English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සිහිකෙරෙයි !


ඊයේ, එනම් අගෝස්තු 30 වෙනිදා ට යෙදි තිබෙන බලහත්කාර අතුරුදහන් කරවීම්
වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින් , ලංකාවේ පළාත් කිහිපයකම විරෝධතා පැවැත්විණි. අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව (FOD) විසින් ද ඊයේ කොළඹ දී උද්ඝෝෂණයක් හා සම්මන්ත‍්‍රණයක් පැවැත්වු අතර, ඒ සඳහා ලංකාවේ දිස්ත‍්‍රික්ක කිහිපයක්ම නියෝජනය කරමින් අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් සිය ගණනක් ඊයේ කොළඹට පැමිණියහ.

ඔවුන් අතුරුදහන්වි ඇති සිය ඥාතින්ගේ ඡායාරූප අත දරමින් නිශ්ශබ්ද විරෝධතාවයක යෙදෙමින් කියා සිටියේ, සියලුම ආකාරයේ අතුරුදහන් කිරීම්, අතුරුදහන් කිරීමට රජය පියවර ගතයුතු බවත් , අතුරුදහන්වුවන්ගේ තොරතුරු සොයබැලීමට හා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නම්කළ නව කාර්යාලය පොරොන්දු වු පරිදි නිසි ලෙස එහි කටයුතු දියත්කළ යුතු බවත්, එම කාර්යාලයට තමන්ගේ සහය ලබාදෙන බවත්ය.

අතුරුදහන්වුවන්ගේ ඥාතින්ගේ සභාවක් ඊයේ උදැසන විහාරමහාදේවී උද්්‍යානයේදිත් , උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුමේදි පැවති අතර සම්මන්ත‍්‍රණය කොළඹ පදනම් ආයතනයේදි පස්වරුවේදි පැවැත්විණි. ඊට අතුරුදහන්වුවන්ගේ ඥාතින් ද මානව හිමිකම් සුරකින්නන් ද දේශපාලනඥයින් ද සහභාගි වුහ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, වීදියේ විරෝධය සහ නිදහසේ වේදිකාව එක්ව  "අතුරුදහන්වුවන්ගේ කාර්යාලයට අපි සහය දක්වන්නෙමු" යනුවෙන්
වු මෙම උද්ඝෝෂණය ද සම්මන්ත‍්‍රණය ද ඥාති සභාව ද සංවිධානයකර තිබිණි.

උද්ඝොෂණයේ පිංතුර - 
ෂෙහාන් ගුණසේකර 











සම්මන්ත‍්‍රණයේ පිංතුර - පිලිප් දිසානායක