English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අමානුෂික ප‍්‍රහාරයක් එල්ලකළ ඔහුට සංවිධායක ධූරයක් දුන්නාට මම විරුද්ධ නැහැ - ජයතිලක බණ්ඩාර

අත්අඩංගුවට ගනු ලැබු එරාජ්

ආන්දෝලනාත්මක මැර චරිතයක් රඟ දක්වමින් මහින්ද රෙජීමය තුළ භිෂණයක් ද නිරූපනය කළ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එරාජ් ප‍්‍රනාන්දු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නව ආසන සංවිධායකවරුන්ගේ තනතුරු අතරට එක්කර ගනිමින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙලිඅත්ත ආසනයේ සංවිධායක ධූරය පිරිනමා තිබේ. මේ පිළිබඳව සිවිල් සමාජ සංවිධානවල අප‍්‍රසාදය ඵලවන බව වාර්තා විය.

2014 වසරේ දෙසැම්බර් 21 වෙනිදා පෙරවරුවේදි, ජනාධිපතිවරණයට පෙර මහජනතාව දැනුවත් කිරීමෙහි යෙදී සිටී වීදීයේ විරෝධය කණ්ඩායමේ සාමාජිකයීන් කිහිප දෙනෙකුම හම්බන්තොට නගරයට පැමිණි විගස සිය කාර්යය ආරම්භ කරන්නටත් මත්තෙන් ආයුධ සන්නද්ධව සිටි එරාජ් ප‍්‍රනාන්දු හෙවත් නව බෙලිඅත්ත ආසාන සංවිධායක ඇතුළු ඔහුගේ මැර කල්ලියේ අති කෲර මැර ප‍්‍රහාරයට ගොදුරු වුහ.

     
   ප‍්‍රහාරයට මුහුණදුන් ජයතිලක බණ්ඩාර හා සංජීව පලිහක්කාර, එදිනම දහවල්

දරුණු ලෙසට පහරකෑමට ලක් වුයේ ජයතිලක බණ්ඩාර හා ප‍්‍රසාද් සංජීව පලිහක්කාරය. ඔවුන් බේරාගැනීමට උත්සාහා කළ පිලිප් දිසානායක, සම්පත් සමරකෝන්, ප‍්‍රසංග ප‍්‍රනාන්දු ඇතුළු තවත් කිහිප දෙනෙක් ද දරුණු පහරදීම්වලට ලක් වුහ.

එදින (21 දෙසැම්බර් 2014)  අයිතිය වෙබ් පිටුවේ එම සිද්ධිය ගැන මෙසේ සටහන් විය.  

හම්බන්තොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය විදියේ විරෝධයට කෙළියි !
 http://www.aithiya.lk/news_view.php?id=477

එවිට, එරාජ් මහතා විසින්, එක්සත් ජාතික පක්‍ෂයේ අයට අවශ්‍ය දෙයක් කරන්නට ඉඩ ඇති බවත් එහෙත් පිටින් ආ එන්ජීඔි ඩොලර් කාක්කන් හට මෙහි කිසිවක් කරන්නට කෙසේවත් ඉඩදෙන්නට බැරිබවත් යම් හෙයකින් එසේ කළ හොත් අම්මලාට ... වනවා කියමින් ප‍්‍රවීණ ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර මහතාට එරාජ් විසින් ඉතා අමානුෂීක අන්දමින් පහර දෙන්නට  වු අතර ඔහුගේ අනික් ප‍්‍රජාතන්ත‍්‍රවාදි තග් පිරිස විසින් ද විදියේ විරෝධයේ අනෙකුත් සාමාජිකයින් හට ඉතා අමානුෂීක ආකාරෙයෙන් පහරදෙන්නට විය.

පහරකෑමට ලක්වු විදියේ විරෝධය කණ්ඩායම සහ ජයතිලක බණ්ඩාර, සිද්ධිය වු ස්ථානයෙන් පිටතට යන්නට උත්සාහ ගන්නා විට තවදුරටත් පසුපස හඹාවිත් පහර පිට පහර දෙමින් නගාරාධිපති එරාජ් විසින් ගිණි අවියක් ගෙන ලෝඞ් කරමින් අම්මලාට හු .... ව ගන්නේ නැතිව පලයව් වේ.... පුතාලා කියමින් පහරදෙන්නට විය.

