English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යංශය යථාර්තයක් බවට පත්කර ගැනීමට පුර්ව කොන්දේසි කිහිපයක්
අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යංශය යථාර්තයක් බවට පත්කර ගැනීමට නම්, අපේක්‍ෂිත අභිමතාර්ථයන් දිනාගැනීමට නම් ඒ සඳහා ඉටුවිය යුතු පුර්ව කොන්දේසි කිහිපයක් ඇති බව ජේ්‍යෂ්ඨ නීතිඥ ජේ. සි. වැලිඅමුණ ප‍්‍රකාශ කරයි.

පළමුව, කාර්යංශයට අවශ්‍ය සාමාජීකයින් පත්කිරිමෙහිදි, අතුරුදහන්වුවන් පිළිබඳ කැක්කුමක් තිබෙන, ඒ පිළිබඳ කටයුතු කළ ලංකාවේ සහ ලෝකයේ පිළිගැනීමට ලක් වුණු පුද්ගලයින් මෙම කාර්යංශයේ නායකත්වයටත් එහි සාමාජිකයින් වශයෙනුත් පත්කළ යුතු බවත් එසේ නොකළහොත් මෙම කාර්යාලය ඉදිරියට ගෙනයැමට නොහැකිවනු ඇති බවත් නීතිඥ ජේ. සි. වැලිඅමුණ ප‍්‍රකාශ කළහ.



එමෙන්ම, මෙම කාර්යංශයට අවශ්‍ය මුල්‍ය හා අනෙකුත් පහසුකම් ලබාදීම රජයේ වගකීමක් බවත් සුදුසු විමර්ශකයින් තෝරා ගැනීම හා ලංකාවේ නැති විශේෂඥයින් විදෙස් රටවලින් හෝ ගෙන්වා ගැනිම යනාදි පුර්ව කොන්දේසි අත්‍යවශ්‍යය බව ඔහු පැහැදිළි කළේය.  

ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේ, අගෝස්තු 30 වෙනිදා අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සිහිකරනු වස් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, විදීයේ විරෝධය සහ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කර කොළඹ පදනම් ආයාතනයේදි පවත්වන්නට යෙදුණු උත්සව සභාව අමතමිනි.

ඔහු මෙසේ ද ප‍්‍රකාශ කළේය.

"රජය එම වගකීම ඉටුකරන්නට සුදානමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.  ඒ නිසා අපි කාගෙත් යුතුකම වියු යුත්තේ රජයත් ඒ වගේම සිවිල් සංවිධානත් රජය සමඟ කටයුතු කරන අනෙකුත් රාජ්‍යයනුත් පුරවැසියනුත් මේ කාර්යංශය ශක්තිමත් කිරීම සඳහා උපකාර කිරීමයි."

"අවසන් වශයෙන් මා කියන්නට කැමතියි, ලංකාවේ සිදුකරන මේ හැමදෙයක් ම විමර්ශනය කරන්නට අවශ්‍යයි. මේ විමර්ශනය අවසානයේ දඬුවම් කිරීමට නොහැකි වන්නට පුළුවනි, මේ කාර්යංශයේ ව්‍යුහය තුළ. නමුත් ඒ විමර්ශනය තුළ ප‍්‍රථිපලයක් වශයෙන් මේ අතුරුදහන්වු අයට කුමක්ද සිද්ධවුනේ කියන කාරණය පිළිබඳ සොයාගෙන ඒ සඳහා දෙන්න පුළුවන් වන්දියක් ද නැතිනම් කුමක් ද ලැබිය යුත්තේ කියන කාරණය පිළිබඳ සුවිශේෂ සාකච්ඡ සහ අනාගතයේදි කෙරෙන දේවල් පිළිබඳව නොයෙකුත් මතවාද එන්නට පුළුවනි. එහෙත් එක් දෙයක් පැහැදිළියි. මේ සඳහා අවශ්‍ය විමර්ශකයින් වගේම මේ පිළිබඳ කටයුතු කරන සුදුසු පුද්ගලයින් තෝරා ගැනිම දැන් ආරම්භ කරන්න ට  ඕනෙ. ඒ සඳහා සුදුසු පුද්ගලයින් ලංකාවේ  ඕනැතරම් සිටිනවා. ඒ වගේම ලංකාවේ නැති ඥානයන් මේ සඳහා අවශ්‍ය වෙනවා. එය අපි හිතන්නෙ නැති අවස්ථාවලදි වෙන්න පුළුවන්. ඒ සඳහා අපි විවෘත මනසකින් ඊට අවශ්‍ය ඥානය , විශේෂඥ සහාය ලබාගන්න අපි සුදානම් විය යුතුයි."
 
මූලාශ‍්‍රය හා පිංතුරය - රයිට් ටු ලයිෆ්-රිෆෝම්

-    මෙලනි




2016-09-04
Advertisement

Find us on Facebook