English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය අපි සාදරයෙන් පිළිගන්නවා - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු

අතුරුදහන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය අපි සාදරයෙන් පිළිගනිමු යන තේමාව ඔස්සේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, වීදියේ විරෝධය හා නිදහසේ වේදිකාව යන සිවිල් සිංවිධාන අගෝස්තු 30 වෙනිදාට යෙදුණු  අතුරුදහන්වීම් වලට ගොදුරු වුණු වින්දිතයින්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සමරන්නට විය. සැමරුම විහාරමහා දේවි උද්යානයෙන් ආරම්භකර ලිප්ටන් වටරවුමේදි නිහඬ උද්ඝෝෂණයක් කර ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදි සම්මන්ත‍්‍රණයක් පවත්වා අවසානයේදි ආලෝක භාවනාවකින් සැමරුම අවසන් කළේය.

අතුරුදහන්වුවන් වෙනුවෙන් වෙන්වුණු මෙම දවස, මේ ආකාරයෙන් පවත්වනු ලබන්නේ වසර ගණනාවකට පසුව යැයි ප‍්‍රකාශ කළ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති මෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, 89 වසරේ සිට මේ වන තුරු ඉල්ලූම් කළ ඉල්ලීම් වලින් යම් පොරොන්දු කිහිපයක් යහපාලන ආණ්ඩුවෙන් ලැබී තිබෙන බැවින් යම් උද්ධාමයකින් හා සතුටකින් යුතුව මෙම දවස මෙදින සමරනු ලබන්නේ යැයි අයිතිය වෙබ් අඩවියට පැවසීය.



විහාරමහාදේවි උද්යානයේ සිට වැඩිදුරටත් මාධ්‍ය අමතමින් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මෙසේ ද ප‍්‍රකාශ කළේය.

"මේ අවස්ථාවේදි අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ඉදිරිපත් කිරීම, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය සම්මත කිරීමට සනාථ කිරීම, මහජන අදහස් විමසීම සඳහා කාර්ය සාදක බලකායක් පත්කිරීම තුළින් අපිට පෙනෙනවා රජය තමන් දුන්නු පොරොන්දු ඉෂ්ඨ කිරීමේ දෙසට ගමන්කරන බවක්. ඒ නිසා අද දවසේ අපි පැහැදිළිව පෙනී සිටින්නේ අතුරුදහන්වුවන්ගේ කාර්යාලය වෙනුවෙන්. ඒ පනත සම්මත කරලා ඒ ස්ථීර කාර්යාලය විවෘත කිරීමට අපි සියලූම දෙනා සහයෝගය දක්වනවා."
 
"මහින්ද රාජපක්‍ෂ හා වාසුදේව නානායක්කාර 89 අතුරුදහන්වීම් ගැන කෑ ගහමින් දවස් 17 ක් කතරගමට යමින් ඒ වගේම ජිනීවාවල අපේ නියෝජිතයින් වශයෙන් ගමන්කරපු මේ දෙපිටකාට්ටුවන් දෙන්නා අද අතුරුදහන්වීම් ගැන සොයා බලනවාට විරුද්ධව හඬ නඟනවා. එදා ඔවුන් පාර්ලිමේන්තුවේදි කියු කාරණය හරිනම් මේ පනත සම්මත වෙන්න තිබුණේ 1992 දි ඔවුන් යටතේ. අද ඔවුන් විරුද්ධවුණාම අපි කියනවා මේ දෙමාපියෝ උතුරෙන් නැගෙනහිරින් දකුණෙන් ආවා දෙමාපියෝ ආණ්ඩුව සමඟ මේ අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ පනත වෙනුවෙන් ඉතා පැහැදිළිව පෙනිසිටිනවා ජාතිවාදින්ට විරුද්ධව කියා."

"ඒ වගේම ආණ්ඩුව කියන යුක්තිය සත්‍යය හානි පුර්ණය හා නැවත සිදුනොවීම හා වගවීම ,වගකීම පිළිබඳව අපි ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම අපි ඉතාම සාදරයෙන් අපේ විවේචනත් සමගින් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පිළිගන්නවා ජාතිවාදයට විරුද්ධව මේ පනත ආරක්‍ෂා කිරීමටත් අපි ආණ්ඩුව සමග පෙනී සිටිනවා."
 

එමෙන්ම, අතුරුදහන්වුවන්ගේ ඥාති සභාව ආමන්ත‍්‍රණය කළ නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු මෙන්ම රයිට්ස් නව් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක නීතිඥ සුදර්ශන ගුණවර්ධන අතුරුදහන්වු පවුල් වල ඥාතින් පෙන්නුකර ඇති ශක්තිය , ධෛර්යය හා කැපවීම පිළිබඳව අගය කළේය.

"අපි ආඩම්බර වෙනවා ඔබ පෙන්වපු ධෛර්යය ශක්තිය හේතුකොට ගෙන අද ලංකාවේ ආණ්ඩුව පාර්ලිමේන්තු නීතියක් පනවලා තිබෙනවා අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනයක් හැදීමට. මම හිතනවා මෙය ෙඓතිහාසික පියවරක් කියලා. මේ පියවර ගන්න හේතුවුණේ විශාල දුෂ්කරතා බාධා මැද මේ දෙමාපියන් පවුල්වල සාමාජිකයින් ඒවගේම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව ඇතුළු සංවිධාන නොබියව නොසැලී මේ ප‍්‍රශ්නය ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරිපත් කරපු නිසයි." යනුවෙන් ඔහු පැවසිය.
 
ඡායාරූප  - රයිට් ටු ලයිෆ් වෙබ් අඩවිය
-    මෙලනි



2016-08-31
Advertisement

Find us on Facebook