English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පෝර්ට් සිටිය ගැන ඔබේ මුසාවාද කෙසේ පිළිගන්න ද අගමැතිතුමෙනි ?
ඔබ විපක්‍ෂ නායකව සිටියදි  බලයට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේදි පෝර්ට් සිටි ව්‍යාපෘතිය හෙවත් වරාය නගරය අතීශය අහිතරක ව්‍යාපෘතියක් විය. ඔබ එදා අපට එනම් ජනමාධ්‍යවේදින්ට කියා සිටියේ පෝර්ට් සිටිය හැදුවොත් කොළඹ සිට හික්කඩුවට මුළු වෙරළ ම නැති වෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ පොර්ට් සිටි ව්‍යාපෘතිය නතරකර දමනවා යනුවෙනි. ඒ බැව් ඔබේම මුවින් කළ ප‍්‍රකාශයේ සංරක්‍ෂිත පටිතගත කිරීම් ඇත.


ඔබේම මුවින් කළ ප‍්‍රකාශ

හෙත් ඔබ සහ මෛත‍්‍රිපාල සිරිසේන බලයට පැමිණි විට එදා ලබාදුන් පොරොන්දු අමතකකර පොර්ට් සිටි ව්‍යාපෘතිය තුළින්, ඔබලාට බලය ලබාදුන්, යහපාලනයක් ආරම්භකරනු වස් ඔබලා පත්කරගත් ප‍්‍රෘතග් ජනතාවට කොකා පෙන්නන්නට පටන් ගත්තේය. මෙම ව්‍යාපෘතිය හේතුකොටගෙන සෘජුව ම මහ මුහුදටත් ධීවරයින්ටත් එමෙන්ම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කළුගල් ලබාගැනිමේදි රට ඇතුලත පරිසරයටත් ඒ නිසා ජන ජීවිතයටත්, මුහුදු වෙරළාශ‍්‍රිත ජන ජීවිතයටත් දැඩිව එල්ලවන විනාශකාරි විශාල පාරිසරික බලපෑම පිළිබඳව (ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව ඇතිවන තවත් ආකාරවල විනාශයන් පසෙක තබා (විටෙන් විට උද්ඝෝෂණ තුළින් ,පෙත්සම් මගින් ,ලිපි ලේඛණ මගින් වරින් වර පැහැදිළිකර දුන්න ද රටේ වගකිවයුතු ප‍්‍රධාන පුරවැසියන් දෙදෙනා වන ඔබලා මෙතෙක් ක‍්‍රියාකර ඇත්තේ බිහිරි අලි දෙපළක් ලෙසටයැයි ඔබ විසින් ම පසුගිය අගහරුවාදා, 23 වෙනිදා සපත කළේය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දි නැගු ප‍්‍රශ්නවලට ඔබ පිළිතුරු ලබාදුන් අවස්ථාවේදිය.


සාදමින් පවතින පෝර්ට් සිටි ය - පිංතුරය අන්තර්ජාලයෙන්

අනුර කුමාර මන්ත‍්‍රිවරයා ඇසුවේ, නැවත මේ පාරිසරික විනාශය ඒ ආකාරයටම සිදුවන තත්ත්වයක් යටතේ එතැන මුල්‍ය නගරයක් ඇතිකරන්නේ ඇයි ? මුල්‍ය නගරය ඉදිකිරීමට වෙනත් ස්ථාන තිබියදී ඇයි මුහුද ගොඩකරන ස්ථානයක් මේ සඳහා තෝරා ගන්නේ ?

මීට ප‍්‍රථිචාරදුන් ඔබ කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතියේ හානිය අවම කරගැනිම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි. මුහුදේ ම කොටසක් හාරා ඒ මුහුදෙම තවත් කොටසක් ගොඩකර ඒ ගොඩකිරීමට අවශ්‍ය කලූගල් රට මැද්දෙන් කඩා හාරා ගෙනවිත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකින් සිදුවන දැනටමත් සිදුවි තිබෙන පරිසර හානියක් කෙසේ අවම කරගන්නේ ද අගමැතිතුමෙනි ???

"පරිසර වාර්තාවෙන් ඒක අනුමත කළා ඉදිරියට යන්න කියලා. චීන සමාගම එකඟවුනා සින්නක්කර ඉඩම් ගන්නෙ නැහැ කියලා. සියලූ කාරණා පරිසර වාර්තාව අනුවයි සිදුුකරන්නේ. ධිවර ප‍්‍රශ්නයටත් අපේ අවධානය යොමුවෙලා තිබෙනවා."

"මුල්‍ය නගරය, වරාය නගරය ඉඳිවීමත් සමඟම වැලිකඩ ප‍්‍රධාන වෙළෙඳ සංකීර්ණයක් බවට පත්වෙනවා." යැයි ද ඔබ ප‍්‍රකාශ කළා.   

ඔබතුමා ප‍්‍රකාශකරන ආකාරයට, පරිසර වාර්තා මගින් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න කියා අවශ්‍යකරන අනුමැතිය ලබාදි ඇත. එහෙත් ඒවා සාවද්‍ය පරිසර වාර්තා බැවින් එකී අනුමැතියේ කිසිඳු සාධාරණීකරණයක්, යුක්ති සහගත බවක් නැති බව ඔබ නොදන්නේ යැයි අපි කෙසේ පිළිගන්න ද ?

