English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


OMP සාදරයෙන් පිළිගනිමු - අගෝස්තු 30 විහාරමහාදේවී උද්යානයේ දී
අගෝස්තු 30 අතුරුදහන්කරවලට එරෙහි ජාත්‍යන්තර දිනය යෙදී තිබේ. මෙම දිනය නිමිත්තෙන් ලංකාවේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව කටයුතු කරනු ලබන සංවිධාන විවිධකාරයේ වැඩසටහන් සංවිධානය කරයි. අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව 1992 සිට සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිව සකී‍්‍රයව කටයුතු කරනු ලබන සංවිධානයකි. අතුරුදහන්වුන් සිහිකිරීම සදහා දැනට ලංකාවේ ඇති එකම අතුරුදහන්වුවන්ගේ සිහිවටනය 2000 වර්ෂයේ දී ගොඩනැගීමට පුරෝගාමී වුයේ මෙම සංවිධානයි. එමෙන්ම, අතුරුදහන්වුන් සිහිකිරීම සදහා ජාතික දිනයක් ප‍්‍රකාශයට පත් කලේ ද මෙම සංවිධානයයි. 1992 සිට අතුරුදහන්වුවන් වෙනුවෙන් ඔක්තෝබර් 27 දිනය සීදුව, රද්දොලූගම පිහිටි අතුරුදහන්වුවන්ගේ සිහිවටනය අසල දී වසර 24 ක් තිස්සේ වාර්ෂිකව හා අඛන්ඩව සැමරීම මෙම සංවිධානයේ විශේෂත්වයයි.

 
  
1971, 1988/89 දකුණේ ඇති වූ තරුණ කැරැුලි හා තිස් අවුරුදු යුධමය කාල සීමාව තුළ උතුරු හා නැගෙනහිර ඇතුලූ මේ රටේ අතුරුදහන්වු මිනිසුන් පිළිබදව නිල සංඛ්‍යාලේඛනයක් තවමත් සොයා ගැනීමට නැත. 88/89 කැරැුල්ල පිළිබදව සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට 27,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව වාර්තා විය. නමුත් ඒ පිළිබදව කටයුතු කළ ජාතික හා ජාත්‍යන්තර සිවිල් සංවිධාන පවසා සිටියේ කොමිසමට වාර්තා වූ ප‍්‍රමාණය කිසිසේත් පිළිගත නොහැකි බවත් එම ප‍්‍රමාණය ඊට බෙහෙවින් වැඩි විය හැකි බවත්ය. එමෙන්ම එවක මේ සම්බන්ධව කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටියේ එම ප‍්‍රමාණය 60,000ට ආසන්න විය හැකි බවයි. 

පසුගිය කාල වකවානු වල සිදු වූ අතුරුදහන්කරවීම් සෙවීමට කිසිදු රජයකට වුවමනාවක් නොතිබුනා සේම, අතුරුදහන්කරවීම් වලින් මිනිසුන් ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය නීති අපට ප‍්‍රමාණවත්ව ද නොතිබුනි. අතුරුදහන්කරවීම්වලට ලක්නොවී ජීවත්ව සිටීම අපගේ මූලික අයිතිවාසිකමක් නොවීය. එමෙන්ම අතුරුදහන්කරවීම තවමත් අපේ නීතියට අනුව අපරාධ වරදක් ද නොවේ. ඉන්දියාව ඇතුලූ ආසන්න රටවල් තම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා විවිධ නීති අණපනත් සම්මත කර ගනිද්දී, අපේ රට අවම වශයෙන් අතුරුදහන්කරවීම් වලින් ආරක්ෂා කරවීම සදහා ගෙන එනු ලැබූ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ප්තියට පවා අත්සන් කිරීමෙන් වැලකී සිටියාය.



