English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කළ යුතුයි - යහපාලන ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක

ඡායාරූපය  -  මෙලනි මානෙල් පෙරේරා

දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කර, ශ‍්‍රි ලංකාව තුළ දේශපාලන සිරකරුවන් කියන ප‍්‍රශ්නය ඉක්මනට විසඳිය යුතු යැයි යහපාලන ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක, නිර්මල වු බෞද්ධ දර්ශනය රටේ රාජ්‍ය ධර්මය ලෙසට හදුන්වා දෙන රටක සහ එය එසේ විය යුතු යැයි කියනා රටක, එසේ කියනා ආගමීක නායකයින් සිටිනා රටක, සංහිඳියාව පෙරමුණේ තබා සංක‍්‍රාන්ති යුක්තියක් සාමයක් වෙනුවෙන් පියවර තබනා අවස්ථාවකදීත්, අදටත් දීර්ඝකාලීනව රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් යැයි කොට්ඨාශය රට වටා ඇති බන්ධනාගාර කුටිවල ජීවත් වෙති. ඇතැමෙක් වසර විසි ගණන් ද තවත් පිරිසක් වසර දහයක් පහළොවොක් ද වසර හතර පහක් ද තරම්වු කාලපරිච්ඡ්දයක් මෙසේ සිරකුටිවල තමන්ගේ ජීවිත ගෙවා දමති.

දේශපාලන තබා සාමාන්‍ය වරදක් කළ වැරදිකරුවකුට වුව ද කළ වැරුද්දට දඬුවම් ලැබීම හෝ් සමාව ලැබීම යුතු දෙයකි. එහෙත් සැළකිල්ලට ගත හැකි තරමේ හේතු කාරණා ඇති නැත, චෝදනා ලද දමිළ සිංහල දේශපාලන සිරකරුවන්/අති බහුතරය දමිළ සිරකරුවන් 160 දෙනෙකු සිරභාරයේ තබා ගැනීම තුළ රජයට අත්වන වාසිය එසේත් නැතහොත් ප‍්‍රගමනය කුමක්ද යන්න පැහැදිළි වන්නේ නැත.

දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය පිළිබඳව තමන්ගේ අදහස කුමක්දැයි යහපාලන ආණ්ඩුවක් බිහිකරගැනීමේහිලා පුරෝගාමි චරිතයක් වු වර්තමාන කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසු විට ඔහු ලබාදුන් පිළිතුර ගගන රේඩියෝ විසින් මෙසේ වාර්තා කරතිබුණි.



"වසර ගණනාවක් තිස්සේ සිරභාරයේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් පිළිබඳව ඉතාමත්ම ඉක්මන් තීන්දුවක් රජය ගතයුතුයි. හැමදාම අපට දේශපාලන සිරකරුවන් කියාගෙන ඉන්න බැහැ. යුද්ධය අවසන්වෙලත් දැනට අවුරුදු හයක් ගතවෙලා තිබෙනවා. ඔවුන්ගේ ත‍්‍රස්තවාදි සංවිධාන කිසිවක් අද ලංකාවේ නැහැ. මේ වගේම එදා ජනතා විමුක්ති පෙරමුණේ 71 සහ 88 කැරැල්ලේ ත‍්‍රස්තවාදින්ව අපි ඔක්කොම නිදහස් කළා . එහෙමනම් අපි මේ පිරිස ගැනත් අපි වහාම තීන්දුවක් ගත යුතුයි."

"නෛතික ප‍්‍රශ්න තිබෙන අය, මිනි මැරීම් මංකොල්ලකෑම් වගේ අපරාධ සම්බන්ධ චෝදනා ඇති අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර අරගෙන සැක කටයුතු සියලූ පුද්ගලයින්ව නිදහස් කරලා සෙසු අයගේ පරීක්‍ෂණ ඉක්මනට පවත්වලා ඒ අයට ගත යුතු නෛතික ක‍්‍රියාමාර්ග අරගන්න  ඕනේ. සියල්ලන්වම වහාම නිදහස් කළ යුතුයි.  එසේ නෛතික ක‍්‍රියාමාර්ග ගන්න බැරිනම් ඒ අයව නිදහස් කරලා මේ දේශපාලන සිරකරුවන් කියන ප‍්‍රශ්නය ඉක්මනට විසඳිය යුතුයි කියන ස්ථාවරයේ මමත් ඉන්නවා. එදා මේවාට විරුද්ධවුණු ජනතා විමුක්ති පෙරමුණ මේ ස්ථාවරවල සිටීම ගැන මම ස්තුතිය පළකරනවා."


වසර 30ක යුද්ධය හේතුකොටගෙන (PTA) එනම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොයෙකුත් චෝදනාවන් මත දිර්ඝකාලීනව සිරකරගෙන සිටින මෙම සිරකරුවන් වෙත යුක්ති සාධාරණය ඉෂ්ට කිරීමට යහපාලන ආණ්ඩුව මෙතරම් මැළිවන්නේ ඇයි ? පසුබසින්නේ ඇයි ? යන්න විශාල ප‍්‍රශ්නයකි ?


පැවති දුර්ධන්ත පාලනය පලවාහැර යහපාලනයක් බිහිකර ගැනීමට පියවර ගත් සියලූම දෙනාගේ වර්තමාන යුතුකම විය යුත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක, උදාකරගත් නිදහස හා ගොඩනගා ගනිමින් යන සාමය හා සංහිඳියාව වෙනුවෙන් අති දැවැන්ත බාධාවන්ව දීර්ඝ කාලිනව පවතින ජීවිත අයිතිය උදෙසා වන මෙවැනි දුර්භාග්‍යයන් බාධකයන් ඉවත්කර ගැනීම සඳහාත් නැවත වතාවක් සිය මිනිය නොහැකි වු ඒ දායකත්වය ලබාදීමයි.   

-    මෙලනි



2016-09-02
Advertisement

Find us on Facebook