English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කශේරුව නැති, මුග්ධ මාධ්‍ය මාෆියාව !


අනවශ්‍ය සහ අශෝභන හැසීරීම් ද වාග් ප‍්‍රහාරයන් ද සංවාධයට නොව ඝෝෂාවට හා ගෝරියට පැමිණෙන, පූජ්‍ය, එහෙත් අසිල්වත් අධර්මචාරි භික්‍ෂුව ද,  උන්වහන්සේලා අනුව යන හා සරණයේ යන අසිල්වත්  මෙන්ම කලහාකාරි , මුඛරි වාග් ප‍්‍රහාරයේ පමණක් යෙදෙන්නට දන්නා, සාමයක් සමාදානයක් නොහදුනන ඔව්හු කවරුහුද ?  දේවදුතයින් සිටගැනිමටවත් නොසිතනා තැන්හි පිණුම් ගසන, ව්‍යාජ වීරත්වයකින් සැරසුණු මුග්ධ පණ්ඩිතයෝම නොවෙත් ද ?

යුද්ධයේදි හා යුද්ධයෙන් පසුව අතුරුදහන්වු සහ රජයේ හමුදාවන්ට භාරවිමෙන් පසුව අතුරුදහන්වී සිටින උතුරේ ස්වාමිපුරුෂයින් හා දරුවන්ගේ ඥාතීන් ,මව්වරු හා භාර්යවන් වෙනුවෙන් ඊයේ (අගෝස්තු 04) වනදා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදි හමුවක් පැවැත්විණිි.
 
”රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් ආයතනයේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් එම හමුව සංවිධානය කර තිබු අතර, කිසිසේත් ම එය මාධ්‍යට අදාළ නොවු හමුවක් වු හෙයින්  කිසිඳු මාධ්‍යයකට ආරාධනා කර නොතිබුණි.

එහෙත් , ඊයේ එම අදාළ හමුව ආරම්භ කරන්නට ආසන්නයේදි එකී හමුව ආවරණය කිරීම සඳහා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් කරනු ලැබූ යැයි සඳහන් වන ආකාරයේ ෆැක්ස් ආරාධනාපත් රැගෙන සී එස් ආර් මධ්‍යස්ථනය වෙත ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම පැමිණියහ.

එම ෆැක්ස් ආරාධනය මගින් ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් නොමඟ යැවීමත් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය සහ මෙරට මානව හිමිකම් පිළිබඳ කාර්යයන්හී නියැලෙන සියලූම ක‍්‍රියාධරයින් හා මාධ්‍යකරුවන් අතර කුපිත කරවීම, අප‍්‍රසාදය ගොඩනැංවීම හා අනවශ්‍ය කලබලයක් ඇතිකරවීම අරමුණු කරමින් එම ෆැක්ස් පණිවුඩය සටහන්කර තිබුණි. මන්ද කවුරුන් හෝ කශේරුව නොමැති කුලීකරුවා/වන් විසින් යවනු ලැබු එම ෆැක්ස් පත සමඟ මාධ්‍ය ආවරණයට යන මාධ්‍යවේදියාව හරවා යැවීමෙදි ඔහු/ඇය තුළ ඇතිවන හැඟීම ආකල්පය සුවදායි සහ සතුටුදායි නොවනු ඇත.

එම ෆැක්ස් ආරාධනයට අනුව, මෙම හමුව ඉදිරියේදි පැවැත්වීමට නියමිත යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරික්‍ෂණයේදි උතුරු නැගෙනහිර මානව ක‍්‍රියාකාරීන් හා අනෙකුත් පුද්ගලයින් අතුරුදහන් කරවීම පිළිබඳව සාක්‍ෂි ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ලෙසට මෙම හමුව හදුන්වා දී තිබු අතර මේ සඳහා රජයේ ආරක්‍ෂක හමුදා අතින් අතුරුදහන්වු අයවලූන්ගේ දෙමාපියන්/ඥාතින් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත අතර, එම අවස්ථාවට මාධ්‍ය ආවරණය ලබාදීම සඳහා මාධ්‍යවේදීන් සම්බන්ධකරන මෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.
 
එය කළේ කවුරුද යන්න විශ්මයට කාරණාවක් වන අතර එවැනි මාෆියා කාර්යයෙහි යෙදෙන කුලී හේවායෝ කවුරුද යන්න හඳුනාගැනීම කළ යුතු කාර්යයක් බව බොහෝ දෙනාගේ අදහස විය.

කෙසේ හෝ, කඩාපැන්න ඒ බොදුණු ත‍්‍රස්තවාදීන්ගේ, අවිචාරී කලහාකාරින්ගේ අශෝභන ක‍්‍රියාකලාපයත් ,මුග්ධ රඟපෑමත් ඉතා සුවිශේෂනිය ආකාරයෙන් සජීවී ලෙසම ලොව පුරා ඔවුන් විසින්ම දර්ශනය කරවා ගනු ලැබිණි. ඒ තුළින් ඔවුන්ගේ තරම හා වෙනස අපූරුවට ඔප්පු වනවා ඇත.
   
පහත දැක්වෙන්නේ කුලී හේවායකු/යින් විසින් ෆැක්ස් මගින් යැවු එකී මාධ්‍ය ආරාධනාවේ ඡයා පිටපතකි.


-මෙලනි මානෙල් පෙරේරා



2014-08-05
Advertisement

Find us on Facebook