English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ, ඒ එරාජ් නම් වු නව ආසන සංවිධායකවරයා ය !

"රත්තරන්ගේ වොයිස් කට් එක එරාජ් නවත්වපු හැටි !" ගැන ලංකා නිවුස් වෙබ් මෙසේ සටහන්කර තිබුණි.

පසුගියදා බෙලිඅත්ත ශ්‍රීලනිප සංවිධායක වශයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලදල හම්බන්තොට හිටපු සෙල්ලම් පිස්තෝල නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කුඩුවෙන්න ගසන ලෙස නාමල් රාජපක්ෂ රිමාන්ඩ් එකේ ඉඳගෙනල ඔහු බැලීමට ආ රත්තරන් නොහොත් රෝහිත අබේගුණවර්ධනට උපදෙස් දී තිබේ.

රිමාන්ඩ් එකෙන් එළියේ වොයිස් කට් ගැනීමට බලා සිටිනල වොයිස් කට් මාධ්‍යවේදීන්ට "බෙලිඅත්තෙ උරුමක්කාරයො අයින් කරලා ජනාධිපතිතුමා කරුමක්කාරයො පත්කරලා" යනුවෙන් වොයිස් කට් එකක් දෙන ලෙස නාමල්ල රත්තරන්ට උපදෙස් දී ඇත.
 
මේ බව කණ වැකුණු එතැන සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීිවරයෙක් හිමින් සැරේ එරාජ්ට එය දැනුම් දී ඇතග එරාජ් එසැනින් රත්තරන්ගේ ජංගම දුරකතනය අමතා "මන්ත්‍රීතුමාල මට ගහලා වොයිස් කට් දෙන්න යනවා කියලා ආරංචියි. නාමල්ලගෙ ලණු කාලා ඔබතුමා මට එක වචනයක් හරි කිව්වොත් මං මගේ ෆෝන් බිලත් අරගෙන රහස් පොලීසියට පැමිණිල්ලක් දානවා. මම එද පිස්තෝලෙ අරගෙන මන්ත්‍රීවරුන්ට ගහන්න ගියේ තමුන්නාන්සෙ කියපු නිසා. තමුන්නාන්සෙට ඒක කිව්වේ නාමල් බේබි. සිද්ධිය සිද්ධවෙච්ච වෙලාවෙ තමුන්නාන්සෙගෙ මොබයිල් එකෙන් කෝල් 12 ක් මගේ මොබයිල් එකට අරන් තියනවා. කිව්ව ඒවත් රෙකෝඩ් වෙලා තියනවා. මම හොඳින් කියන්නේ, මාව යකා කරගන්න එපා. යනුවෙන් තර්ජනය කරමින් පවසා තිබේ."
 
එරාජ්ගේ තර්ජනයෙන් හීන්දාඩිය දමා ඇති රත්තරන් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය ඉදිරිපිට සිටි වොයිස් කට් මාධ්‍යවේදීන් මගහැර ගොස් ඇත්තේ එරාජ් ප්‍රනාන්දුගේ තරම දන්නා බැවිනි.

- මෙලනි




2016-08-26
Advertisement

Find us on Facebook