English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එරාජ් වැන්නන් පත්කළ පලමු අවස්ථාව මෙය නොවෙයි, අපි සංහිඳියාව පැත්තේ - පිලිප් දිසානායක
ප‍්‍රහාරයට ලක්වු ජයතිලක, පිලිප්, සම්පත්, ඇතුළු පිරිසි රෝහල කරා යමින්

යහපාලන ආණ්ඩුවක් බිහිකර ගැනීම අරමුණු කරමින් වීදියේ විරෝධය කණ්ඩායම 2015 වසරේ වීදී බැස දිස්ත‍්‍රික්කයක් දිස්ත‍්‍රික්කයක් පාසා ගමන්කරමින් මහජනතාව දැනුවත් කිරීමේහි කාර්යයෙහි නිරත විය. වීදියේ විරෝධය කණ්ඩායම හම්බන්තොට නගරයට පැමිණි අවස්ථාවේදි එවකට හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු විසින් අති නින්දිත ලෙස උපරිම මැර බලයක් යොදා ගනිමින් වීදියේ විරෝධය කණ්ඩායමට පහර දෙනු ලැබිණි. පසුව උසාවි ක‍්‍රියා මාර්ගයකට යොමු වුණි.

මේ අතර, පසුගිය දා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් ගණනාවක් පත්කරනු ලැබීය. මේ අතර විදියේ විරෝධයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළ හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිව සිටි එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දුට ද බෙලිඅත්ත ආසන සංවිධායක ධුරයක් පිරිනමනු ලැබිණි.


මැරබලයෙන් සන්නද්ධ එරාජ් වැනි පුද්ගලයෙකුට ආසන සංවිධායක ධූරයක් පිරිනැමීම පිළිබඳව එදා 2014 දෙසැම්බර් මාසයේ 21 වෙනිදා එරාජ්ගෙන් ගුටි කෑ වීදියේ විරෝධය කණ්ඩායමේ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් අයිතිය වෙබ් අඩවිය විමසා සිටි අතර, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයාතනයේ විධායක ලේකම් පිලිප් දිසානායක තමන් ඇතුළු කණ්ඩායමට ප‍්‍රහාරයක් එල්ලකළ එරාජ් ප‍්‍රනාන්දුට ආසාන සංවිධායක ධූරයක් ලැබීම සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවියට ප‍්‍රකාශ කළ දිර්ඝ පැහැදිළි කිරිම පහතින් දැක්වෙයි.


                                                                                 පිලිප් දිසානායක
 
මේ පිළිබදව කණ වැකී අප හිතවතුන්, ඥාතීන්, සටන් සගයන් සහ දේශපාලන විරුද්ධවාදීන් විවිධාකාරයේ අදහස් දැක්වීම් පසුගියදා සිදු කරන ලදී. මේ අදහස් අතර කළකිරුණු ප‍්‍රකාශණ, කණගාටුව ප‍්‍රකාශ කිරීම් මෙන්ම ආණ්ඩුවට විරුද්ධව දැන් පොල්ල අතට ගත යුතු බවට වූ යෝජනාවල සිට ඔබට දැන් සතුටුද යහපාලනය සනීප ද වැනි දේශපාලන කිණ්ඩි දැමීම් ද මෙම පත්කිරීම කළ දා සිට ප‍්‍රකාශ විය. දේශපාලන කිණ්ඩි කරුවන්ට අමතරව සමස්ථයක් ලෙස ගත්කළ මා වෙත අදහස් දැක්වූ ජනවාරි 08 ජයග‍්‍රහණයට දායක වූවා යැයි විශ්වාස කළ හැකි බොහෝ දෙනෙකුගේ අදහස් තුළ පැවතියේ කළකිරීම හා අපේක්ෂා භංගත්වයයි.


මෙම පත්කිරීම පිළිබදව විමසූ අයට මට ඉතා සෘජු හා සරල පිළිතුරක් දිය හැකිව තිබුනි. අන් අය ප‍්‍රකාශ කළා මෙන් එරාජ් ගේ පත්කිරීමට මගේ දැඩි පිලිකුල හා විරෝධය ප‍්‍රකාශ කරනවා යැයි කියමින් ජනාධිපතිවරයා හා යහපලාන ආණ්ඩුව පතුරු ගැසිය හැකිව තිබුනි. ඉන් මගේ සටන්කාමීත්වය, රැඩිකල් හා ප‍්‍රගතිශීලී භාවය තහවුරු වන අතර, එම කණ්ඩායම් අතර විවාදයකින් තොරව තහවුරුවීමට තව දුරටත් අවස්ථාව ලැබෙනු ඇත.

