English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශාන්ත ලක්මාල්ගේ මුලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාකරණය ඉවත දමයි !
කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි දෙදරු පියෙකු වූ පල්ලේමල්ලේ හේවාගීගනගේ ශාන්ත ලක්මාල් තරුණයා බුන්දල පලටුපාන රක්ෂිතයේ දඩයමේ යමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් 2015.10.02 දින වෙඩි තබා තිබුනි. මෙම වෙඩි වැදුනු පුද්ගලයා රෝහල් ගත කිරීම හිතා මතා ප්‍රමාද කිරීම මත ඔහු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධව ශාන්ත ලක්මාල්ගේ බිරිඳ විසින් ගොණු කරන ළද SC/FRර්‍/28/2016 යන මුලික අයිතිවාසිකම් නඩුව 2016.08 .31 දින ශ්‍රේෂ්ඨාකරණය විසින් වැඩිදුර විභාගයට අවසර නොදී නිශ්ප්‍රභා කරන ලදී.

ශාන්ත ලක්මාල්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ මැදිහත් වීම යටතේ පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා
ශ්‍රේෂ්ඨාකරණය හමුවේ පවසා සිටියේ පෙත්සමේ  “P4” ලේඛණයේ දක්වන පරිදි වනජීවී නිලධාරීන් කැබ් රථයකින් වෙඩි වැදුණු ශාන්ත ලක්මාල්ව රෝහලට රැගෙනවිත් දමා පලාගොස් ඇති බව කතරගම රෝහල් බලධාරීන් විසින් දන්වා තිබෙන බවයි. ඒ අනුව මෙම “P4” ලේඛණය මඟින් වනජීවී නිලධාරීන් ශාන්ත ලක්මාල්ව චේතාන්විතව ඝාතනය කර ඇති බව සනාථ වන බවත්, ඒ අනුව වනජීවී නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාකරණය විසින් ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ ඇතුළු නඩු තීන්දු රාශියකින් අර්ථනිරුපනය කොට ඇති ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝනය කොට ඇති බවත් දක්වන ලදී.

එසේම පෙත්සම්කරු වෙනුවෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ලක්ෂාන් ඩයස් මහතා කියා සිටියේ වනජීවී නිලධාරීන් තමන්ට ලැබී ඇති බලය නීත්‍යානුකුල අයුරින් පුද්ගලයකු මෙල්ල කරවීමට යොදන විට එය සිදුකල යුත්තේ අවම බලය යටතේ බවත්, ඒ බව මහින්ද රාජපක්ෂ එදිරිව කුඩාහෙට්ටි ඇතුළු නඩු තීන්දු ගණනාවකින් ශ්‍රේෂ්ඨාකරණය තහවුරු කොට ඇති බවයි. ඒ අනුව අවම බලය යටතේ මනුෂ්‍ය ඝාතනයක් නොවන බව ලක්ෂාන් ඩයස් මහතා විසින්  පෙන්වා දෙන ලදී.

                                                   බිරිඳ හා දරුවන් .....

කෙසේ වෙතත් පෙත්සම් කරුගේ මුලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවී ඇති බවට සෑහීමකට පත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු නිරීක්ෂණය නොවන බව පවසමින් ප්‍රියසාද් ඩෙප් හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවන් විසින් වැඩිදුර විභාගයට අවසර නොදී මෙම නඩුව නිෂ්ප්‍රභා කරන ලදී. 


                           උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/


                                                               -  මෙලනි





2016-09-02
Advertisement

Find us on Facebook