English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සීමා නිර්ණය කඩිනම්කරන ලෙසට පැෆරල් ඉල්ලා සිටියි !

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට ඉල්ලා සිටිමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක‍්‍රියාකාරිත්වය එනම් පැෆරල් සංවිධානය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙහි සීමා නිර්ණ කමිටුව වෙත ලිපියක් ඉදිරපත් කළ බව ප‍්‍රකාශ කරයි.  

වසර දෙකකටත් වැඩි කාලයක් තුළ මහජන නියෝජිතයින්ගෙන් තොරව නිළධාරීන් විසින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය අහිමි කිරීමක් වන බව පෙන්වා දෙන පැෆරල් සංවිධානය , මැතිවරණය පැවැත්වීමට බාධාව බවට පත්වී ඇති සීමා නිර්ණය කිරීම කඩිනමින් අවසන් කර අදාළ වාර්තාව ගැසට් පත‍්‍රයේ පළකිරිමට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියි.

-  මෙලනි





2016-08-29
Advertisement

Find us on Facebook