නමුත් මා මේ අවස්ථාවේ ඉතා අපහසු හා සංවාදයට ලක්විය හැකි, මා සමග සිටි රුඩිකල් හා සටන්කාමී දේශපාලන හිතවතුන් උරණ විය හැකිි ආකාරයේ ප‍්‍රවේශයක් ලබා ගැනීමට කල්පනා කලෙමි.  

අපි තවදුරටත් සිවිල් සමාජ බබාලා මෙන් කටයුතු කළ යුතුද නොඑසේ නම් පවතින යථාර්තය තේරුම් ගෙන එය නොතේරෙන ආකාරයෙන් සිවිල් සමාජ චන්ඩින් මෙන් අප කටයුතු කළ යුතුද? මේ දෙකටම අදාල නොවන තවත් මාවතක් තිබේ. ඒ සිවිල් සමාජ අනන්‍යතාවය උදේට පෙන්වා මාධ්‍ය ඉදිරියේ චන්ඩිපාට් දමා ?ට ?ට අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති මන්දිරයේ පිලිකනු සාකච්ඡාවන් වල යෙදිමේ මාවත තෝරාගත යුතුද යන්නයි.

අවුරුදු ගනනාවක සිට ඉටු කර ගැනීමට නොහැකිව ගොඩගැසී තිබෙන අපේ වාමාංශික ප‍්‍රගතිශීලී බලාපොරොත්තු හා සිහින සියල්ල ලංකාවේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක එකටඑක් වී හදාගත් ජාතික රජය විසින් ඉටු කරන්නේ නම් එය කොච්චර අගනේදැයි මටත් සිතුනු වාර අනන්තය.

නිදහස ලැබූ දා සිට මේ දක්වා අවුරුදු 68 ක් තිස්සේ සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ දේශපාලන බලය විමධ්‍යගත කිරීම, ජන වාර්ගික ප‍්‍රශ්ණ විසදීම වැනි මූලික ධනපති ප‍්‍රතිසංස්කරණ පවා සිදු කර ගැනීමට නොහැකිව මේ රටේ ලක්ෂ ගානනාවකගේ ජීවිත අවස්ථා ගණනාවක දීම අපේ දැස් ඉදිරිපිට විනාශ වෙද්දී කිසිවක් කර ගැනීමට නොහැකිව අසරණව සිටි අපි ඒ වැරැද්ද පිළිබදව සොයා බැලීමත් නැවත ඇති නොවීම සදහා යම් කිසි යාන්ත‍්‍රණයක් සකසමින් යන අවස්ථාවේ බොහෝ සිවිල් සමාජ කාරයන් හොරගල් අහුලමින් සිටීම අපේ ප‍්‍රගතිශීලී කමදැයි මට සිතේ.  

ජනවාරි 08 පෙර මේ රට පැවති තත්ත්වය පිළිබදව අප අලූතින් සාකච්ඡා කළ යුතු නැත. බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වුයේ අවම කොන්දේසි යටතේ හෝ රජපක්ෂ රෙජීමය පරාජය කර ඒකාධිපති කෲර පාලන ක‍්‍රමය අවසන් කර දැමීම සදහා පියවර ගත යුතු බවයි. ඒ සදහා තනි පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් හා ශක්තියක් පැවතුනත්, පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශී‍්‍රලනිපයෙන් වෙන් වී ආ කිසි දිනක සිවිල් සමාජ කි‍්‍රයාකාරකම්  සමග සෘජුව සම්බන්ධවී නොසිටි, ආගන්තුක අපේක්ෂකයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මුලූමනින්ම (බණ්ඩාරනායකලා කොබ්බෑකඩුවට ලබා දුන් සහයෝගය මෙන් නොව) තම පක්ෂය මෙහෙයවීමට එජාප නායකත්වය කටයුතු කරනු ලැබීය.

එජාපයෙන් ලැබුනු එම සහයෝගය මත සුලූ ජාතීන් නියෝජනය කරන පක්ෂ, බොහෝ වෘත්තීය සමිති හා සිවිල් සමාජය නියෝජනය කරන සමහර සංවිධාන මෙම කි‍්‍රයාවලියට සකී‍්‍රය ලෙස දායක විය. තර`ගයකට සූදානම් නොමැති මොහොතක, ඉතාමත් අසාධාරණ කොන්දේසි යටතේ, මාරාන්තික තරග බිමක දී පැවති තරගයෙන් නොසිතූ ජයග‍්‍රහණයක් සියලූම දෙනාගේ කැපවීම හා උනන්දුව මත ලබා ගැනීමට අපට එදා හැකි විය.