ඒ අතරම එම පහරදීම් රූපගත කිරීමෙහි යෙදි සිටි විදියේ විරෝධයේ සාමාජීක ප‍්‍රසාද් සජීව පලිහක්කාර යන අයට ද ඉතාම අමානුශීක ආකාරයෙන් බිම පෙරළා ගෙන පහර දුන් අතර ඔහුගේ කැමරාව සහ ජංගම දුරකථන දෙකක් ද පහරදුන් පුද්ගලයින් විසින් උදුරාගන්නා ලදි.

පහරකෑමට ලක්වු අය අතරින් ජයතිලක බණ්ඩාර සහ සජීව යන අය දැඩි අසීරූ තත්ත්වයේ පසුවෙන අතර ඔවුන් මේ වන විට රෝහල්ගතකර ඇත.


සිද්ධිය එසේ වු අතර එවැනි මැරවරයෙකු හට, යහපාලන ආණ්ඩුවේ ජනාධිපති විසින්  ආසන සංවිධායක ධූරයක් පිරිනැමීම පිළිබඳව අයිතිය වෙබ් අඩවිය ජයතිලක බණ්ඩාර ගෙන් විමසු විට ඔහු ප‍්‍රකාශ කළේ ඔහු එරාජ් ප‍්‍රනාන්දුට සමාව දී ඇති බවත් මෙවැනි තනතුරක් පිරිනැමිම ගැන තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ජයතිලක බණ්ඩාර අයිතිය වෙබ් අඩවියට ප‍්‍රකාශ කළ සම්පුර්ණ අදහස් මෙසේය.

ජයතිලක බණ්ඩාර

ඇත්තටම මේ පිළිබඳව වචනයකින් දෙකකින් වැකියකින් පිළිතුරු දෙන්න බැහැ. හම්බන්තොට කියලා ඇහෙනකොටම අපිට තිබුණේ මහා අප‍්‍රසන්න, බිහිසුණු අත්දැකීමක්. පිස්තෝල, කඩු, දැළිපිහි, යකඩ පොලූ, බුට්ස් රෞද්‍ර ඇස් , ම්ලේච්ජ පහරදීම් ඒවගේම තිත්ත කුණුහරුප සහ ප‍්‍රචණ්ඩත්වය. කිසිම වචනයක් කථාකරන්නට ඉඩක් තබා හුස්ම ගන්නවත් නොලැබුණු වේලාවක් ඒක. ඒ සිද්ධියත් එක්කම මට මහා විශාල කම්පනයක් තිබුණා. එදා එරාජ් ඇතුළු එයාගේ කණ්ඩායම ඉතාම පහත් ආකාරයට පහර දුන්නේ මට හෝ මගේ විදීයේ විරෝධයේ සඟයින්ට පමණක් නෙවෙයි, සත්‍යයට, යුක්තියට සහ නිදහසට ගැසු පහරක්.

මේ පිළිබඳව කථා කරනකොට පළමුවෙන් ම කියන්න තිබෙන්නෙ ජනාධිපතිතුමා හෝ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙවැනි තිරණයක් ගන්නට පෙර තමයි ගුටිකාපු අපි විසින් තීන්දුවක් ගනු ලැබුවේ, ඒ 2015 ජුනි මාසේ 14 වෙනිදා. පසු දින පැවැත්වෙන නඩුවට සහභාගි වීම සඳහා අපි හම්බන්තොට නවාතැනේ ඉන්නකොට අපිට පණිවුඩයක් ලැබෙනවා අපි මේක සමථයකට පත්කර ගන්න කැමතියි කියලා. මෙතනදි මැරෙන්න තරමට එදා එරාජ් ගෙන් ගුටිකාපු මම , සංජීව, සම්පත් සමරකෝන්, පිලිප් දිසානායක , ප‍්‍රසංග ප‍්‍රනාන්දු සහ අපව බේරාගත්ත ආයුබ් ඛාන් සහ අපේ නීතිඥ ලක්ෂාන් ඩයස් දීර්ඝ වශයෙන් සාකච්
ඡා කළා මේ ලැබුණු සමාදාන වීම පිළිබඳ යෝජනාව ගැන. දීර්ඝ, බරපතළ සංවාධයකට යන්න වුණා මොකද මේ සිද්ධිය ඒ තරමට ම ම්ලේච්ඡයි. අමානුෂිකයි. අපිව මරන්නයි ගියේ. කිසිම ආකාරයකින් අපිට පහර දීම සාධාරණීකරනය කරන්න බැහැ. නමුත් ඔහු කියනවානම් සමථයකට පත්කරගන්න කැමැතියි කියලා. එවිට අපි කියනවා එහෙමනම් සමාව ගත යුතුයි. ආයෙමත් මෙවැනි සිද්ධි සිදුනොවිය යුතුයි , එසේ නොකරන බවට එරාජ්ගෙන් ප‍්‍රකාශයක් අවශ්‍යයි. ඒවගේම අපිට වන්දියක් ලැබිය යුතුයි කියලා.  අපිට සිදුකළ පහරදිම රුපියල් වලින් මිලකරන්න බැහැ. ඒ නිසා අපි කිව්වා සංකේතයක් විධියට රුපියලක වන්දියක් අපිට දෙන්න කියලා. ඔහු ඒක පිළිගත්තා. උසාවියෙදිත් ඉදිරිපත් කරන්නට පියවර ගත්තා.

