English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇඹිලිපිටිය ASP ට යළි නොතීසි !

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතනය හා තවත් සිව් දෙනෙකුට වධහිංසා කිරීම සම්බන්ධව මුලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රියසාද් ඩෙප් හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් ඉදිරියේ කරුණු තහවුරුකිරීම උදෙසා පසුගිය 31 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවන ළදී. එහිදී වගඋත්තර කරුවන් වෙනුවෙන් යළි නොතීසි ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර 2016.11.21 දිනට නඩුව කල් දමන ලදී.

පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා 01 සිට 10 දක්වා වගඋත්තර කරුවන් වෙනුවෙන් නොතීසි ඉදිරිපත් කළ අතර එහිදී 01 වන වගඋත්තර කරු වෙනුවෙන් ඉදිරිපත් කළ නොතීසි “මෙම ලිපිනයේ එවැනි පුද්ගලයෙක් නොමැත” යනුවෙන් ආපසු ලැබී ඇත. 03 වන වගඋත්තර කරු පිළිබඳව තොරතුරු ලැබී නැත. පෙත්සමේ සංශෝධන සිදුකර මාසයක් ඇතුලත නඩු ගොනුවට ඉදිරිපත් කරන බවද නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

                             

වගඋත්තර කරුවන් වෙනුවෙන් නැවත නොතීසි ඉදිරිපත් කිරීමට අධිකරණය අවසර ලබාදුන් අතර මීළඟ නඩු දිනය 2016.11.21 දිනට කල් දමන ලදී.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/news

                                                             -  මෙලනි





2016-09-02
Advertisement

Find us on Facebook