English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනවාරි 08 ජනතා ජයග‍්‍රහණය තහවුරු කරමු හෙට වෙන්නප්පුවේ දි !

ජනවාරි 08 ජනතා ජයග‍්‍රහණය තහවුරු කරමු යන මැයෙන් වීදියේ විරෝධය හා නිදහසේ වේදිකාව එක්ව මෙහෙයවනු ලබන පුරවැසි සභා සම්මන්ත‍්‍රණ මාලාවේ මීළඟ සම්මන්ත‍්‍රණය හෙට එනම් අගෝස්තු 28 වෙනිදා වෙන්නප්පුවේ දි පවත්වන්නට කටයුතු සංවිධානයකර ඇතැයි විදියේ විරෝධයේ කැඳවුම්කරුවකු වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අයිතියට පැවසීය.

රට තුළ දීර්ඝ කාලීන සාමය ඇති කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම, දුෂණය හා අපරාධ වැලක්වීමට යාන්ත්‍රණයක් ඇතිකර නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, දුෂිතයින් හා අපරාධකරුවන් අල්ලා දඬුවම් පැමිණවීම හා කොල්ලකාරී ආර්ථික ක්‍රමය වෙනුවට සමාජ වෙළඳපොල යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම යනාදි කාරණා වර්තමාන ආණ්ඩුව බිහිකර ගැනීමෙහිලා පෙරමුණ ගනු ලැබු අත්‍යවශ්‍ය කාරණා යැයි සඳහන් කළ පිලිප් දිසානායක, තවදුරටත් මෙකී කාරණා ඒ ආකාරයෙන් ම රට තුළ ස්ථාපිත කරගැනීමේ, පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඇති බැවින් ජනතාව දැනුවත් කිරිම් හා සංවාධ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් යැයි කීහ.

ජනතාව දැනුවත් කිරීමේ, සංවාධ පැවැත්වීමේ පුරවැසි සභා සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් පියවරක් හෙට දින දි වෙන්නප්පුවේ දි පැවැත්වෙන බව ඔහු ප‍්‍රකාශ කළ අතර, එම සම්මන්ත‍්‍රණය හිටපු අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දුගේ වෙන්නප්පුව පිහිටි කාර්යාලයේදි පැවැත්වෙන බවත් පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

මෙදින සංවාධය සඳහා -


 යන  අය සහභාගි වනු ඇත.

-    මෙලනි    




2016-08-27
Advertisement

Find us on Facebook