English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


OMP සාදරයෙන් පිළිගනිමු

අගෝස්තු 30 (හෙට) යෙදෙන අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබදව කාර්යාලය සාදරයෙන් පිළිගනිමු,  සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ යළි සිදු නොවන බව සහතික කිරීම සදහා ආයතන ගොඩනමු යන තේමාව යටතේ පැවැත්වෙන අතුරුදහන්කරවූවන් සිහිකිරීමේ උත්සවය හෙට උදේ 10ට කොළඹ විහාරමහා දේවි උද්‍යානයෙන් ආරම්භ වේ.



මෙම උත්සවය අතුරුදහන්වූන්ගේ පවුල් එකතුව, නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය හා එක්ව සංවිධානය කරයි. මෙම උත්සවය උතුරේ සහ දකුණේ අතුරුදහන්වූවන්ගේ පවුල් වල ඥාතීන්, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පෙ.ව 10.00 අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සභාව විහාරමහා දේවි උද්‍යානයේ දී, පෙ.ව 12.00 පාගමන සහ උද්ඝෝෂණය විහාරමහාදේවී උද්‍යානයේ සිට ලිප්ටන් වටරවුමේ දී, ප.ව    03.00 මහජන සභාව     ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී, ප.ව    06.00 ආලෝක භාවනාව නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත් වේ.

මෙදින සවස 3ට පදනම් ආයතනයේ පැවැත්වෙන මහජන සභාව සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, මනෝ තිත්තවැල්ල, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු හා ජනතා විමුක්ති පෙරමුණ, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය යන සංවිධාන නියෝජිතයන් අදහස් දැක්වීමට ආරාධනා ලැබ ඇත.  



2016-08-29
Advertisement

Find us on Facebook