නමුත් ජුලි 27 වෙනිදා තමයි මේ ගැන උසාවියට ඉදිරිපත් කරන්න තිබුණේ, සමාව ගන්න තිබුණේ, නමුත් පොලීසියේ තිබුණු අක‍්‍රමවත් භාවය නිසා යළිත් වරක් නඩුව අගෝස්තු 09 වෙනිදාට කල් ගියා. එදා අපි ආපසු හැරී පැමිණෙමින් සිටින විට උසාවි භුමියේ දි එරාජ් දුවගෙන ඇවිත් වැඳලා සමාව ඉල්ලනවා බි‍්‍රටෝ සහෝදරයා, ජයතිලක සහෝදරයා මට සමාවෙන්න මගේ අතින් ලොකු වැරැද්දක් සිදුවුනා කියලා. එතනැදි මම කිව්වා එරාජ් ඔබ කළේ මහා බරපතල වැරැද්දක් කියලා, එවිට ඔහු යළිත් කිව්වා ඒක තමයි ජයතිලක සහෝදරයා මම මේ කකුල් දෙක අල්ලලා වැඳල කියන්නෙ මට සමාවෙන්න කියලා.

හෙට දවසේ යළිත් ඔහු අපිට පහර දෙයිද කියා අපි දන්නේ නැහැ. නමුත් සාමය සංහිඳියාව ගැන කථා කරන ඒ වෙනුවෙන් පෙනි සිටින අපිට පුළුවන් කමක් නැහැ සමාව ඉල්ලපුවම , වැරැද්දක් කළා කියා පිළිගත්තම සමාව නොදි ඉන්න. ඒ නිසා එරාජ්ගෙන් ගුටිකාපු අපි එකඟ වුණා  ඔහුට සමාව දෙන්න. මෙතනදි මට තේරුනා සංහිදියාව හරිම අමාරු කාර්යයක් කියලා. උතුරේ එල්ටීටීඊ යත් එක්ක විතරක් නෙවෙයි අපි මේ සංහිඳියාව ගැන කථාකළ යුත්තේ දකුණත් එක්කත් එය සිදුවිය යුතුයි.

මිනී මරපු එල්ටීටීඊ සටන්කරුවන්ට අවස්ථාවක් දෙනවානම්, මිනී මරපු හමුදාවේ සොල්දාදුවන්ට අවස්ථාවක් දෙනවානම් ඇයි අපිට බැරි එරාජ්ලා වගේ අයටත් අවස්ථාවක් දෙන්න වරද නිවරැදිකරගෙන දේශපාලන ගමනක් යන්න? ඉතිං මම හිතින් සමාව දීලා මගේ මනස සැහැල්ලූකරගෙන ඉන්න නිසා එරාජ් ගැන මගේ හිතේ කෝපයක් නැති නිසා එරාජ්ට ආසන සංවිධායක ධුරයක් පිරිනැමුවට මගේ හිතේ කිසිම තරහක් නැහැ. තවදුරටත් මැරයෙක් නොවි නියම දේශපාලන චරිතයක් පෙන්වීම එරාජ්ගෙ වගකීමයි.


-මෙලනි



2016-08-21
Advertisement

Find us on Facebook