English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකා පොලීසියට නව ආචාරධර්ම පද්ධතියක්...!

කොළඹ අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී ඊයේ (24) මෙම ආචාරධර්ම පද්ධතිය එළිදැක්විය. මෙම ආචාරධර්ම පද්ධතියට බදු මුදල් වලින් වැටුප් ගන්නකු බැවින් ඔහු හෝ ඇය සේවයකිරීම, සමාවන්න/ කනගාටුයි/ ස්තුතියි / කරුණාකර වැනි ආචාරශීලී වචන නිතර භාවිතා කිරීම, පොලිස් නිලධාරීන්ගේ බලය හා තේජස පෙන්වීමට සුදුසු නොවන බවත් යන කරුණු ඇතුලත් කර ඇත.


පුජිත් ජයසුන්දර

තවද, ජනතා ප්‍රශ්න වලට කාරුණික වීම, මහජනතාවට ආචාරශීලී වීම, මුදල් හෝ ත්‍යාග ලබා නොගැනීම, සැකකරුවන්ට කිසිඳු ආකාරයකින් දඬුවමක් පොලිස් නිලධාරීන් විසින් ලබා නොදීමද ඊට ඇතුලත්ය.

එහිදී, අදහස් දැක්වූ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා,  

“ශ්‍රී ලංකා පොලිසිය වෙනුවන් වෙනම අමාත්‍යාංශයක් ලැබුණු මොහොතක, නව ආරක පොලිසියක් ප්‍රායෝගික ප්‍රයත්නයක් ගන්නා මොහොතක, අනන්‍යතාවය ඇතිව ඉදිරි කටයුතු වෙනම ආයතනයක් හැටියට මහජන මිත්‍රශීලීත්වයකින් නිලධාරීන්ට අභිමානයකින් යුතුව වෘත්තීමය තත්වයක් කරා ගමන් ගන්නාවූ මොහොතක ස්වාධීන ආයතනයක් හැටියට පොලිස් කොමිසම මේ වෙනකොට ගන්නාවූ පියවරයන් පිළිබඳව අප සතුටට පත් වනවා.” යැයි ප්‍රකාශ කළහ.


                           උපුටා ගැනීම  -  http://www.right2lifelanka.org/new/


                                                                 -  මෙලනි





2016-08-25
Advertisement

Find us on Facebook