මෙම කි‍්‍රයාවලිය සමග සකී‍්‍රය වූ සිවිල් ව්‍යාපාරය රාජපක්ෂ රෙජීමය පෙරලීමට අමතරව, රට තුල සිදු විය යුතු මූලික ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පොදු එක`ගත්වයක් ඇති කිරීමට ද සමත් විය. එම කි‍්‍රයාවලිය තුළ සකී‍්‍රය වූ වීදියේ විරෝධය ව්‍යාපාරය ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම, බලය බෙදීම, යහපාලනය, වගවීම, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය ගොවි, කම්කරු, ධීවර, කාන්තා හා පරිසරය ඇතුලූ අංශ 15 ක් සම්බන්ධව ඇති විය යුතු ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව විකල්ප සිවිල් සමාජ යෝජනාවලියක් එදා මහින්ද රෙජීමයට විරුද්ධව කටයුතු කළ දේශපාලන නායකත්වය වෙත ප‍්‍රධානය කරනු ලැබීය.

නව රජය බලය පත්වීමෙන් පසුව සිවිල් සමාජය යෝජනා කළ න්‍යාය පත‍්‍රය අනුව දින 100 වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධණය ඇතුලූ අප විසින් යෝජනා කළ මූලික රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය. දින 100 යෝජනා පැවති පාර්ලිමේන්තුව තුළ සම්මතකර ගන්න යාමේ දී ඇති වූ සරල බහුතරය ලබා ගැනීමට නොහැකිවීමේ ප‍්‍රයෝගික ගැටලූ නිසා මහින්ද රාජපක්ෂගේ  හිටපු ගෝලබාලයන් වෙත විවිධ තාන්න මාන්න හා වරප‍්‍රසාද ලබා දී සහයෝගය ලබා ගැනීමට යාමේ දී සිවිල් සමාජයෙන් පලමු විවේනයක් එල්ල විය.

ඊට විකල්පය වුයේ වහාම මහ මැතිවරණයට යාමයි. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට ජය හිමි වූවත් සරල බහුතරය ලබා ගැනීමට පවා නොහැකි විය. ලැබුනු ආසන 106 න් 15 ක් පමණ එජාප නොවන අපෙක්ෂකයන් විය. ශී‍්‍රලනිපයෙන් මෙතී‍්‍රපාලට සහයෝගය දක්වමින් ඉදිරිපත් වූ බොහෝ අපේක්ෂකයන් මහින්ද රජපක්ෂ බලවේගය විසින් පරාජයට පත් කරනු ලැබීය. අවසානයේ පාර්ලිමේන්තු ප‍්‍රතිඑළය බරපතල වෙනසක් ඇති නොවුනි. දෙමළ ජාතික සංධානයේ සහාය රජයට නොලැබෙන්න ආණ්ඩුවක් ගොඩනැගීමත් අපහසු කාර්යයක් විය හැකිව තිබුනි.

මෙම කටුක යථාර්ථය තුළ ආණ්ඩුව තහවුරු කිරීමත් මහින්ද රෙජීමයේ ශක්තිය දුර්වල කිරීමත් සදහා නැවතත් තාන්න මාන්න වරප‍්‍රසාද පිරිනමා රෙජීමය සමග සිටි පිරිසක් රජයට සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයාට සිදු විය. මෙම පිරිස අතර සිවිල් සමාජයේ දැඩි විවේචනයට හා පිළිකුලට පාත‍්‍ර වූ විශාල පිරිසක් නියෝජනය විය. එයත් සිවිල් සමාජ කළකිරීම නැවත උත්සන්න කිරීමක් විය.

මීට පෙර අලූත්පරපුර පහරදුන් පලාත් සභා මන්තී‍්‍රවරයාට ආසන සංවිධාක ධුරයක් ලබා දීමත් පසුගිය දා වීදියේ විරෝධයට පහරදුන් එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දුට ආසන සංවිධායක ධුරයක් ප‍්‍රධානය කිරීමත් නැවතත් සිවිල් සමාජය අවුල් කර තිබේ. මේවා කිසිවක් රැඩිකල් සිවිල් සමාජ දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව සිදු නොවිය යුතු සිද්ධි ලෙස සැලකිය හැක.

එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු විසින් වීදියේ විරෝධයට පහරදීමේ නඩුව හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයේ තවමත් විභාග වේ. ලබන දෙසැම්බර් 22 වන දිනට මෙම සිද්ධියට අවුරුදු දෙක සම්පුර්ණ වේ. මෙම නඩුව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් මෙම සිද්ධියේ දී ගුටි කෑ පාර්ශවය දරපු වෙහෙස මහන්සිය හා වැයකරපු මුදල් ප‍්‍රමාණයත්, අවසානයේ නඩුවෙන් ලැබිය හැකි ප‍්‍රතිපලයත් සංසන්දනය කිරීමත්, එමෙන්ම සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් අපට ගත හැකි ප‍්‍රායෝගික පියවරයක් ලෙසත් සලකමින් එරාජ් විසින් යෝජනා කළ සමතය සදහා අප විසින් සමාව ගැනීම හා කණගාටුව ප‍්‍රකාශ කිරීමත් සංකේතාත්මකව රුපියලක වන්දියක් පිරිනැමීම යන කාරනා උඩ අපි සමූහිකව එකගතවයකට පැමිණියෙමු.

සතුරාට සමාව පිරිනැමේ බෝධිසත්ව ගුණය අපට නුහුරු අත්දැකීමක් වුවත් අමාරුවෙන් හෝ හිත හදාගෙන අප එම තත්ත්වයට පත්වුයේ සිවිල් සමාජ න්‍යායපත‍්‍රයක් උඩ කි‍්‍රයාත්මක කිරීමට යන සංහිදියාව ගොඩනැගීමේ යන්ත‍්‍රණයට අපත් ප‍්‍රායෝගිකව මැදිහත්වීමක් මේ හරහා සිදු කළ යුතු නිසාය. මෙය සටන්කාමීන්ට හා රැඩිකල් වාදීන්ට අනුව ගොන් තකතීරු වැඩක් විය හැක. නමුත් අපි ඔහුට සමාව දෙන්නට තීරණය කළේය. සමාව ඉල්ලා සිටීමත් සමාව ලබාදීමත් අපට එතරම් හුරු පුරුදු දේවල් නොවේ. නමුත් අප එය අවංකව හා සත්භාවයෙන් සිදු කළෙමු. ඒ සංහිදියාව වෙත යන්නා වූ දොරටුව විවෘත කර ගැනීම සදහාය. අපේ කාර්යය මෙන්ම සංහිදියාව ගොඩනැගීම සදහා ගෙන යන්නා වූ රජයේ උත්සාහයද විටක ආසර්ථක වීමට පුලූවන. නමුත් අප ඒ සදහා අවංකව උත්සා කළ යුතුය. අපගේ එම උත්සාහයේ ප‍්‍රතිපල පසුගිය නඩුවාරයට සහභාගී බි‍්‍රටෝ සහ ජයතිලක බණ්ඩාර ඇතුලූ අය හම්බන්තොට මහේසත‍්‍රාත් අධිකරණ භූමියේ මිදුලේ දී අත්දැක තිබුනේය.

නව සංවිධායක තනතුරු ලබා දීම සම්බන්ධව කතා කළ මගේ මිත‍්‍රයෙක් අසා සිටියේ බලන්නකො හත්පොලේ ගාගන්නව නේ. මේ වගේ යක්කු නැතුව වෙන එවුන් නැද්ද මේ වට පත්කරන. තව  මිනිස්සු ඉදිරිපත්වෙන්නෙ නැද්ද යන්නයි. මම ඔහුට පවසා සිටියේ එරාජ් වැන්නන් පත්කළ පලමු අවස්ථාව මෙය නොවන බවයි. සැලකිල්ලෙන් බලන්නේ නම් එරාජ් වැන්නන් යහපාලන ආණ්ඩුව තුළ තවත් සොයා ගත හැකි බවත් මා ප‍්‍රකාශ කර සිටියාය. මෛතී‍්‍රපාල ජනාධිපති කරවීමට පෙර රජපක්ෂ රෙජීමයට එරෙහිව සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම සදහා ද අප කටයුතු කළ බව අමතක නොකළ යුතු බවත් මා විසින් ඔහුට ප‍්‍රකාශ කර සිටියාය.  


පිිලිප් දිසානායක  -  විධායක ලේකම් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය

-
  මෙලනි



2016-08-21
Advertisement

Find us on Facebook