English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියේ මුනිවත ගැන දැඩි විවේන


ඊයේ (04) පස්වරුවේදි, කොළඹ, මරදාන සමාජය හා සාමයීක කේන්ද‍්‍රයේ දි පැවති අතුරුදහන්වු පුද්ගලයින්ගේ පුවල්වල ඥාතීන්ගේ හමුවට බෞද්ධ භික්‍ෂුන්වහනේසේලා ඇතුළු කැරළිකරුවන් කණ්ඩායමක් බලහත්කාරයෙන් කඩාවැදී එම රැස්විම කඩාකප්පල් කිරිමත් ,අශෝභන ලෙස හැසිරීමත් , භාවිතා කළ වාග් ශෛලයත් , එම ගැටුම්කාරි අවස්ථාවට ගෙන්වනු ලැබු රජයේ පොලිස් නිළධාරීන් එම කඩාකප්පල්කාරින් ඉදිරියේ නිසි පියවර නොගනිමින් මුනිවත රැකීමත් පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පොලීසියේ නිහැඩියාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.
 
එම අවස්ථාවට තම නිළධාරීන් ද සහභාගීවෙමින් සිටී බැවින් සිදුවු සියලූම දේ ඔවුන්ටම අත්දකින්නට හැකිවු බව සඳහන්කරමින්, එම අවස්ථාවට අනුකූලව පොලිසියේ හැසිරිම සම්බන්ධයෙන් කනස්සල්ල පළකර සිටින ඇමෙරිකානු තානාපති කාර්යාලය, කඩාකප්පල්කාරින්ගේ අවශ්‍යතාවයට ඉඩදි පොලිසි විසින් ඔවුනට සහයෝගය දක්වන ආකාරයක් පෙනී ගිය බැව් අදාළ නිවේදනයේ සඳහන් කරයි.  

බෞද්ධ භික්‍ෂුන්වහන්සේලා සමඟ පැමිණි කළහාකාරි පිරිස අසභ්‍ය වචන භාවිතා කළ බවත් තර්ජනාත්මක ස්වභාවයෙන් හැසිරුණු එම පිරිස වෛරය ඇවිස්සෙන සුළු සටන්පාඨ ශබ්ද නගමින් උච්චාරණය කළ බව ද ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ප‍්‍රංශය,  ජර්මනිය , මහ බි‍්‍රතාන්‍ය සහ ස්විස්ටර්ලන්තය යන බටහිර රටවල කොළඹ පිහිටි තානාපති කාර්යාල ද ඇමෙරිකාව සමඟ සම්බන්ධ වෙමින් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ කඩාකප්පල්කාරීන් විසින් සිදුකළ ඒ කලබලය දැඩි ලෙස හෙළාදකින බවයි. බෞද්ධ භික්‍ෂුන් ද ඇතුළුව සංවිධානය වී පැමිණි කණ්ඩායමක් විසින් සාහසික ලෙස හැසිරෙමින් නියමිත වු රැුස්වීම පැවැත්වීමට ඉඩකඩ සළසා නොදීම සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළකර සිටියේය.  

රටේ ජීවත්වන සිවිල් පුරවැසියන්ගේ රැස්වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙසටත් ඔවුන් සිය නිවේදනය මගින් රජයෙන් ඉල්ලා සිටිති.



2014-08-05
Advertisement

Find us on Facebook