English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බෞද්ධ ත‍්‍රස්තවාදි පිරිසක් සාමකාමි රැස්වීම අවලං කළෝය !



බොදුබලත් නොවන, රාවණාත් නොවන ත‍්‍රස්තවාදි බෞද්ධ පිරිසක් සාමකාමීව පවත්වාගෙන ආ ඉතාම සංවේදි වු රැස්වීමක් බලහත්කාරයෙන් කඩාපැන කඩාකප්පල් කළේය.

අද එනම් අගෝස්තු 04 වන දා පස්වරුවේදි අනවසරයෙන් ශු. පාතිමා දෙව්මැදුරු භුමියේ පිහිටා ඇති නිර්මල මරිය නිකායට අයත් වු මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය එනම් සී එස් ආර් මධ්‍යස්ථානයට කඩාපැන්න තරුණ බෞද්ධ සංඝයාවහන්සේ කිහිප නමක් ද, තරුණ හා මහළු වයසේ පසුවු ගිහි පිරිමි පාර්ශවය ද 25 දෙනෙකු පමණ කෝපාවිශ්ට වි වියරු වැටී ඉතාම නින්දිත ආකාරයේ වචන භාවිතා කරමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාට සහ මානව හිමිකම් ක‍්‍රියාකාරිනි ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මියට ද එහි සිටි කිතුණු පැවිදි සොයුරියන්ට සහ පූජකතුමන්ලාට බැණ වදිමින් ඉතා නින්දිත ආකාරයෙන් හැසුරුණි.

පහත දැක්වෙන්නේ කෝපාවිශ්ට වු පිරිසෙන් සාමකාමි රැුස්වීම පවත්වමින් සිටි පිරිසට සංග‍්‍රහා කළ වදන් වලින් කිහිපයකිි.  

මේක යකෝ හාමුදුරුවන්ගේ රට !! තොපි කවුද ? තොපේ රැුස්වීමට අපිවත් ගනිල්ලා!! අපෙත් දරුවෝ අතුරුදහන්වෙලා ඉන්නේ!! අපිටත් කැක්කුමක් තියෙනවා!! තොපි ඩොලර් වලින් යැපෙන ඇමරිකානුවන්ට ගැතිකම් කරන බල්ලෝ !! ඒකතමා හොරෙන් රැුස්වීම් කරන්නේ!! තොපි ආණ්ඩු විරෝධීන් !! ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන බල්ලෝ!! උඹ දාගෙන ඉන්න රත්තරන් කාගේද ? ඒවා ඇමරිකානුවන්ගේ ඩොලර්වලින් ගත්තුවා !! අපිටත් තොපේ රැුස්වීමේ ඉඳගන්න  ඕනේ යකෝ!!

ඔවුන් සියලූම දෙනා "යකෝ ලා" විය. ඒ භාෂාවෙන් සහ ඊටත් වඩා අමන වචන මිස සංවර භාෂාවක් හා ලීලාවක් නොවිණි. ඔවුන් පැමිණියේ සාමකාමිව කථා කරන්නට නොව කෝලහාලයකටය. විශේෂිත කැමරාකරුවෙක්ද රැගෙන කෝලහාලයට පැමිණ සිටි ඒ බෞද්ධ ත‍්‍රස්තවාදි කල්ලිය මරදාන පොලීසිය සුදානම්කර පැමිණි සිටි බව බොහෝදෙනාට තේරුම්ගත හැකි විය.

මන්දයත් ,බොදුණු ත‍්‍රස්තයින්ගේ වනචාරි වාග් ප‍්‍රහාරයන්ට ඉඩදී පොලීසියෙන් පැමිණි උසස් නිලයේ නිළධාරීන් ඔහේ බලා සිටියා මිස සාමකාමිව පැවැත්වු රැස්වීම කඩාකප්පල් කරන්නට බලහත්කාරයෙන් මධ්‍යස්ථානයට කඩා වැදුණු ඒ අමනයින් පන්නා දැමීීමට හෝ මෙල්ල කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට අඹමල් රේණුවක තරම්වත් උත්සාහයක් නොගති. එවැනි අවස්ථාවක ක‍්‍රියාත්මක කළ යුතුව තිබුණු නීතිය උඩ වාඩිවී බෞද්ධ ත‍්‍රස්තවාදින් හට ගතේ හිතේ හිරි යවා ගැනීමට ඉඩදී බලා හුනි.

"අපි අපේ වැඬේ කළා. ඔයාලගේ වැඬේ තමා නොකළේ යැයි ඒ ත‍්‍රස්තවාදි කල්ලියේ බෞද්ධ සංඝයාවහන්සේ නමක් එක්තරා පොලිස් නිළධාරියෙකුට කියනු ඇසුණි." පොලීසිය විසින් නොකළ වැඬේ නම් සාමකාමි රැස්විමේ සිටි සංවිධායකයින්වත් , ඊට සහභාගිවුවන්වත් අත්අඩංගුවට නොගත් එකය!

උතුම්වු බොදුණු ධර්මයේ එකඳු පදයක හෝ තේරුමක් හෝ වටිනාකමක්වත්  ඒ පැමිණි ත‍්‍රස්තයින්ගෙන් කෙනෙකු ලඟ හෝ නොතිබිණි. බෞද්ධ ධර්මයේ උතුම් වු සාරය ඔවුනගේ රෙද්දපල්ලෙන් ම බේරි යනු දුටු උතුරෙන් පැමිණ සිටී යුද්දයෙන් තිත්ත බැට කා සිටි ඒ අම්මලා ඇතැම් දෙනෙක් කීවේ සිංහලයින් සිංහලයින් හා මෙතරම් ම අමන නම් එවැනි සිංහලයින්ගෙන් දෙමළ අපි කුමන සංහිිදියාවක් අපේක්‍ෂා කරන්නද කියාය !






                                          සියලු ඡයාරූප අදාළ තීරුවේ බලන්න

-මෙලනි මානෙල් පෙරේරා





2014-08-04
Advertisement

Find us on Facebook