්සේ පැවති ද්විපාර්ශවීය සාකච්ඡා වලදී හෝ විනාඩි දහයක කාලයක් බැංකි මූන් මහතා පුද්ගලිකව හමුවූ අවස්ථාවේ හෝ මානව හිමිකම් කොමිසම් යෝජනාව කිසිදු සඳහනක් කෙරුනේ නැතැ,” යි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුනේ මාධ්‍ය
ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ සිකුරාදා පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා කොළඹදී මුණ ගැසුනේ ඊට පෙරදා ය.

සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසාන දිනයේ යාපනය බලා යන මහලේකම්වරයාට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් සිකුරාදා යාපනය මහජන පුස්තකාලය අසල උද්ඝෝෂණයේ යෙදුනු සිය ගණනක් අත වූ පුවරු වල ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30/1යෝජනාව මුළුමනින් ක්‍රියාත්මක කරනු’ යයි ලියා තිබුණි.

‘එක්සත් ජාතීනි, ජාත්‍යන්තර ප්‍රජාව හා දෙමළ ජනතාව රැවටීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදෙන්න’ ‘විදේශීය විනිසුරුවන්, අභිචෝදකයන් හා විමර්ශකයන් විමර්ශනයට යොදාගන්න’ යනුවෙන්ද එහි සඳහන් විය.


උපුටා ගැනීම -  Radio Gagana

-  මෙලනි





2016-09-05
Advertisement

Find us on Facebook