English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පිළිතුර ලැබෙන තුරු මම යනවා - මයුරි

රාතරි කැම රැුගෙන එමින් සිටින විටඅපි පොලීසියෙන්යැයි කියා මාංචු දමාගෙන අරගෙන ගිය මගේ සැමියා, මේ දරු දෙන්නාගේ පියා ගැන මට පොලීසියෙන් පිළිතුරුක් දෙන තුරු මම මගේ සටන නිමකරන්නේ නැහැ.” යැයි අනුරාධපුරයේ මයුරි ඉනෝකා අයිතිය පරකාශ කළේය.

මාගේ ආදරණීය සැමියා, මධුෂ්ක වෙනුවෙන් මිට වඩා දෙයක් කරන්න මම ලැහැස්තියි, නමුත් මට එහෙම දේවල් කරන්න බැරි මේ අහිංසක දරු දෙන්න නිසයි. මේ දෙන්නට මාව අවශ්යයි. නිසයි මෙච්චර ඉවසගෙන ... මේ වගේ අහිංසක උත්සාහයන්වල යෙදෙන්නේකියා මයුරි කීහ.

එය සිහි කැඳවමින් මෙවරද, අගෝස්තු මස දෙවෙනිදා  (02) යළිත් වරක්, අනුරාධපුර පොලීසිය විසින් පැහැරගෙන ගොස් අතුරුදහන්කර සිටින සිය සැමියා වෙනුවෙන් ඔහු සොයා දෙන්න කියා ඉල්ලා සිටිමින් මහ මඟට බැස්සේය.

මධුෂ්කට සිදුකළ එම පැහැරගැනීම හා අතුරුදහන්කර සිටීම පිළිබඳ ලියු පුවරු රදර්ශනය කරමින් මයුරි ඇතුළු පනස්දෙනෙකු පමණ පිරිසක් අනුරාධපුරය පොලීසිය ඉදිරිපිට පැයක පමණ නිශ්ශබ්ද උද්ඝෝෂණයක යෙදුණි. මධුෂ්කගේ පවුලේ සාමාජිකයින් , යහළුවන් හා හිතවතුන් මෙම නිශ්ශබ්ද විරෝධතාවය සමඟ සම්බන්ධ වි සිටියහ.

පසුගිය මාසයේදි එනම් ජුලී මාසේය දී , විශාල පිරිසක් එක්රැස්වෙමින් දිර්ඝ වේලාවක් තුළ අනුරාධපුර නගරයේදි මානව හිමිකම් කොමිසම ඉදිරිපිටි දී පොලීසිය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ අතර, එදින පොලීසියේ නිල ඇඳුමින් සැරසුණු පොලිස් මාධ් නිළධාරියෙකු පොලිසිය ඉදිරිපිට මහ මාර්ගයට පැමිණ උද්ඝෝෂනකරුවන්ගේ ඡයාරූප ගත් අතර මෙවර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසියේ යැයි කිව හැකි පුද්ගලයෙකු පොලිස් ස්ථාන භුමියේ සිට නිශ්ශබ්ද විරෝධතාවයේ යෙදුණු අයගේ ඡයාරුප ගත් බව ඇය පැවසීය.

රයිට් ටු ලයිෆ් ආයතනය සහ අනුරාධපුරය සාධුජන රාවයේ සාමාජීකයින් මෙම නිහඬ උද්ඝෝෂණයට සහභාගි වුහ.


-මෙලනි




2014-08-04
Advertisement

Find us on Facebook