එක්සත් ජාතීන්ගේ මෙම ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තියට අස්තන් කරන ලෙස බලකරමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව 2010 වර්ෂයේ ඔක්තෝබර් 26 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ විශේෂ සමුලූවක් පැවැත් වීය. එම සමුලූව සදහා සියලූම දේශපාලණ පක්ෂවලට ආරාධනා කරනු ලැබු අතර මෙම ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තියට අත්සන් කරන ලෙස බලකරමින් පෙත්සමක්ද අත්සන් කරනු ලැබීය. එම අවස්ථාවට එවක රජයේ ඇමතිවරයෙක්ුව සිටි ජී.ඇල්. පීරිස්ට ආරාධනා කරනු ලැබූ නමුත් ඔහු එම උත්සවයට හේතුවක් නොදන්වා සහභාගී නොවීය. අන් සියලූ ප‍්‍රධාන පක්ෂ මෙම සමුලූව සදහා සහභාගී වෙමින් මෙම පඥ්ඥප්තියට අත්සන් කළ යුතු බවට ප‍්‍රතිඥාවක්ද ලබා දීය. එම උත්සවය සදහා එජාපය නියෝනය කරමින් වර්තමාන කථානායක කරු ජයසුරිය, ජවිපෙ නියෝජනය කරමින් විජිත හේරත්, ටීඑන්ඒ වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් හා අනෙකුත් පක්ෂ නායකන් ලෙස මනෝ ගනේසන්, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසුරිය, මංගල සමරවීර යන අය එම ප‍්‍රතිඥාවට අත්සන් තැබීය.

ඉන් අවුරුදු 6කට පසුව මෙවර අතුරුදහන්කරවීම්වලට එරෙහිව ජාත්‍යන්තර දිනය සමරන්නේ 2010 වූ ප‍්‍රතිඥාව අර්ධවශයෙන් සම්පුර්ණ කරමින්ය. 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම ප‍්‍රඥ්ඥප්තියට ලංකා රජය අත්සන් තැබු අතර පසුගිය ජුනි මසයේ දී එම ප‍්‍රඥ්ඥප්තිය අපරානුමතික කළේය. දැන් ඇත්තේ එම නීතිය අපගේ නීති පොතට ඇතුලත් කර ගැනීමත් එම නීතිය කි‍්‍රයාත්මක කිරීමේ ශක්තිමත් යන්ත‍්‍රණයක් පිහිටුවීමත් ය.

එමෙන්ම පසුගිය වකවානු තුල වරින් වර විවිධ රජයන් යටතේ සිදු වූ අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා වූ කාර්්‍යාලයක් (OMP) රජය විසින් ස්ථාපිත කළ යුතු බවට ද සිවිල් සමාජය විසින් හ`ඩ නැගීය. මෙවර අප අතුරුදහන්වුන්ගේ ජාත්‍යන්තර දිනය සමරන්නේ එම කර්්‍යාලය නිල වශයෙන් පිහිටුවීමෙන් හා එම කාර්්‍යාලය පාර්ලිමේන්තුවේ විශේෂ පණතක් තුළින් නීතිගත කිරීමෙන් දින කිහිපයකට පසුවය.

එසේ නම් අතුරුදහන්කරවීම් නැතවත් සිදුවීම වැලැක්වීම සදහා අපි කලක සිට ඉල්ලා සිටි ප‍්‍රධාන කාරණා දෙකක් මේ වන විට නව රජය විසින් සම්පුර්ණ කර තිබේ. මෙම කාර්්‍යාලය සදහා සුදුසු පුද්ගලයන් පත්කරවා ගැනීම එහි කටයුතු අධීක්ෂණය, මෙම කාර්්‍යාලය වෙත අදාල වින්දිතයන් යොමු කරවීමත් අපේ මීලග වගකීම් වේ.

අගෝස්තු 30 ට යෙදෙන අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් OMP සාදරයෙන් පිළිගනිමු යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවී උද්යානයේ විශේෂ උත්සවයක් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ මූලිකත්වයෙන් නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරයි. එම උත්සවය පිළිබදව විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

පිලිප් දිසානායක    



2016-08-25
Advertisement

Find us on Facebook