English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මයිලිට්ටි වරායේ රැකියාව කිරීමට උතුරේ ධිවරයින්ට අවසරය !

මේ දිනවල විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යාපනය නල්ලූර් කෝවිල අසළ තෙදින ජංගම සේවාවක් පවත්වනු ලබයි. එම අවස්ථාවේදි, ආණ්ඩුව භාරයේ තබාගෙන ඇති සිය ඉඩම් හා ජීවනෝපා ප‍්‍රශ්න පිළිබඳව යාපනය ජනතාව විවිධ ප‍්‍රශ්න නගා ඇති අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් පිළිතුරු සපයා ඇත.

එහිදි, සිය ධීවරයන්ට යාපනය "මයිලිට්ටි" ධීවර වරායේ මසුන් මැරීමට නාවික හමුදාව අවසර ලබා නොදෙන බවත්, එහෙත්  දකුණේ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ තොග මුහුදු මගින් උතුරට ගෙන ඒමේදී "මයිලිට්ටි" ධීවර වරායේ භාණ්ඩ ගොඩබෑමට අවසර ලැබෙන බවට
ත් උතුරේ ධීවර සමිති චෝදනාත්මක ප‍්‍රශ්නයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

පසුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජංගම සේවාව අතරතුර "මයිලිට්ටි" ධීවර වරායේ සංචාරයක යෙදුනු විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා ඇත්තේ, උතුරේ සාමාන්‍ය ධීවරයන්ටද "මයිලිට්ටි" ධීවර වරාය විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

අගෝස්තු 28 වෙනිදා ආරම්භකළ මෙම ජංගම සේවාව අගෝස්තු 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වෙයි.

තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූපය - බීබීසි සංදේශය

-  මෙලනි




2016-08-29
Advertisement

Find us on Facebook