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ මනෝ මන්දීරයක් වු, මුළු රටත් ධීවර ජනතාවත් පරිසරයත් විනාශකර දමනු ඇති මේ වරාය නගර ව්‍යාපෘතිය මහින්ද රාජපක්‍ෂගේ හා එවකට හිටපු වරාය සභාපති පි‍්‍රයත් බන්දු අතර සිදුවුණු කට වචනයක මහා විනාශයකි. මේ බව මානව හිමිකම් කොමිසමේ පැවති පැමිණිළි විභාග කිරීමේ එක් අවස්ථාවකදි හෙළි කරනු ලැබුවේ වරාය අධිකාරියේම නිළධාරීයෙකු විසින්ම ය. මේ සඳහා පිඹුරුපත් සකස් කර ඇත්තේ ද හොර රහසේයමය. මේ සඳහා ඉදිරිපත්කළ පළමු පෙළ පරිසර අධ්‍යන වාර්තා ද ඉදිරිපත්කර තිබුණේ සාවද්‍ය අනුමැතියක් ය. ඒ බව, වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය මෙරටට සුදුසු නැති සංවර්ධන ව්‍යාපෘතියක් යැයි එකහෙළා ප‍්‍රකාශකරන පරිසරිවේදින් අවස්ථා කිහිපයකදී මීට ඉහතදී ඉතා පැහැදිළිව පෙන්වා දී තිබුණි. එහෙත් එම විරුද්ධවීම් වලට සහ වරාය නගරය එපා කියා මෙරට ජනතාවක් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ඔබ හෝ ඔබගේ ආණ්ඩුවේ කිසිදු වගකිව යුතු පාර්ශවයක් තවමත් ඇහුම්කන් දී නැත. 

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති + හිටපු වරාය සභාපති පි‍්‍රයත් බන්දු (පිංතුරය අන්තර්ජාලයෙන්)

එමෙන්ම ධීවරයින්ගේ ප‍්‍රශ්නයට ද අපේ අවධානය යොමුවෙලා තිබෙනවා යැයි ඔබ ප‍්‍රකාශකර ඇත. එසේ ප‍්‍රකාශ කළේ කුමන පදනමකින් ද අගමැතිතුමෙනි ? ඔබ අවධානය යොමුකරන්නේ යැයි කියනු ලබන්නේ කීයයක් හෝ වන්දි මුදලක් අතමිට මොළවා ධිවරයින් නිහඬ කරවීම ද ?

ව්‍යාපෘතිය හේතුවෙන් ධිවරයින්ට සිය රැකියාව අහිමිකරවමින් සාගරය තුළ විනාශ වී, අහිමි වී යන මත්ස්‍ය බිම් වෙනත් කොහේ හෝ ස්ථානයක ඔබතුමා විසින් මවනු ලබන්නේ ද ? එසේ නැතහොත් අහිමිවන විනාශවන ඒ ධීවර සම්පත් වලට, ධීවර ප‍්‍රජාවට ඔබ වගකියනු ලබන්නේ කුමන ආකාරයෙන්ද අගමැති තුමෙනි ????

ඔබ එදා පාර්ලිමේන්තුවේදි වගේ වගක් නොමැතිව, බොහෝ සංසුන්ව පිළිතුරු ලබාදුන්නද, ඔබේ ඒ පිළිතුරුවල තිබු වචන වලින් වාර්තාකළේ (යම්හෙයකින් වරාය නගරය බිහි කළහොත්) අනාගත දැවැන්ත විනාශයක පෙරනිමිතිය. අපේ රටට ආර්ථීක ප‍්‍රතිලාබ ලබාගන්නට ඇති එකම මාර්ගය, සංවර්ධන ව්‍යාපෘතිය, මේ විනාශකාරි වරාය නගර ව්‍යාපෘතිය පමණ ම ද අගමැතිතුමෙනි. මෙය මහත් වු ඛේදවාචකයකි!!


වරාය නගරය එපා කියා මෙරට ජනතාවක් උද්ඝෝෂණ

ඔබ ඇතුළු, මෙම ව්‍යාපෘතිය හා අදාළ ආණ්ඩුවේ නිළධාරීන් නොමඟ යවා ඇති හෝ ඔබලාගේම දැනුවත්කමින් යුතුව ඉදිරිපත්කර ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් එනම් ඔබ හරි යැයි කියන, අනුමැතිය ලබාදුන්නේ යැයි කියනු ලබන එම පරිසර වාර්තාවන් සහමුළුමනින් ම සාවද්‍යයයි යන්නත්, පොර්ට් සිටියෙන් හෝ මුල්‍ය නගරයෙන් සිදුවන ප‍්‍රාථමීක හා නිරන්තර අවධානම මෙන්ම විනාශය පිළිබඳව මීලඟ ලිපියකින් ඉදිරිපත් කරනු ඇත.

ඡායාරූප හා සටහන  -  මෙලනි මානෙල් පෙරේරා



2016-08-25
Advertisement

Find us on Facebook